අනේ ඇයි අම්මේ
මනුසත්තු අලි ඇත්තුන්ට
මෙතරම් වෛර
කරන්නේ
අපේ කැළෑ එලිකරල
ඒ ඇත්තො
හේනක් පැලක්
අටවගෙන
වගා කරනව
තමයි........
ඒකකට පැනල
අලයක් බතලයක්
උගුල්ලන් කෑවෙ
ඒ අයගෙන්
පලිගන්නවත්
වගා පාලු කරන්නවත්
නෙමෙයි..........
ඉන්න බැරි
බඩගින්නටයි.........
මේ නියන් සායෙ
අපටයි කියා
ඒ හැටි කෑමක්
කොයිබින්
කියලද?........
අපේ අප්පච්චිල
ලොකු මාමල
වගේ
ඒ ඇත්තන්ට
දරුණු වෙන්න
මට හිතක්
නෑ අම්මෙ.........
ඒ අත්තොත්
පන කෙන්ද
ගැට ගහගන්නෙ
අමාරුවෙන් කියල
මම දන්නව........
බුදුන් සරණ ගිය
නාලගිරි වගේ
අපිත්
කවදා හරි
මේ සන්සාරෙන්
එගොඩ වෙන්න
ඕන.........
ඒත්,
මනුසත්තු
උන්ට ළමයි
නැති ගානට
හිතක් පපුවක්
නැතිවද,
මගේ සිඟිති
දළ දෙකට
මෙතරම්
කෑදර
අනේ ඇයි අම්මේ....
ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)
ගොඩක් ස්තූතියි one zero zero
ReplyDeleteඅනේ මන්ද සහෝ...
ReplyDeleteමේ ගැටුම ගැන හිතනකොට හැමදාම හිත රිදෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ....
මට මතක් වෙන්නේ පරිසරය ගැන පුංචි ඉන්දියානු ගෑනු ළමයෙක් ලියපු මේ පුංචි පද පේලිය...
" අන්තිම ගහත් කැපුව දාකට
අන්තිම මාළුවත් මැරුණ දාකට
අන්තිම ගඟත් හිදුනු දාකට
මිනිසුනේ නුබලාට හිතේවි....
සල්ලි කන්න බෑ කියලා....."
මම ලොකේ වැඩියෙන්ම කැමති සත්තු තුන්දෙනා අතරින් එකෙක් තමයි අලියා කියන්නේ.. ඉතිං මේ වගේ සටහනක් සීයටත් එකතු වෙච්චි එක නම් නියමයි..! මට සතුටුයි..! ඒත් ඉතිං මේ ගැටුම නම් කවදා කෙලවර වෙයිද දන්නේ නෑ,. මෙහෙම යද්දි ඉතිරි වෙන්නේ ගෙවල් වල ඉන්න අලි ටික විතරයි..!
ReplyDeleteමේ වගේ දේවල් හිතන සොදුරු මිනිසාගේ සිත නම් නියමයි!!!!
මේ ගැටළුවට නං හරි පිලිතුරක් හොයාගන්න ඇත්තටම අමාරුයි... සත්තුන්ගෙ වාසභූමි වල මිනිස්සු ගෙවල් හදන එකද වැරදි? නැත්තං මිනිස්සුන්ගෙ ඉඩම් වලට සත්තු පණින එකද? දෙපැත්තම සාධාරණයි... මිනිස්සුන්ටත් කරන්න දෙයක් නෑ... මොකද හේනක් කොටන්නනේ කැලේ එලි කරන්නේ... වෙන මෙනෙව කරන්නද? ඒක ඒ මිනිස්සුන්ගෙ ජීවනෝපාය. මොනව වුණත් අන්තිමේ සත්තු ටික ටික නැති වෙන එකයි වෙන්නේ..
ReplyDeleteමේක දිහා බලල තියෙන විධිය අපූරුයි! හසන්තගෙ කමෙන්ටුවත් නියමයි...
මිනිසා පරිසරයට අනුගත වන්නට නොහැකි වූ තැන පරිසරය ඔහුට අනුකූලව අනුගත කරන්නට පටන් ගති.. ඕක තමා කතාව... නියම සටහනක්...
ReplyDelete