Thursday, November 18, 2010

දාර්ශනිකයාගේ ප්‍රේමය...

මේ ලෝකෙ කිසි දෙයක් මට අයිති නෑ. අඩු තරමෙ මාවවත්.

ඒත් ජීවත් වෙද්දි අපි එක එක දේවල් තාවකාලිකව අයිති කරගත්තෙ නැත්තං පවතින්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනව.

අයිතිය කියන අදහස ගැන මේ තරම් හිතලා වද වෙන්න අවශ්‍ය නොවුණත් දාර්ශනිකයෙක් කියන්නෙ හිතන මිනිහෙක්ට.

ඇත්තටම කිසි දෙයක් අයිති නැති දාර්ශනිකයෙක් සමාජය තුල පවත්වන්නෙ අයිතිය කියන වචනය.

දේවල් අයිති කරගන්න ඕන නැතත් අයිතිය කියන්නෙ එහෙම එකක්....

වෙන කෙනෙක් එක්ක ජීවිතේ බෙදාගැනීමෙදි කරන්න වෙන කැපකිරීම් අවම කරල නිදහස නිදහස විධියටම ලබන්න කියල ළං කරගත්තු පෙම්වතියත් මගේ නෙවෙයි.

ඒත් ඈ එක්ක කතා කරද්දි අඩු තරමෙ ඔයා මගේමයි කියල කියන්න වෙනව.

ආදරේ කියන්නෙ එහෙම එකක්....

තවත් වචනයක්....!

ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

5 comments:

  1. හෙහෙ..ඇත්ත තමයි.
    ප්‍රේමයේ පැවැත්ම සහ ඒ තුලින් තමන්ගෙ පැවැත්ම තහවුරු කරගනිද්දි ප්‍රේමයටම අදාල යම්කිසි විශේෂිත දේවල් කීපයක් හා අවම වශයෙන් හරි අපට එකඟ වෙන්න සිද්ද වෙනව.අපේ මතවාද හා කොච්චර ගැටුනත්.

    ReplyDelete
  2. ඒකට කියන්නේ කැපකිරීම කියලා මම හිතන්නේ.. කැපකිරීමක් වෙනවා කියන්නේ එතන නොගැලපීමක් තියෙනවා.. ඒත් කැපකිරීමක් නැති ජීවිතයක් තියෙන්නත් බෑ. අවසාන නිගමනය ජීවිතය 100% සැටිස්ෆයි කරගන්න බැරි එකක් කියන එක තමායි..

    ReplyDelete
  3. ආදරේ ප්‍රේමය ඇතුළු‍ බොහෝ සම්බන්දකම් ජිවිතේ ශේප් න්‍යායෙන් අරගෙන යන්න තියන එක්තරා ආකාරයක මරසියක් නිසා අවුලක් නෑ..

    අපේ ජිවිත ඇතුලේ මරණය කියන සාධකය වත් අපිට අපිට අයිති නැති එකේ කොයිවෙලේ නැතිවෙයිද කියලා ෂුවර් නැති ජිවිතේට අපි අයිති කරගන්න දේවල් ගොඩගහ ගන්න එක නම් මාර පුදුමයි..!

    ReplyDelete
  4. එක අවස්ථාවකදි ජීවත්වීමම මහම මහ කපටි වැඩක්, ජීවත්වෙන්නත් කැප වෙන්න වෙනව. එතනදි ජීවිතේ එක්කත් අපේ ගැලපීමක් නෑ...

    ආදරේ ගැන කවර කතාද? ලියුං කවර තමයි!

    ReplyDelete
  5. ජීවිත කාලය කියන දේත් අපිට පාලනය කරන්න නොලැබෙද්දි අපි අපේ කියල සමහරක් දේවල් පුද්ගලයන් පාලනය කරන්න යනව ... පුදුම විකාරයක් නේද

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...