අපි දෙන්නා හැදුව සිහින මාලිගාව බිඳිලා යන්න ගියේ තත්පර කීයද?
ඔයාගේ ඔය සීතල අත්දෙක මගේ මුහුණට තියලා තද කරගන්ත ඒ තත්පර විස්ස තිහ මට මාව කවුද කියලා අමතක කෙරෙව්වා. රත්තරන් මම ඔයාට ආදරේ ඒක නිසා.
ඒක හරිම පූජනීයයි.
මුහුණට වැටිලා හුළඟේ ඔහේ පාවෙලා යන දඟකාර කෙහෙරැල්ල දිහා බලාගෙන මට ශතවර්ෂ ගානක් ගෙවන්න පුළුවන්. මගේ දඟකාරි ලඟ මගේ හිත නතර වෙලා. ඔයත් එක්ක අත් අල්ලගෙන සිරීපාදෙ නගින්න. පේරාදෙනිය මල්වත්තේ ඇවිදින්න. ඔය උකුල උඩ ඔළුව තියාගෙන ඇස්දෙක පියාගෙන ඉන්න. මම තාමත් පෙරුම් පුරනවා.
මගේ ජීවිතේ තියෙන සතුට රැඳිලා තියෙන අංශු මාත්‍රයම තියෙන්නේ ඔයාගේ ලඟ.
තාමත් මගේ රත්තරන්ට මම ආදරේ මගේ පණටත් වඩා...
ලියා එව්වේ - බ්ලොග්කාරයා (http://asinhalablogger.blogspot.com/)
ඇයි මම නංගි කෙනෙක් නොවුණේ?
ReplyDelete