නිශාගේ මලගෙදර ගිහින් ගෙදර එන්න බස් එකට නැගපු වෙලාවේ ඉඳන් මම කල්පනා ලෝකේ.
මම ආයේ අලුතෙන් ඉපදුනා වගේ මට දැනෙනේ ඇයි??
ඒක හරිම පුදුමයක් නෙමෙයිද?
විශේෂයෙන් නිස්සංක විජේකෝන්ගේ මරණයෙන් සරස්වතී මානවඩුට අලුත්ම ජීවිතයක්
ලැබුනා වෙන්නේ කොහොමද?
ඒත් ඒක එහෙම වෙලා.
නිශාගේ නිසල සිරුර දිහා බලාගෙන ඉන්නකොට මට හිතුනේම මගේ දවස හෙට නෙමෙයි කියලා මම කොහොමද කියන්නේ කියන එක.
"ලෝකයට තමන්ගේ යුතුකම් ඉටු නොකරන මිනිස්සු ජීවත් වුනත් මරුණා වගේ සතී " නිශාගේ වචන ඔව් මම අයුක්තියට විරුද්දව හඬ නගනවා. ඒකයි මගේ යුතුකම.
ඒ මම, අත්තම්මා, අයියා, අක්කලා, බෝ ගහ වත්තේ මිනිස්සු විතරක් නෙමේ හැමෝම වෙනුවෙන්.
මට හිතුනේ මම ආයේ අලුතෙන් ඉපදුනා කියලා.
ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)
අපි අපිවම මරාගෙන මැරෙන කන්'මේ රිසයිකල් සිස්ටම් එක වැඩ'''
ReplyDeleteනියමයී! මේ වලි යන කාලෙ කාලෝචිත රචනයක්! සතීට වෙන්නෙත් ඕකම තමයි!
ReplyDeleteඕකට මූලික හේතුව මානව දයාව කියන එකේ ඉර කොතනින්ද අඳින්නෙ කියන එක... අපි හැම දේකටම නිර්වචන හොයනවා ඒවාට ඉරි ගහනවා.. ඕක ඉතින් හැටි...
ReplyDeleteඅගා වැරදි පෝස්ට් එකට වගේ කමෙන්ට් එක දාලා තියෙන්නේ හික්ස්
ReplyDelete