Monday, February 7, 2011

ජාත්‍යාලයට මෙඩිකල් එකක්!

අමාරුවෙන් හිටගෙන හිටපු සමාලි ඉවසන්න බැරිම තැන ඉඳගත්තෙ පසුබිමින් ඇහෙන ජාතික ගීය අමතක කරලා....

කුසේ ගෑස් අදත් ඇයට කරදර කරන්න අරන්...

උදේ දරුණුවට තිබුණෙ නෑ. කවුද හිතුවෙ කාර්යාලෙට ආපු ගමන් මේ තරම් වැඩි වෙයි කියලා...

සමාලි කුසට අත් දෙක තද කරන් මේසෙ ඔළුව තියාගත්තෙ ඉවසන්න බැරිකමට...


...............................


තර්ක විතර්ක ගැරහීම් ගොඩකට පස්සෙ සමාලිට කැඳවීමක් ලැබුණා.

“ජාතික ගීය වැයෙද්දි නිදාගෙන හිටපු එක බරපතල වරදක්”

අධ්‍යක්ෂතුමා කණ්නාඩිය ගලවලා පිහිදන ගමන් සමාලි දිහා බැලුවෙ රවාගෙන...

“වසම වැරැද්ද මේක ටීවී එකේ පෙන්නපු එක... දැන් අමාත්‍යංශෙ ලේකම්තුමා මගේ ඔළුව කන්න යනවා...”

සමාලිගෙ ඇස්වලට කඳුළු ඉනුවා...

“මෙඩිකල් එකක් අරන් එන්න එදා අසනීපෙන් හිටිය කියල... එහෙමවත් බේරෙන්න බලමු...”


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

8 comments:

  1. ජාතික ගීයට නටන එව්වුන් ඉන්න රටේ අසනීපෙකට ඔලුව ගහගත්තම ඒකට මෙඩිකල් ඉල්ලනවා...
    H ට ජය!!!

    ReplyDelete
  2. මෙන්න මේ අද ආපු නිවුස් එකක්. ක්‍රිස්ටිනා ඇගියුලේරා ඇමරිකාවෙ ජාතික ගීය වැරදියට ගායනා කලා කියලා මල කෙලියක් වෙලා තියෙන්නෙ....

    http://www.billboard.com/events/christina-aguilera-fumbles-national-anthem-1005023702.story

    ReplyDelete
  3. ටීවී එකේ පෙන්නුවා කියන්නෙ මොකක්ද?

    ReplyDelete
  4. @ රජි - ඇයි දැන් ඔය සාමාන්‍ය මිනිස්සුන්ගෙ වැරදි පෙන්නන කිසි වරදක් නැති ටීවී චැනල් තියෙනවනේ... ;-)

    ReplyDelete
  5. මේක නම් මම දෙතුන් පාරක් කියවලා ගියාට ආපහු එන එන පාරම මොනවා හරි වචනයක් ලියන්න ඕනම කියලා බල කරපු කතාවක්.

    අපි ඉන්න සමාජය මෙහෙම ආටොපයන්ගෙන් පිරිලා අපිව ඒවට බලෙන් ඇටෑච් කරගෙන. කෝටියක් හොරු ඉන්න ඉහල පුටුවලින් පස්සේ පොඩි එකා වරදක් නොවෙන වරදක් කලත් ඒක අල්ලගන්න දාහක් දෙනෙක් ඉන්නවා. ඕවා සාධාරනීකරණය කරන්න ගියාම ඔළු කීයක් නම් බේරන්නද?
    එච් ගේ කතා එක්ක අතරමං වෙන එක අහන්නත් දෙයක්ද මේ අපි වගේ පොඩි ළමයි? වෙලාවකට හරේගේ කතා ටික පොතක් වගේ දැන් මට.

    ReplyDelete
  6. @ බු - ‍එහෙම අදහසක් තියෙනවා :P කොහොමත් මේ ක්‍රමේ හැදෙන්නෙ ඉහලට යද්දි වරප්‍රසාද වැඩි වෙන්නයි පහලට යද්දි කැපිල්ල වැඩි වෙන්නයිනේ. ඒකනේ හැමෝම ඉහල යන්න ට්‍රයි කරන්නේ... ;-)

    ReplyDelete
  7. මේක නියමයි. ගහන්න ඕන තැන් ටිකට ගහලා!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...