Monday, November 8, 2010

ලේ නැති මස්..

මට අඩු නැතිව මස් රාත්තලම ඕනේ

ම්ම්ම්........... හොඳයි දෙන්නම්
හැබැයි එක ලේ බිංදුවක්වත් හලන්නේ නැතිව කපන්න ඕනේ
මොකද, ලේ වල අයිතිය මටයි

මොනවාද කියන්නේ?...........
ඒ කොහොමද එහෙම කරන්නේ?
ඒක කොහොමටවත් කරන්න බැහැ. ලේ හලන්නේ නැතුව මස් කපන්න?

ඒක මං දන්නේ නැහැ. එහෙනම් මස් රාත්තල ලැබෙන්නේ නැහැ.
(එදා: වැනීසියේ වෙළෙන්දා)

මට අඩු නැතිව මස් රාත්තලම ඕනේ

ම්ම්ම්........... හොඳයි දෙන්නම්

හැබැයි එක ලේ බිංදුවක්වත් හලන්නේ නැතිව කපන්න ඕනේ
මොකද, ලේ වල අයිතිය මටයි

මොනවාද කියන්නේ?...........
ඒ කොහොමද එහෙම කරන්නේ?
ඒක කොහොමටවත් කරන්න බැහැ. ලේ හලන්නේ නැතුව මස් කපන්න?

ඒක මං දන්නේ නැහැ. එහෙනම් මේ මාසේ පඩිය ලැබෙන්නේ නැහැ.
(අද: මනුස්සකම් වැනසීගිය වෙළෙන්දෝ)

ලියා එව්වේ - රන්දිල් (http://ranrandil.blogspot.com/)

5 comments:

  1. මම හිතුවෙ පාන් කියල?????

    ReplyDelete
  2. මේ වගේ අවස්ථා හැමෝටම උදාවෙලා ඇති. රස්සාව වෙනුවෙං කරන්න බැරි වැඩක් කරන්න සිද්ධ වීම.. රස්සාවල් කියන්නෙ එහෙම දේවල් තමයි! නියම සටහනක්!

    ReplyDelete
  3. ඕක ඉතින් මාකටිං එක්ක වෙන දෙයක්නෙ.. මොකද ඩිලිවරි නැත්නම් කම්පැනියට ලාභයක් නෑ.. ඉතින් කවුරුහරි ඉන්නවාද ලාභ ලබන්නෙ නැතුව ව්‍යාපාර කරන්න.. හැම දේම දැන් නම් සල්ලිවලට නියම වෙලා ඉවරයි.. දැන් පරමාදර්ශය කියන එක පොතට විතරක් සීමා වෙච්ච වචනයක් වෙලා.. ඔක්කොම සාපේක්ෂයි..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...