එළියට බහින්න
අහස පොඩ්ඩක් බලන්න
මතක් කරන්න
අන්තිමටම අහස
ඕන කමින්
බැලුවෙ කවද්ද
කියලා
අපි අපිත්
නොදැනම යන්ත්‍ර
වෙලා නෙ
ඉර නගිනවා
ඉර බහිනවා
මල් පිපෙනවා
සමනල්ලු පියාඹනව
මේව බලන්න
කෝ අපිට
වෙලාවක්
අයියෝ ඕව බැලුව
කියල
අපිට ඇත් ඵලේ
මොකක්ද?
පොඩ්ඩක් හිතන්න
මේ අපේ හිතමද
කියල
හ්ම්.......
ඇත්ත නේද
ඒත් ඒක
හිතන්නත්
වෙලාවක්
කොහෙද?
අපි අපිත්
නොදැනම
ලොකු මිනිස්සු
වෙලා නෙ
අපිට අහිමි වුණු
අපේම කියල
කාලයක්
තිබුනද වත්
මතක නෑනෙ
ඒ කාලෙ
කොච්චර ලස්සනද
කොච්චර සුන්දරද
ආයෙත් ඒ කාලෙට
යන්න පුලුවන්නම්
කොච්චර නිදහසක්
තිබුනද
හිතේ මොලෝ බරක් නෑ
හිතෙනකොට නිකම්ම
සුසුමක් මුවින්
පිටාවෙනව නේද
ඒ අපේම
ජීවිතේ නිසයි
මොනවා කරන්නද දෙයියනේ....!!
ReplyDeleteමේක කියවල තව පාරක් හූල්ලනවා ඇරෙන්න....
ඒ ජීවිතේ අයෙත් එන එකක් නෑ...කවදාවත්....
හිතට දැනෙන අමතක කරන්න බැරි නිතර කතා නොවන සැබෑ ජීවිතය, "සියක් අදහසින්" ගෙත්තම් කල සොදුරු මිනිසාට උණුසුම් සුභ පැතුම්..
ReplyDeleteඅන්තිමේ අපට කරන්න වෙන්නෙ මෙහෙම සටහනකින්වත් අතීතේ මතක් කරගන්න... අර කිව්ව වගේ සුසුමක් හෙලන්න... මේක සදාකාලිත තියරියක්.... ගැලවිල්ලක් නෑ...
ReplyDeleteනියමයි ලිවිල්ල... :D
නැවත මේ එන්නේ රදල වැඩවසම් යුගයක්.. ඒකට අපි ලෑස්ති වෙලා ඉන්න ඕනි.. කොහොම්ත් වහල් භාවය කියන එක පිලිගන්න වෙනවා...
ReplyDeleteඅජිත් ගේ අහස දිහා සිංදුව අහපු දවසෙත් මට ඔය වගේම සිතිවිලි ටිකක් ඔළුවට ආවා..! මොනවා උනත් හරිම දුකයි අපිට වෙමින් පවතින දේ ගැන හිතෙත්ති.. නොහිතා ඉන්න එක වඩා හොදයි වගේ..!
ReplyDelete@ මලී - නිවැරදි කිරීමක්! අහස දිහාවට කියන්නෙ අජිත් නෙවෙයි ස්කිට්සෝ... කොහොමත් දෙපැත්තම එක වගේනේ... :D
ReplyDeleteඔයාල ඔක්කොටම ගොඩක් ස්තූතියි ඔයාලගෙ අදහස් එකතු කලාට
ReplyDeleteනැවත අලුතින් විඳින්න උත්සාහ කරනවට වඩා "මොනව කරන්නද?" කියල හිතල හිත හදාගන්න එක ලේසි වෙලයි තියෙන්න.
ReplyDeleteනියමයි මචන්.