පසුගිය වසර දහයටම ඇය වෙනස්වී ඇත්නම් ඒ මද වශයෙනි. ඒ වෙනසිනුත් අඩකට වගකිව යුත්තේ ඇගේ සිරුර පුරා ගල්වා තිබූ කලු සායමයි.
ඈ එකල මගේ දුගී පෙම්වතිය විය.
දැන් ඈ ගල් පිළිමයකි.
කුඩා කොලු රැලක් ඈ වටකරගෙන ඈට විසුලු කරමින් හිදිති. ඈ හිනස්සා ත්‍යාගය දිනාගන්නට උන් අසමත්ය.
මදක් පැකිලෙමින් මම ඇයට පෙනෙන සේ ඈ ඉදිරියෙන් සිටගනිමි....ඇගේ සිරුර මෙන්ම දෙනෙත්ද නිශ්චලය.. එහෙත් ඇය මා නොහදුනනවා විය නොහැක.
කාලය ගතවයයි..... ඈ තවම නිශ්චලය.
අතීතයේ දිනක් සිතින් ස්පර්ෂ කරමින් මම යන්නට හැරෙමි.
එදා ඈ සිටියේ හැඬීමට ළංව නමුත් නොහඬමින් වග හදිසියේම මට සිහිපත්වේ.
ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)
කතාවේ තේරුම මට එතරම් පැහැදිලි නැත්තේ මං කතාව අල්ලන් ඉන්න තැන වැරදි හින්දද නැත්ද කියන්න දන්නේ නැති උනත්..
ReplyDeleteකතාව කියවද්දි මම කැමතිම භාෂා ශෛලයකින් මේ වචන සීය ලියවිලා තිබීම නම් මරු!
පරණ ගෑණු ළමයව දක්න පෙම්වතෙක්! ඇය දැන් ලෝකයට අසංවේදී වෙලා... ඇයගේ ප්‍රේමය දැන් පිටට ලැබෙන්නෙත් නැති වෙලා... ඒත් ඇත්තටම ඇයට ඕන කලේ ගල් වෙන්නද? ෂුවර් නෑ...
ReplyDeleteහැමදාම වගේ නියමයි!
මට නම් දෙක තුනක්ම හිතුනා ඒ තුනම වෙන්නත් පූළුවන්.. නැත්නම් වෙනම එකක් වෙන්නත් පුළුවන් කොහෙන්හරි ඇල්ලුවොත් අහුවෙයි.. මාත් තැන් තුන හතරකින් බැලුවා.. අහුවුනේ එක එක පාරවල්.. මරු මරු...
ReplyDeleteමට හිතෙන්නෙත් තමාගේ කුරිරු හැරදැමීමත් හඬන්න ආසන්නව නමුත් නොහඬා ඉවසා සිටි දුගී පෙම්වතියගේ මතකය තමාගේ හිතේම ගල් වෙලා තියෙන බව බොහෝ කල් ගිහින් දකින පෙම්වතෙක්ව . . . අපි ඉවසලා ඉඳිමු රේවන් ම පහැදිලි කරනකම් . . . කියවන අපිට ඒ පත්ත මේ පැත්ත හරෝ හරෝ කියවන්න පුලුවන් වර්ගයේ අපූරු ලිපියක්. . .
ReplyDeleteබොහොම ස්තූතියි ලිපිය පලකලාටත් අදහස් දැක්වීම් වලටත්.
ReplyDeleteමේකෙ මතුපිටින් දිවෙන කතාව නම් ජීවිකාව උදෙසා සැණකෙළියක ගල්පිලිමයකට රඟන තරුණියක් සහ කලකට පෙර ඇගේ පෙම්වතාව සිටි තරුණයාගේ හමුවීම.
ඒ අවස්ථාව සහ වටපිටාවත් එක්ක ඒ දෙන්නාගේ අතීතය සහ වර්තමානය දිහා බලන්න පාරවල් කීපයක් විවර කරන්න ගත්ත උත්සාහයක් මේක.
නිර්මාණය දිහා මේ මේ විදිහට බලන්න කියලා කියන එක එච්චර සාර්ථක නැහැ කියන එකයි මගේ අදහස.
කොහොම නමුත් මම මතු කරන්න උත්සාහ කරපු දේ හරේගේ අදහස් දැක්වීමට වඩාත් සමීපයි.
මම නම් මේ සිදුවීම අතහැරල සංකේත වලින් රේවන්ව තේරුම් ගන්න උත්සාහ කරන නිසා මම හිතුවෙ නෑ ඇත්ත සැණකෙලියක් ගැන... නමුත් අර කොළු රැලේ උපමාව සෑහෙන්න වදිනවා කතාවෙ අන්තර්ගතේට! අපි අතරමං වෙන්නෙ අර අන්තිම වාක්‍යයේ කියන "නොහඬමින් වග" කියන කොටසත් එක්ක. නමුත් අපිට හිතන්න පුළුවන් ඇය ගල් වුණේ ඒ මොහොතෙදි කියල...
ReplyDelete