Saturday, January 29, 2011
ආදරයේ වේදනාව....
හිමිදිරි පාන්දරම ඔලුවට පොල්ලකින් ගැහුවම තියෙන සනීපෙම ඇය මට අන්තිම පාරට කතා කරන කොට දැනුනේ මොන කරුමයකට ද කියලා හිතන්න කලින් මම බෝතලෙන් ෂොට් දෙකක් ගුඩුස් ගාලා දාගන්නකොට ම ඇස්දෙක අතර තිබ්බ හිඩැස මැද්දෙන් අතදාලා ඇදලා අරගෙන තොල් දෙක වේදනාවෙන් රතුවෙනකම්ම දුන්න හාදුව තව ඉස්සරහට පාවිච්චියට ගන්නවද කියලා හිතන කොටම මගේ ඉහ ඉද්දර පිහිටලා තියෙන නහර ඔක්කොම දඟලන්න ගන්න බව මට හිත පපුවට තට්ටුකර කරලා ඇන්ඩර්සන් අයියාගේ සුරංගනා කතාවල වීරය වගේ කියනකොටත් මම කල්පනාවට ගත්තේ මීට අවුරුදු පහකට කලියෙන් ආදරේ මොකද්ද කියලා ඉගෙන ගන්නත් කලියෙන් ආදරේ අඳුණගන්නත් ඉස්සර අපේ ආදරේ කරදරයකියි හිතපු ඒවැයේ ආදිනව තමා මාව බේබද්දෙක් කල එක ගැන.
Subscribe to:
Post Comments (Atom)
නියමයි මචං! නියමෙටම නියමයි! බේබදුකමට හේතු ගොඩයි!
ReplyDeleteසමහරවිට අවස්ථානුකූලව සාධාරණ ඇති.... සමහරු ඕක ගනවා සමහරු (මම ) ඕකට පවිච්චි කරන්නේ දුම.. අනේ මන්දා අපි ඔක්කොම එකම බෝට්ටුවෙ උන් නිසා දෙයක් කියන්න අමාරුයි...එත් එලට ලියල තියෙනවා
ReplyDeleteමේ තනි වාක්‍යයක්!!! මරු මචෝ මරු!!!
ReplyDeleteමේක සමහරවිට කොල්ලන්ට පොදු දෙයක් වෙන්න ඇති....මටත් ඔය දේම සිද්ධ වුනා............
ReplyDelete