ගොම්මනේ මූසලබව කපාගෙන නින්නාද දුන් ගාලු කුමාරියගේ විලාපය පැතිරුණු අන්ධකාරය කෙමෙන් කෙමෙන් ගිල ගත්තත්, ලය දැරූ වේදනා එලස මකන්නට නොහැකි බව මියැදෙන හිරුත්, දූවිලි දැරූ සුළඟත් ඇරෙන්නට දැන සිටියේ කැලෑ වැදුනු සිල්බර කොටන් කිහිපයකුත් පමණයි.
වියපත් සයුරේ ඉම සෙවූ නෙත්කොනින්, රූරා වැටෙන කඳුළු බිඳු ඔහේ ගලාවිත් වැලි මත වැටී බොඳවී ගියත්, ඇදුම් කන කම්මුලෙත් රිදුම් දෙන හදවතෙත්වූ වේදනා තව කල්පයක් වුව රැඳෙනු ඇතැයි ඇයට සිතුණි. "පොඩි එවුන් දෙන්නගෙම නාමෙන්.. මම මැරෙන්නෙ නෑ දෙයියනේ.. මට මැරෙන්න බෑ.."
උන් දැරූ කුස පුරා ඔහු වැර දරා දුන් පාපහරටත් වඩා නෙක වේදනා විඳින්නට ඒ කාන්තියම ඇගේ සරණම වේවායි ඔහේ ඇදී ගිය රුහුණු කුමාරියටත් හිතෙන්නැති..
ලියා එව්වේ - Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )
එක පංතියක් ප්‍රශ්නයක් මේවට විසඳුම කොහේ තියෙනවාද කාගේ ලඟ තියෙනවාද දන්නේ නෑ.. නියම සටහන..
ReplyDeleteගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගැන කථා කරන්නයි ඕනෑ වුනේ, හරියට ලියවිල නැද්ද කියලත් දැන්නම් මේ කථාව කියවද්දි මටම හිතෙනවා....නමුත් නුඹේ වචන ටිකට බොහෝමත්ම ස්තූතියි මිත්‍රයා....ජය..!
ReplyDeleteනියම සටහනක්!
ReplyDeleteමේ තත්පර කීපයකදි දැණෙන සිතිවිල්ල අවට පරිසරයට එකතු කරල ගලපල තියෙන විධිය නියමයි... ඒ වගේම මට තේරුණේ මේ කතාවෙම තියෙන්නෙ දෙබස් කොටස ඇරුණම වාක්‍ය 3යි...
සුපිරි!
"හ" කියන කම් මේකේ වාක්‍ය තුනයි තියෙන්නේ කියන එක නම් මීටර් උනේ නෑ..
ReplyDeleteකමෙන්ට් කරන්නත් පරක්කු උනේ මේකේ කියවෙන විදියට මේ පුද්ගලයා ජිවතුන් අතරද නැද්ද කියන එක මට මීටර් උනා මදි නිසයි..
දැන් හරි ඒක
කොහොම උනත් සංවේදී හොද නිර්මාණයක්!