Thursday, May 26, 2011

පිනට වැඩ..

ඔයාට පිස්සුද?
ඇය මා දෙස බලා සිටියේ අමුතු සතෙක් දෙස බලා සිටින්නා සේය.
ඇයි?
ඇයි කියන්නේ? ඇයි එක එකාට පිනට වැඩකරලා දෙන්නේ? ඔයා ඔහොම ඉන්න ඕනි කෙනෙක්ද?
ඇය අනාගතය ගැන සිහින දකිමින් සිටියාය. ඇයගේ අනාගතයේ ෆුල්ඔප්ෂන් ගෙයක්, හොඳ ඉස්කෝලෙකට යන ලමයි දෙන්නෙක් මැරිමැරී ඉපදේ.
ඒක මගේ ආසාව. ඔයාට ඒක තේරුම් ගන්න බෑ. තමන් තෘප්තිමත් දේ කාටවත් කරන්න බෑ. අඩුගානේ මම ඒකට උත්සාහ කරනවා. 
ඇය මුහුද දෙස බලා සිටී. පරාජය පිලිගෙන සෙයකි.
දුරකථනය සාක්කුව තුල දෙදරයි.
අයියේ. හෙට වීඩියෝ Shoot එකක් තියෙනවා‍ පිලිමතලාවේ.
මම එන්නම්.. 
ආයි හම්බ කරලා දෙන්න යනවා නේද? ඔයා හැදෙන්නේ නෑ. 
ඇය දඟකාර සිනාවක් පා මගේ උරහිසට බරවිය..

ලියා එව්වේ - ආගන්තුකයා (http://ambarox.blogspot.com)

2 comments:

  1. ඔය සල්ලි නොබලා සහභාගි වෙන වැඩ තමයි මිනිහෙක් ආසම දේවල්. ඒව ගෑණුන්ට තේරෙන්නෙ ටිකක් අඩුවෙන් වෙන්න ඕන :D

    ReplyDelete
  2. අන්න හරි හරේ ලොකු අයියේ, හරියට නිකං බිත්ති වල චිත්‍ර අඳිනවා වගේ වැඩ! :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...