උඹ මේ ලෝකෙට ආපු දවසේ මට හිතුනේ දිව්‍යලෝකෙ පිපුණ මලක් මගේ අතට වැටුනා කියලා. අම්මගෙ වගේම වටකුරු කළු පාට උඹේ පුංචි ඇස් දිහා බලාගෙන හිටපු එක විනාඩියකට හිතෙන් මං උඹව උස් මහත් කරලා ඉස්කෝලෙ යවලා උඹ ආදරේ කරනවා කියලා මට පෙන්නපු හාදයට උඹව බන්දලා දෙන ලස්සන හීනයක් දැක්කා. උඹ බැඳලා මාව දාලා යන දුකට ඇස් වලට කඳුළුත් පිරුනා. අනේ එතකොටයි මතක් උනේ උඹ තාමත් ඉපදුන ගමන්ම මගේ අතේ නේද මේ ඉන්නේ කියලා. මගේ හිත ගිය දුරක්.
මට සමාවෙයන් දුවේ. මං උඹව රැවට්ටුවේ නෑ. මං තාමත් උඹ ළඟින්ම ඉන්නවා. උඹට ඒක නොදැණුනාට. මං දැකපු හීනෙ හැබෑ වෙනකල් මං මේ ලෝකෙන් පිටවෙන්නෑ.
ලියා එව්වේ - ෆා ද බ්ලොගී (http://bloggysdiary.blogspot.com)
අයියන්ඩී
ReplyDeleteචූටි දුවලා හරි හුරතල් නේද ??
ජය වේවා
එලද කියන්නෙ . . . මටත් මේ ලඟදි ඔහොම හිතුන . . .
ReplyDeleteෆා, එතරම් ආදරණීය පියවරු මව්වරු මේ ලෝකෙන් ගියත් දරුවන්ට සෙවන වෙනවා, ඒ සෙවන අවැසිතාක් කල් මේ දියැණියත් එක්ක රැඳිලා ඉඳීවි කියලා විශ්වාසයි.
ReplyDeleteඇස් වලට කඳුලක් නැගුනා නගේ.... මමත් දියණියන් දෙදෙනෙකුගේ පියෙකු නිසා....!
ReplyDeleteමගේ දුව ඉපදුන දවසෙත් මට ඔහොමම හිතුනා. ඒත් කවදා හරි දුවත් කැදැල්ලක් හදන්න ඕන. ඒක තමයි ලෝක ස්වභාවය. රිදුනත් හිත හදාගන්න බැරි වුනත්.......................................
ReplyDeleteෆා ගෙ තාත්තගෙ පැතුමක්ද?
ReplyDeleteසිහිනයකට වඩා යාවජීව ඇපකරයක් (lifelong bond) වගේ දැනුනා.
ReplyDeleteමටත් මගේ චූටි දූලා දෙන්නව මතක් වුනා.... හැබැයි ඉතිං කෙල්ලො වැඩියෙන් ආදරේ තාත්තට .......
ReplyDeleteඅපූරුයි, ඇත්තටම අපූරු සංකල්පනාවක්,
ReplyDelete@All
ReplyDeleteසියළු දෙනාටම ස්තූතියි මගේ වචන සීයේ කතාවට අදහසක් එකතු කරාට. මගේ තාත්තා මේ ලෝකෙන් සමුගත්තේ මට අවුරුදු 6දී. ඒත් මගේ තාත්තා තාමත් මං වටා සැරිසරනවා කියන හැඟීම මට හැම වෙලේම ප්‍රබලව දැනෙන් දෙයක්. ඒක ඇත්තක් නම් මගේ තාත්තා හිතනවා ඇත්තේ මේ විදියට කියලා මට හිතුනා..
Dear Father !
ReplyDeleteIndeed it is a Really love
Thanks lots