Monday, February 14, 2011

මම Vs ඌ

මචං
හ්ම්...
යමං දැන්
ම්හු..
යමං දැන් ඇති
ම්හු...
කොහොමට හිටපු එකෙක්ද උඹ.. අඩු ගානේ උඹ ඒකිගෙන් ඇහුවද..?
ම්හු..
කෙල්ල උඹට කැමැත්තෙන් හිටියද..?
හ්ම්..
ඒකි කිව්වද..?
නෑ බං, මට තේරුනා
ඇයි යකෝ උඹ ඇහුවේ නැත්තේ..?
උඹ දන්නවනේ..
අරූ නිසාද..?
හ්ම්..
ඌ කැමැත්ත ඇහුවට, ඒකි ඌට සින්න වෙනවද. ඇරත් ඒකි මුකුත් කියල නෑ..
ඒත් ඌ මගේ කව්ද කියලා උඹ දන්නවනේ.
හොඳම යාලුවා කියලා මැරෙන්නද..?
ඒකි ආයේ මාත් එක්ක කතා කරන එකක් නෑ බං.. මම එයාට බැන්න..
හේතුව..?
හේතුවක් නෑ...
ඒක තමයි අරූ කට කනේ තියං අවේ.. ඒකි ඌට හා කියලා
හ්ම්...
යමං යන්න
තව එක වීදුරුවයි..
දැන් ඇති යමං
උඹ පලයං...

ලියා එව්වේ - බූටා

4 comments:

  1. බිව්වම හරි යනවද යකෝ...වෙන එකක් බලාපන්...

    ReplyDelete
  2. මටනං නියමයි මේක. කිසිම විස්තරයක් නැතිව දෙබස් වලින් විතරක් ගේම දීල තියෙන්නේ... දිගටම ලියමු :D

    ReplyDelete
  3. සමහරක් ලොකු ප්රශ්න වලදි ඔය යාලුකම් නිසා කටවහගෙන ඉවසගෙන ඉන්න වෙනව ... ඒ ඒ ප්රශ්නෙට වඩා යාලුකම නැතිඋනොත් හිතට ලොකු ප්රශ්නයක් වෙන නිසා :(

    ReplyDelete
  4. හරේ සහෝදරයා සමඟ එකඟයි..!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...