Sunday, May 1, 2011

මැයි පලවනදා

මාකස් අංකල් රතුපාට කමිසය ඇඳගෙන එළියට බැස්සා. අපේ තාත්තත් කලින්දා හෝදල මැදපු රතු කමිසෙ බොත්තම් දාගන්න අතරෙ මාකස් අංකල්ට එකතු වුණා.

මම කඩිමුඩියේ අම්මා බැඳල තිවුණ බත් එකත් අරගෙන පය ඉක්මන් කලා. නිවාඩු දවසක් කියල බස් දුවන්නැතුව පුළුවනෑ. විල්සන් අයිය දැනටමත් බස් එක අතුගාන්න අරන් ඇති.

වත්තෙ මුඩුක්කු අස්සෙන් එකා දෙන්න කුණු කරත්ත තල්ලු කරගෙන ටවුම පැත්තට යනව. නිවාඩු කියල මිනිස්සු කුණු පාරට නොදා තියෙයිද? ඒ මදිවට අද රැස්වීම් වලදි පට්ට කුණු ගොඩක් එකතු වෙයි.

වත්තෙ කෑල්ල රීට ඇන්ටිට කවුද විහිළුවක් කරලද කොහෙද ගෙයි දොර මුළ ඉඳන් අඬනව.

ඇයි රීටැන්ටි?

අද බිස්නස් නැතිවෙයි බං.

ඒ ඇයි?

යකෝ අද මැයි පලවනදා.



ලියා එව්වේ - රජී (http://rajisometimes.blogspot.com/)

8 comments:

  1. /මුඩුක්කු අස්සෙන් එකා දෙන්න කුණු කරත්ත තල්ලු කරගෙන ටවුම පැත්තට යනව. නිවාඩු කියල මිනිස්සු කුණු පාරට නොදා තියෙයිද? ඒ මදිවට අද රැස්වීම් වලදි පට්ට කුණු ගොඩක් එකතු වෙයි/

    සුපිරි 100

    ReplyDelete
  2. රීට ඇන්ටි අඬන එකයි මැයි පළවෙනිදයි එකට එක්කහු කල විදිය පට්ටම පට්ට ගති..!! සුභ පැතුම් රජී..! තව ලියන්න.! ජය!

    ReplyDelete
  3. හැමදාම වගේ
    පක්ෂයට ජයවෙයි..කම්කරුවාට කෙලවෙයි !

    ReplyDelete
  4. මේකෙ තියෙන්නෙ ජනාකීර්ණ නගරයක පොඩි මුඩුක්කු වගේ පරිසරයක කතාවක් වෙන්න ඕන. එක කතාවක් වුණාට ඒ ඇතුලෙ කතා ගොඩක් එක්ක විහිලුත් දාල නේ.... නියමයි රජී!

    ReplyDelete
  5. රීට ඇන්ටි දුක් වෙන එක හරි තමා . . . . . අද මැයි පලවනදා . . . කියන්නෙ ලෝක කාන්තා ශෝක දිනය නෙව . . . .

    ReplyDelete
  6. රීටා පවු නේ, රතු කොඩිය දාල වගේ.
    පට්ට ගැලපීම

    ReplyDelete
  7. හරිම අපුරුයි.. ඇත්තටම දහසක් අදහස් කැටිකරල තියෙනව.

    ReplyDelete
  8. මැයි පලවනදා... ආඩම්බරෙන් කියන්න ඕන දෙයියන්ගේ පිහිටෙන් මට නම් එහෙම දවසක් අද වෙනකල් ඇවිල්ලා නෑ

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...