Sunday, November 28, 2010

මම දැනගෙන හිටියා ඔයා බොරුකාරයෙක් කියලා

කෝ ඔයා උණ බට,උක් ගස් ගොඩාක් ගේනවා කිවුව නේද...?
අනේ රත්තරන්... අමතක උනා...
ඔයාට.... මං මග බලන් ඉන්නවා කියලා....?
දෙවියනේ..... ඔයා ඇරෙන්න හැමදෙයක්ම අමතක උනා
මට මුකුත්ම නැතිවට කමක් නෑ...
පොඩ්ඩක්වත් දුක හිතුනේ නැද්ද?
ඔයා ආවා මට ඒ ඇති...
ඔයා දන්නවනේ පැන්ඩෝ..... මං ඔයාට ජීවිතේට එක බොරුවක් කියලා නෑ
අපෝ.... මං නොදන්නා ඔයා... ඔයා කට ඇරියොත් කියන්නෙම බොරුමයි
ආදරේටනේ..... එහෙනම් දුවල ගිහින් බලන්න මං ඔයාට ගෙනාවේ මොනවද කියලා
පිස්සා.... මං දැනගෙන හිටිය ඔයා මහා බොරුකාරයෙක් කියලා.....
මං හැම තිස්සෙම හිතනවා කියලා..... දැන් වත් තේරුනාද?

[දෙයියනේ.... එකනේ කොච්චර අඩුපාඩු තිබ්බත් යන්න හිතනකොට මගේ හිත ගැස්සෙන්නේ.... මං නැති උනොත් මේ පිස්සා මැරෙයි...]

ලියා එව්වේ - මහේෂ් හශාන්ත සිල්වා. (http://asipiyakamahima.blogspot.com/)

14 comments:

  1. බොහොම ස්තුතුයි මගේ වචන 100 පල කලාට....
    ජය වේවා...!!

    ReplyDelete
  2. ahh ela ela adoo panda kawda ban???

    ReplyDelete
  3. මට හිතෙන විදිහට 'ඇනෝ' සහෝදරයා පැන්ඩා කියන්නෙ එක්තරා එක් විදිහක බොළඳ ප්‍රේමවන්තයෙක්.. ;)

    ReplyDelete
  4. ආදරේ උපරිමව දැනෙන සමහර වෙලාවට විතරක් ඔහොම දැනෙන බව සැබෑයි..!!!
    ලස්සනයි.. උණ බටයි උක් ගසුයි පැන්ඩයි කියන වචන තුන නම් මාවත කන්ෆුයිස් කලා..!

    තව ලියන්න සහෝ..!

    ReplyDelete
  5. I like that kind of surprises.but for me,a 'sorry I forgot' sentense was always genuine.no surprises afterwards :-(

    ReplyDelete
  6. ගෑණු ළමයි මේ පූලට ටෙඩීලට වගේම පැන්ඩලාටත් කැමති වෙලා නතර වෙලා නෑ වගේ නේ....

    ReplyDelete
  7. @ ලසිත් :
    ස්තුතියි ඔයාට...

    @ ඇනො :
    මෙතන පැන්ඩා කියන්නෙ....ලස්සන, අහිංසක ගෑණු ළමයෙක්ට එයාගේ පෙම්වතා ආදරේට කියන නමක්.....

    @ Dilan daDevil :
    වැරැද්ද ගන්න එපා ඩිලාන් පැන්ඩා කියන්නේ ගැණු ළමයට....පලවෙනි පේලිය ගැණු ළමය කියන එකක්...

    @ malee :
    ගොඩක් ස්තුතියි මලී...
    ඇත්තටම අපි කොච්චර සීරියස් හිතුවත්...අපේ ආදරේ තිබ්බ බොලද තැන් නේද අපිට වැඩිපුරම මතක...?

    ReplyDelete
  8. @ poppy :
    කොල්ලෝ ගොඩක් අසයි ඔය වගේ දේවල් කරන්න....ගොඩක් වෙලාවට ඔය වගේ අහිංසක විහිළු කරන්නේ ආදරේ වැඩි කමට...
    ඕව කරන්න ගිහින් වරදින වෙලාවලුත් නැතිව නෙවෙයි...

    @ h :
    එක නම් ඇත්ත සහෝ...අලි ලොකු කෙල්ලොත් පූල ටෙඩීලට වගේම පැන්ඩලාත් බදාගෙන නිදා ගන්න බව නම් මන් ඇස් දෙකෙන්ම දැකල තියෙනවා

    @ "සොඳුරු මිනිසා" :
    බොහොම ස්තුතියි සහෝ ඔයාටත්....

    ReplyDelete
  9. ආදරය කොච්චර බොලඳද කියලා හිතෙන්න මේ වගේ එකක් දකින්නම වෙනවා.. අපි කොච්චර දාර්ශනික කතා කිව්වත් ආදරය ඉස්සරහා කොච්චර ලාමකද..

    ReplyDelete
  10. මට මේ ලිංගෙ පොඩ්ඩක් ටැපලුනා...හැබැයි ඒ අක්කත් බොළඳ ලමයෙක් වෙන්න ඕනෙ ඔය අයියට ආදරේ කරන්නනම්... ;)

    ReplyDelete
  11. ඒකත් මාර ආතල් එකක්! මේකත් මාර ආතල් එකක්! සිරා!

    ReplyDelete
  12. @ ආගන්තුකයා | Stranger :
    එක නම් ඇත්ත සහෝ....ඒ ලාමක බවට උගත්කම බලපාන්නේ නෑ....
    වෙන අයට කියන්න බැරි තරම් පුංචි පුංචි දේවල් වලින් අපේ හිත් සතුටුවෙන තරම්....

    @ Dilan daDevil :
    අපි එහෙම හිතමුකෝ මලේ...
    ඔයත් ආදරේ කලොත් තේරෙයි...බොලද වෙන තරමට තමයි ආදරේ ලස්සන වෙන්න...

    @ මුචලින්ද :
    කරලා බලන්න සහෝ.....මේ වගේ පිස්සු වැඩ....
    ස්තුතියි....

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...