Monday, February 21, 2011

එහෙදී සහ මෙහෙදී

සමහර අය අවුරුදු 10 - 12 පිටරට සිට ලංකාවට පැමිණෙයි. පසුව ලංකාව තරං සුන්දර රටක් නැතිය කියා මෙහේ සිටන අයට දේශනා දෙන අතරේ තමන් සිටි රට ගැන පොර ටෝක් දෙති. හරියට ඒ රටේ ඉපදුනාක් මෙනි. ඒ රටේ නං මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක වෙයි කියමින් මෙහේ කහ ඉර පෙනි පෙනී වෙනතැන් වලින් ඔහේ පාර පනියි. කහ ඉර මැදම තමන්ගේ වාහනය නවත්වයි. එහේදී නං බීලා වාහන එලෙව්වොත් සොරි ඩොට් කොම් කියමින් මෙහේදී කන සාක්කුවට වැටෙන තුරු බී වාහන එළවයි. එහේ නං පාරේ කුණු පොදක් වත් නෑ කියම්න් මෙහෙදී කන බොන සියළුම දේවල් වල කොල, පැකට්, කඩදාසි ඔහේ පාරට දමයි. ලංකාව මෙතරම් සමච්චල්ද?


ලියා එව්වේ - තිළිණ - (thilinabuwa.blogspot.com)

8 comments:

  1. Sahathika Aththa Machan....

    ReplyDelete
  2. උඹට මාතෘකාවට දාන්න තිබ්බේ "එහේ නම් මෙහෙම නෑ" කියලා. සිරා ලිපිය මචං!

    ReplyDelete
  3. සිරාම සිරා මචන්!!

    ReplyDelete
  4. මට මෙහෙම ඩයල් එකක් සෙට් වෙලා නම් නෑ... මම දන්න පිටරට හිටපු කීප දෙනෙක්ම මෙහෙදිත් ඒ වගේම තමයි. එයාල ලංකාව ගැන දුකින් ලංකාවෙ විධිය වෙනස් කරන්න ඕන කියල කතා කරන අය. අපි තමයි ඒකෙන් වැඩක් වෙයිද කියන අවිනිශ්චිත බවෙන් හිටියෙ.

    ඒ වුණාට රට ගිහින් ආපු ගොඩක් අයගෙ තත්ත්වෙ මේක බව මම කීප තැනකදිම අහල තියෙනවා...

    මේව ඇත්තටම අපි පුරුදු විධියටම කරන දේවල් වෙලානේ... පොඩි කාලෙ ඉඳන් හදාගන්න ඕන දේවල්...

    ReplyDelete
  5. ලියලා තියන අදහස නම් ඇත්තටම මරු..!!
    ඇත්ත..
    මේ ළගදි මාත් එක්ක ගිය යාළුවෙක් කොළයක් පාරේ දාලා
    ඔස්ට්‍රෙලියාවේ වගේ නම් මෙහෙම කලොත් දඩ තමයි කියලා ගියා යන්න.හැබැයි ඉතිං හොදම හරිය මේ යාළුවා රට තියා උඩරට වත් ගියපු කෙනෙක් නම් නෙවෙයි..
    මොනා කරන්නද එහෙම තමයි හැදිලා තියන හැටි.!

    ReplyDelete
  6. meka nam atthe. lankawe modayinge wada thamai

    ReplyDelete
  7. කතාව නම් සහතික ඇත්ත.

    ReplyDelete
  8. අවුරුදු 10 ක් විදෙස් ගතව සිටියත්..ලක්මව බිඳකටවත් අමතක නොකරපු..ලැබෙන සතයක් පවා මව්බිමට වියදම් කරන්නෙමි'යි හැඟිමෙන් එකඳු දෙයක් වත් පිටරටින් නොගෙනවිත් සිය රට දේ අගයද්දී... සියරට පිරිස්ම "රට හිටියැයි කියලා මොනවත් ගෙනාවෙ නැත්දැ?"'යි හා විසිතුරු යමක් දුටු සැනින් "පිටරටින් ගෙනාවද?"යි විමසා එකී සිතුවිල්ල පහතට හෙලා කතා කරනු ද අත්දැකීමෙන් දනිමි.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...