ගලාගෙන යද්දි ජීවිතය
සිදුවීම් එකින් එක
උදාවෙයි ආයෙමත්
ඊයේ දවස විඳි විලස මම
අද දවස විඳියි අනෙකෙකු
ඊයේ සිනාසී අද මා හඬන විට
අයෙක් සිනාසෙයි හෙට කඳුල බව නොදැන
ඊයේ මා පියනැගූ මාවතේ
රැව් නැගි ඇගේ සිනාව වෙනුවට
අද එහි පා තබන වෙනකකු හා
ඔහුගෙ පෙම්වතී සිනාසෙනු ඇසෙයි
මට උදාවූ අද දවස
හෙට උදාවෙනු ඇත නුඹට
ඉතින් මා දෙස බලා දැකගන්න
නුඹට උරුම හෙටින් බිඳක්
ජීවිතේ එකම එක ගමනක්
හැරෙනු නොහැකිය කිසිවිට
උදා වූ අද දින ගෙවා
යා යුතුයි හෙට දින වෙතට
අද දවස විමසන විට
පෙනෙයි නුඹෙ ඊයේ ලෙසින්
අද දින ගෙවන අයෙක්
මට වගේම නුඹට
-
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)
ලියා එව්වේ - hare :-) (http://living.hartstuff.com/)
විඩාබර අත් පා පිරිමැද
ReplyDeleteමග වැටි උනුන් ද අරගෙන
යායුතුය ඉදිරියට පිය මැන
ජීවන ගමන බෝ දුර