Monday, November 15, 2010

Anonymous

ජීවිතේ ඇතුලෙ පෙනී ඉන්න එක එපා වෙන තරම් අමාරු වැඩක්.

කරන කියන හැම වැඩකින්ම මං ගැන මිනිස්සු දැනගන්නව. මිනිස්සු මාව අඳුණගන්නව. මම මිනිස්සු අතරට යනව. මගේම කියල චරිතයක් ටිකෙන් ටික වර්ධනය වෙනව.

මම කරන දේවල් එක්ක මට වගකීමක් දැණෙනව.

ජීවිතේට වගකියන්න වෙන එක කොයි තරම් අමාරු වැඩක්ද?

අඩු තරමෙ මම දරණ මතවාද අනිත් අයගෙ ඒවත් එක්ක නොගැටී මට විතරක් තියාගන්න පුළුවන් නම්...

ඔබ කියයි එතකොට මට පැවැත්මක් නෑ කියල...

ඔව්...

ඒ නිසා මගේ මතවාද මගේ චරිතයට හානියක් නොවී අනිත් අයට කියන්න පුළුවන් නම්...

සමාජයෙ ඒකට ක්‍රමයක් නැද්ද...

මට රඟපාන්න පුළුවන්...!

එහෙම නැතුව සයිබර් ලෝකෙ වගේ ඇත්ත සමාජයෙ ඇනොනිමස් වෙන්න බෑ...

ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

8 comments:

  1. සයිබර් ලෝකේ ආයි ඇනෝනිමස් වෙන්න තියෙනවනම් කියලා මට දැන් හිතෙනවා :-)

    ReplyDelete
  2. ශික්!!!

    එහෙම ක්‍රමයක් තිබුනා නම්..!

    මට දැන් හැබැ ලොකෙයි සයිබර් ලෝකෙ‍යි දෙකම ‍එපා වෙලා හලො!

    ReplyDelete
  3. අන්න මේ අදහස නම් මට දහස් වාරයක් හිතිලා තියෙනවා. රඟපාන එක තමයි තෝරගෙන තියෙන්නේ.

    ReplyDelete
  4. මෙහෙම එකක් තියෙනවා... සැබෑ මම කියන පුද්ගලයා එලියට එන්නේ එතනින්.. වෙන නමකින් අපි කරන්නේ රඟපෑමක් කොහොමත් අපි ඇත්ත නමිනුත් කරන්නේ රඟපෑමක්.. ඔය හැම දේකෙන්ම වෙන්නෙ සැබෑ මම සෙවීම... ඒත් ඒක කාටවත් කවදාවත් හම්බවෙන්නෙ නෑ..

    ReplyDelete
  5. දැනුවත්ව හා නොදැනුවත්ව බොහෝ දේ අලවාගමින් සහ හලාගමින්. උත්සාහ කරමින් යන ගමනක් මේක.
    එක අතකට රගපෑම කියන එක සමාජය එක්ක විතරක් නෙමෙයි තමා තමන් සමගත් කරන එකක්.
    මම කියන දේට එකතු උන සහ ඉන් ඉවත් උන දේවල් සොයාගත්ත දවසක උනත් සෑබෑ මම හම්බුවෙයිද?

    ReplyDelete
  6. සැබෑ මම කියන්නෙ මගෙනුත් හැංගුණ කෙනෙක්! එලඹෙන මොහොතෙ සිදුවෙන සිදුවීමෙදි මම ගන්න තීරණය මට මේ මොහොතෙදි හිතාගන්නවත් බැරි නිසා "මම මේ වගේය" කියල හදාගෙන ඉන්න ස්ටෑන්ඩඩ් එක බොරුවක්. හරිහමන් මනුස්සයෙක්ගෙ ඔය කියන ස්ටෑන්ඩඩ් එක නිරන්තරයෙන් බිඳවැටෙමින් ගොඩනැගෙන එකක්!

    ඒත් අපි සමාජයේ ගැවසෙන්න කැමති රටාවක් තියෙනව. ඒක කාලෙක ඉඳන් අපි පුරුදු කරගන්න රටාවක්. ජීවිතේ එදිනෙදා වෙන වෙනස්කම් වලදි ඔය රටාවට පිටින් වැඩ කරන්න වෙනවනෙ අපිට... එතනදි තමයි ඔය රඟපෑමේ උවමනාව ඇතිවෙන්නේ...

    ReplyDelete
  7. නියමයි මචං ඇත්තටම සැබෑ මම කියන එකාව කවදාවත් අපිට හොයාගන්න බෑ.. අපි කවුරු කවුරුත් ඒක හොයන අරගලයක ඉන්නවා.. ඒත් මිනිහෙක් වුනාම හැමවෙලේම තමන් එක්ක තමන් කවුද කියන අරගලයේ ඉන්න ඕනි.. නැත්නම් වැඩක් නෑ... ඒකත් මට හිතෙන හැටි..

    ReplyDelete
  8. හි.. හි... ඔය අරගලයට වඩා දේවල් කරන්ට තියෙනවනේ දැන් අපට!

    අර සොෆීගේ ලෝකය කියවල ඇතිනෙ නේද?

    http://goo.gl/hUn30

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...