අපි බයිට් එකට ගත්තෙ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. ඒක මාර වර්සටයිල් කෑමක් කියල තමයි හැමෝම වගේ කිව්වෙ.
ජනිතය තාම පොඩි එකා හින්ද ඌ කරේ සෝස් බෝතලේ අරගෙන හැම එකාගෙම නම් වල මුල් අකුරු පිඟානෙ ඇඳපු එක.
වසන්තයට ඕකව කොහොමත් ඇල්ලුවෙ නෑ. ඌ අකුර උඩට සෝස් වක්කරල අකුර නැතිකරා. ජනිතයට ඇඬෙන්න වගේ. ඌ වසන්තයව තල්ලු කරා.
වසන්ත ගාව හිස් බෝතල් ගොඩක් තිබ්බ හින්ද ඌ කරේ බෝතලයක් අරගෙන ජනිතයගෙ ඔළුවට ගහපු එක. ජනිතය මේසෙත් පෙරලගෙන ලේ පෙරාගෙන බිමට වැටුණ. උගේ පිඟානෙ 'ජේ' අකුර ඌ එතකොටත් ඇඳල ඉවර කරල තිබුණෙ නෑ. බිම වැටිල තිබිච්ච පිඟන් වල සෝස් එක්ක උගේ ලේ මික්ස් වුණා. දෙකම රතු පාටයිනෙ.
ලියා එව්වේ - මලින්ත සමරකෝන් (http://www.malinthe.com/)
ෆ්‍රෙන්ච් ෆ්රයිස් කෑවට වැඩක් නෑ හැගීම් දැනීම් නැත්නම්....
ReplyDeleteහානේ මමනම් ගොඩේ... මන් ඔව්වා කාල නෑ සහෝ....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅනිවා මුගේ අත්දැකීමක් මේක.. :D
ReplyDelete