Thursday, February 10, 2011

අසම්මතය

"ඔයා මගේ ජීවිතේ කවුද?"
"මං දන්නේ නෑ"
"එතකොට මං ඔයාගේ කවුද?"
"දන්නේ නෑ"
"ඔයා මාත් එක්ක ඉන්නේ අපේ විභාගේ ඉවර වෙනකන්ද?"
ඈත මැයි ගහ දිහා බලාගෙන ඔහු නිහඩවම අහස පොලොව ගැටලන්න හදනවා.
අපිට උත්තර නෑ.
විශ්වවිද්‍යාලය ඇතුලේ ඉපදිලා පිට වෙන්නට කලින් ඇතුලෙම මියැදෙන පෙම්වතුන්ද අපි?
එකට වැඩ කරන නිසා, එකට කන්න යන්න නිසා, හැම තිස්සෙම යන්නේ එන්නේ එකට නිසා අපි පෙම් යුවලක් විදියට හැමෝම නම් කෙරුවට අපි ඇත්තටම පෙම්වතුන්ද?
මිනිස්සු හරි පුදුමයි..
ගැනු ළමයෙක්ගේ හොඳම යාළුවා පිරිමි ළමයෙක් වෙන්න බැරිද?
එක අසම්මතයක්ද? ඒ අසම්මත ලෝකේ අපිත් මිතුරුකමයි, ප්‍රේමයයි පටලවා ගෙන උත්තර හොයන එක වැරදිද?
"ඔබ මගේ හොදම යාළුවා"
"මමත් එහෙමයි"

ලියා එව්වේ - ජනනි අමරසේකර (http://sweetdwelling.blogspot.com/)

12 comments:

  1. නියමයි... කොහොමත් දෙන්නෙක්‍ අතරෙ තියෙන සම්බන්ධයක් ගැන වැඩියෙන්ම රුදාව තියෙන්නෙ වටේ උන්දැලට හින්දා තමයි ඔය තත්ත්වෙ. ඒ වුණාට ඉතිං තමන් අතරෙ තියෙන්නෙ මොනවද කියල හොඳින්ම දන්නෙ ඒකට සම්බන්ධ දෙන්නනේ.... මේ කතාවෙ විධියට මේ දෙන්න එලියට ගියාමත් අවුලක් නැතිව ඉඳියි වගේ...

    ReplyDelete
  2. ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි අතරෙ ප්‍රේමය ඇරෙන්න වෙන යාලුකමක් තියෙන්න බෑ කියලා හිතන ලෝකයක් මේක

    ReplyDelete
  3. ඇත්ත්ම යථාර්තය මේකද?

    ReplyDelete
  4. පනින්න බයෙ මිනිස්සු හදාගන්න දෙවල් මෙවා. යන යකා කොරහා බිඳගෙන යනවා කියන්නෙ ඔක තමයි. මෙ දෙන්න හොදයි, "හොදම යහලුවා" කියලා වාහනෙ හරවන්නෙ.

    ReplyDelete
  5. මේක පළ කලාට ස්තුතියි...

    ReplyDelete
  6. මේ තත්ත්වය මෙච්චර ම සරල නෑ. පන්තියෙ මට හිටි හොඳම යාළුවා කෙල්ලෙක්. කොටා උනාට ලස්සන ඔස්ට්‍රියන් කෙල්ලක්, ඒ ඔක්කොටම වැඩිය හරිම ස්මාට්. අපේ ඉතිං උප්පත්තියෙන්න කැත හිත වුනාට එයා " නෝ නොන්සන්ස්" ටයිප්. දවසක් දෙපිට කැපෙන වචනයක් කියපු කොල්ලෙකුට දුන්නා බැස්ටියක්, මට "බුදු අම්මෝ" කියලා හිතුනා. අපි ඔක්කොම කලේ එකට, කෑවෙ බිව්වෙ, ශොපින් ගියේ, ප්‍රොජෙක්ට් කලේ. හැමදෙයක්ම , සමහර අතිශය පුද්ගලික දේවල් පවා මට කිව්වාට, අපේ තහනං වචනය වුනේ "ආදරය." . බලල තියෙනවද "වෙන් සැලී මෙට් හැරී" කියන චිත්‍රපටය. ඒකෙ කියනවා වගේ අපේ සම්බන්ධයත් විභාගෙන් පස්සෙ හිමීටම දියවෙලා ගියා. තවමත් ඔය ඉඳල හිටලා කතා කරනවා, ඒත් අද අපි යන්නෙ, පාරවල් දෙකක. ඕන්න ඕකයි රත්ගමයො, යථාර්තය.

    ReplyDelete
  7. ඔය ප්‍රශ්නෙ හැමදාම තියන එකක්, ලස්සනයි ජනනි,

    ReplyDelete
  8. සිරි අයියා කියපු ෆිල්ම් එකේ ඉන්නෙ මම ආසම නිලියක්නේ... වහාම ක්‍රියාත්මක වන පරිදි චිත්‍රපටිය බෑමේ ලැයිස්තුවට එකතු කරා..

    ඕන කෙනෙක්ට මෙතන තියෙනවා...

    http://btjunkie.org/torrent/When-Harry-Met-Sally-1989-Meg-Ryan-Billy-Crystal/4358dd3f2ca1d2ec861ec8aa7fa025a7b74d0e8d18f7

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. බලන්න. මං දැකපු best fake orgasm තියෙන්නෙ, ඒකෙ තමා. ඒ කෑල්ලම දාහක් වටිනවා.
    හෙහ්..හෙහ්..

    ReplyDelete
  11. meka nam niyamay.. hitata danuna katawak ..

    ReplyDelete
  12. මෙක ටිකක් complex අවුලක්. ගොඩක් වෙලාවට වටේ ඉන්න උන් මෙක දකින විදිහ වැරදී. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔතනද...?
    සෙක්ස් 1ක බලපාන්නෙ නැහැ කියලා කවුරුහරි කියනවද..?
    ඔය love කියන වචනෙ තහනම් කර ගන්නෙ එක නෙමෙද..?

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...