Monday, November 22, 2010

පැතිරීම......

විදේශ ගතව ‍රැකියාව කරන පුතු මවට දුරකථනයෙන් අමතයි.

පුතා:- අම්මා මට [හිස්තැනක්] හැදුනා.

මව:- (මොහොතක් කල්පනා කර)
අනේ පුතේ ගෙදරනම් එන්න එපා.

පුතා:- ඒ මොකෝ අම්මේ.

මව:- එපා කියන්නේ හැමෝගෙම හොදට මයෙ පුතේ.

පුතා:- ඒ කියන්නේ.

මව:- (නැවතත් කල්පනා කර)... උඹ ගෙදර ආවොත් ඕක උඹේ ගැනිටත් බෝ වෙයි. ගැනිගෙන් උඹේ මල්ලිට, මල්ලිගෙන් ගෙදර වැඩකාරිට, ඒකිගෙන් බොගේ තාත්තට, බොගේ තාත්තගෙන් මගේ නංගිට. මගේ නංගිගෙන් ඒකිගේ මිනිහට. උගෙන් මට. මගෙන් වත්තේ වැඩ කරන කොලුවට. උගෙන් උඹගේ නංගිට. අපෝයියි..... උඹේ නංගිට ඕක හැදුනා කියන්නේ. මුලු ගමටම හැදුනා වගේ තමයි......

ඒ නිසා මගේ බුදු පුතේ දෙයියන්ගේ නාමෙට උඹ ඔහේටම වෙලා හිටපන්. ගෙදරනම් එන්න එපා.........

ලියා එව්වේ - හසිත මදුශංක

15 comments:

  1. මචං හිනා වුනාට පස්සේ "උඹ මේක වැරදියට තේරුම් අරං" කියල කියන්න එපා!!!!

    ඒක නිසා හිනා වෙන්නම් නේද :D :D :D

    ReplyDelete
  2. මම මේ කථාව කලින් කියවල තියෙනවා යාලුවෙක් මත එවපු ඉමේල් එකකින්...
    එදා හිනා ගිය නිසා අද නම් වැඩීය හිනා ගියෙ නෑ...
    මොනවා උනත් අම්මා හැම සම්බන්දයක් ගැනම දැනගෙන, හිතේ තියගෙන ඉදල තියෙනවා නොවැ....

    ReplyDelete
  3. නියමයි තමයි... බලාගෙන යනකොට හරිම විවෘත පවුලක් නේද... ෂුවර් එකටම ලතින් ඇමරිකන් රටක් වෙන්න ඇති...

    මටත් හසන්ත කිව්වට පස්සෙයි මීටර් වුණේ මේක කලින් මේල් එකකින් කියෙව්ව නේද කියල... ඒ වුණාට සිංහලෙන් රසය වෙනස්නේ... ආයෙ හිනා වුණා....

    ReplyDelete
  4. මෙක්සිකන් වගේ පවුලක සීන් එකක් වගේ මටත් දැනුනේ . . හික්ස්

    ReplyDelete
  5. ඒ කියන්නේ මේවා මෙහෙම වෙනවා කියලා හැමෝම දන්නවා සද්ද් නැතුව හිටියට :-D

    (මේක ඊමේල් එකක තිබ්බ එකක් කියලා ලිපිය එවපු හසිත මදුශංක කියලා තිබුනා.)

    ReplyDelete
  6. හික් මරු මරු.. හොදට හිනා ගියා මේක කියවලා නම්..!

    ReplyDelete
  7. පවුලෙ හැම එකාම නෙට්වර්ක් කරගෙන, එකකට වයිරස් ආව හැටියෙ "කැස්පා" ඒක අල්ලපු හැටි තමා පට්ට. නියම කථාව

    ReplyDelete
  8. මමත් මේක කළින් අහල තියෙනවා. හැබැයි ඒකේ නම් තිබ්බේ ප්‍රේමදාස මහත්මයාගේ පවුල් ගැන. mhasantha ගෙ අදහස වටිනවා. උඩින් හිනා වෙන්න තිබ්බට, සමහරවිට ලියපු කෙනත් අදහස් කළේ ඒ වගේ දෙයක්ද දන්නෙ නෑ.

    ReplyDelete
  9. ප්‍රතිචාර දැක්වූ හැම දෙනාටම ගොඩාක් ස්තුතියි. මම හිතුවේ නෑ මේ ලිපිය පල වෙයි කියලා. සීය ගනන් කරලා පල කරපූ "ම" ට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. ඉදිරියේදිත් හොද නිර්මාන එවන්නම්කෝ. හැම දෙනාටම ජයෙන් ජය...

    ReplyDelete
  10. @ Thilina Madhushankha :
    ගොඩක් ස්තුතියි සහෝදරයා.....!!
    ලියපු කෙනා එච්චර හිතල නෑ වගෙයි පේන්නේ...
    එත් මේකේ ගැඹුරු සමාජ යථාර්තයකුත් තියෙනවා නොවැ....

    @ හසිත මදුශංක :
    අපි කලින් ඉංග්‍රීසියෙන් කියවල තිබ්බත් මේක සිංහලෙන් ලියල එවුව එක ගොඩාක් වටිනවා යාලුවේ....
    ගොඩක් ආසාවෙන් කියවන අය ඉන්න බව පේනවනේ...
    ඉතින් ජය වේවා...!!

    ReplyDelete
  11. he he hariyata AHARA DHAMAYAK wage he he he

    ReplyDelete
  12. noughty latina [ද?]එහෙම නැතිනම් chain reaction [ද?] හික්ස්..! මරු ලිවිල්ල..!

    ReplyDelete
  13. එලමැයි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...