Tuesday, November 2, 2010

වචන 100 වෙත පළමු ලිපිය

මගේ යාලුවේ,

ලෝකය නැමැති බෝඩිමේ ඔබත් ලියන මමත් තාවකාලික ලැගුම් කරුවන් බවද එය යථාර්තය බවද වටහාගන්න.

මිතු දමෙන් මහ මගට..!

ජීවිතේ සැලකිය යුතු කාලයක් බෝඩිමේ ගතකල මට සෑම කාලය තුලම යාලුවෝ,
නෑ මම මෙහෙම කියන්නම් මගේ සෙට් එක තමයි මගේ ජීවිතේ...

ඒත්,

වැල පැටලුන ගැටලු තුලින් සිනාසී
ජීවිතය දකින්නට
තනිවූ විටක මට
සහෝදර සබැදියාව දෙන්නට
සිටියේ උඔයි මගේ යාලුවේ...
එදා මම උඔ තුලින්
මගේ ලෝකය දැක්කා
එදා මට කප්‍ රුක
අරුමයක් වුනේ නැහැ
අද උඔ නෑ...
හිත කියන මිරිගු බදුන
අද හිස් වෙලා
හිස් බදුන අත දරාන
මං මහ මග තනිවෙලා


යාලුවේ,
බෝඩිං ජීවිතේ තාවකාලික බවද,
උඔ මට පසක් කලේ?

ලියා එව්වේ - බෝඩිං (http://bordingkaraya.blogspot.com/)

5 comments:

  1. බෝඩිමේ තවත් එලකිරි නිර්මාණයක්

    ජය වේවා!!!!!

    ReplyDelete
  2. නියමයි..!! ඇත්ත කතාව.. හැමවෙලේම හැම තැනම අපිට ඕන හැම වෙලාවකම හැමෝම අපි ලඟ නෑ..!
    ‍ඒකට මූණ දෙන්න අමාරු උනත් ඇත්ත ඒකයි..
    තව දිගටම සී‍යේ එව්වා ගොඩක් ලියන්න...! සුභ පැතුම්..!

    ReplyDelete
  3. වංචාසහගත, ඊරිෂියාකාර නෑයන් පිරිවරා ඉන්නා කෙනෙකුට වඩා, එකට මැරෙන්න බොක්කෙන් ඉන්න යහළුවන් පිරිසක් පිරිවරා ඉන්නා ඔබ එක් අතකට සැබෑ වාසනාවන්තයෙක් යැයි මට හැ‍ඟේ...
    අපේ සහෝදර බොඩිංකාරයාගේ ප්‍රථම "සියක් අදහසට" උණුසුම් සුභ පැතුම්...!

    ReplyDelete
  4. බෝඩිමක් කියන්නෙ ඉතිං අපි දන්න හුරු පුරුදු අය වෙනුවට වෙනමම කට්ටියක් එකතු වෙන තැනක්නේ... පස්සෙ එයාල හොඳටම සෙට් වෙන තැනක්... ඒක වෙනමම කතා ගොඩක් තියෙන තැනක්... ඒත් සදාකාලික නෑ... කරන්න දේකුත් නෑ...

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...