Tuesday, February 8, 2011

තව මොනවා හංගන්නද?

සමහර විට මේ ගෙවෙන්නෙ
ඔයාගේ නිහඩ බව බිදෙන
අන්තිම දින කීපය....
කරණා එකින් එක
හෙමීට මතු වෙලා
හිතටත් නොදැනීම වේගවත් වෙන
හිතේ ගැස්ම මොනතරම් නම්
දෙගිඩියාවක් මවනවද?
හැම දෙකටම අලුත් ඇරඹුමක්...
අලුත් පිටුවක් පෙරලන්න
කාලය ඇවිත් වගේ....
හිතේ තෙරපෙන අහිංසක හීන
වචන වලින් සරසල
කොච්චර හංගන්න හැදුවත්
නොදැනීම එලියට පනින බව
ඇස් පනා පිට පෙනුනත්,
තව ටික දවසක්, තව පැය කීපයක්...
දෙගිඩියාව මගේ හිතට
හීන සගවන්න බල කරනවා...
එළබෙන බිනර මාසයේ,
මගේ හීනේ කිරුළු දරන්නට
එකම එක හිනාවයි අඩු
ගොඩක් කල් ගත නොවී
ඒ සිනහ දකින එක
තමයි මගේ හීනේ
තව මොනවා හංගන්නද
හැම දේම හොදින් වෙයි
මට ඒක දැනෙනවා....

ලියා එව්වේ - මහේෂ් හෂාන්ත සිල්වා (http://asipiyakamahima.blogspot.com/)

10 comments:

  1. තේරුම් ගන්න ගොඩක් අමාරුයි...මම දෙපාරක් තුන් පාරක් කියෙව්ව...අන්තිමට යන්තම් තේරුම් ගත්තා...
    මහේෂ් ජය!!!

    ReplyDelete
  2. ane manda mahesh malli

    ReplyDelete
  3. හොඳින් වෙන බව දැණෙනවනම්
    ආයෙ මොනවද වෙන කතා
    හැමදේම හොඳින් වෙයි
    බලාපොරොත්තුව හොඳටම ඇති...

    ReplyDelete
  4. @ රත්ගමයා :
    ගොඩාක් ස්තුතියි රත්ගමයෝ....
    මං හිතුවේ නෑ....තේරුම් ගන්න පුළුවන් වෙයි කියල...
    මගේ හිත නොවෑ

    ReplyDelete
  5. @ ඇනෝ :
    ඒක තමයි, අනේ මන්ද?

    ReplyDelete
  6. @ hare :-) :
    ගොඩක් ස්තුතියි...
    බලාගෙන ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද සහෝ

    ReplyDelete
  7. මාරයි අයියේ.. ඉන්නෙ කොහෙද කියල අමතක වෙනව කියවනකොට..

    ReplyDelete
  8. හැම දේම හොඳින් ‍සිද්ධ වෙයි! ජය

    ReplyDelete
  9. @ Udaya_Kushan :
    ගොඩක් ස්තුතියි...!!

    ReplyDelete
  10. @ තාරක Dilsh@n :
    එහෙම උනොත් හොදයි සහෝ...ස්තුතියි..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...