Sunday, February 6, 2011

භීෂණයේ දවසක්

"සමීර...! වරෙන් යන්න....!"

"කොහෙද....?"

"නැගිටපන්.... ද්‍රෝහියෙකුට පාඩමක්....."

"මට බෑ... කමල්ව එක්ක පලයන්....."

"අද උඹේ වාරේ..."

"කවුද.....?"

"ප්‍රාදේශීය සභාවේ සභාපති...."

“දෙයියනේ... විලියම් බාප්පා.... මට බෑ යකෝ...!”

"උඹ දිව්රලා තියෙන්නෙ ව්‍යාපාරය වෙනුවෙන් තාත්තට හරි කොකා ගස්සනවා කියලා.... ගනින් තුවක්කුව..."

...............................

ටක්.. ටක්.. ටක්...

"කවුද....?"

"අපි පොලීසියෙන්, ඇරපන් දොර.... නැත්නම් කඩනවා..."

ක්‍රීස්.......!

"උඹව තමයි අපිට ඕනෙ... වරෙන් එළියට... සමීර ගනින් මූව..."

"අනේ මගේ පුතා බාප්පට මුකුත් කරන්න එපා....."

"සුනිලා නැන්දේ දොර වහගන්න......."

“ඩෝං.........!!!!!”

"දෙයියනේ, පුතේ උඹේ පෙකණි වැල කැපුවෙ මගේ මේ අත් දෙකෙන්.... උඹේ අම්ම නැති උන වෙලේ උඹට කිරි දුන්නෙ මගේ තනෙන්..... උඹ ඇයි මගේ මිනිහව මැරුවේ...?"

“මට සමාවෙයන් මගේ අම්මේ....”

“ඩෝං...”

“සමීර.....!!!!!!”


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

11 comments:

  1. මැක්සා රැඩිකල් කතාවක් දුමී අයියා......

    ReplyDelete
  2. dumeeth dashapramee kalakaruwak una ahanam...

    ReplyDelete
  3. 88-89 භීෂණය සමයේ, මතුගම ප්‍රදේශයේ සිදු වූ සත්‍යය සිදුවීමක් මේ නිර්මාණයට වස්තු බීජ වූවා. මෙහි එන නම් ගම් පමණක් මනඃකල්පිතයි.

    ReplyDelete
  4. මාරයි...වචන නැ...

    ReplyDelete
  5. වෙනද වගේම මරු. ඒ දවස්වල මේ වගේ බලපෑම් මත වැරදි කරන්න පෙළඹුණ හැම එකාම තමන්ගෙ හෘදය සාක්ෂිය එක්ක මාර යුද්ධයක් කරන්න ඇති...

    ReplyDelete
  6. මේ කාලේ මම අවුරුදු 14 ක 15 ක වයසෙ උන්නෙ. මාස ගානක් ඉස්කෝල වහලා. මාගේ පියාගේ ගම් පලාත වන මතුගම අවට ප්‍රදේශයකදී, දේශප්‍රේමීන් කියා ගත්ත උන් විසින් ගේ ඉදිරිපස බැණරයක පක්ෂයෙන් ඉල්ලා අස් උන බව ප්‍රකාශ නොකරපු ප්‍රදේශයේ නමක් දිනා ගත් සමාජ සේවකයෙකු අමු අමුවේ මරා දාල තිබුනා.

    මිය ගිය පුද්ගලයාගේ බිරිඳ ගමේ වින්නඹු අම්මා. ගමේ තරුණයෝ ගොඩ දෙනෙක් මෙලොවට ඇවිල්ල තිබුනේ ඇගේ අත්දෙකින්. සමීර නමින් හැඳින්වූ තරුණයාගේ මව ඔහු ඉපදී ටික දිනකින් වලිප්පුව වැනි ලෙඩක් සෑදී මියගොස් සිටියා. ඒ වනවිටත් කිරි බොන වියේ සිටි දරුවන් සිටි වින්නඹු අම්මා, සමීරව ගෙදර තියාගෙන ඔහුටත් කිරි පොවා ඇති දැඩි කලා.

    භීෂණයේ රුදුරු මානසිකත්වය විසින් තමන්ගේ කිරි අම්මාගේ ස්වාමි පුරුෂයා වෙඩි තබා මරා දාන්න තරම් සමීරව වියරු කර තිබුනා.

    යක්ෂයාගේ වෙලාවේදී වියරුවෙන් කොකා ගැස්සුවත්, වැලහින්නක් වගේ තමන්ගේ ආදර ස්වාමි පුරුෂයාව බදාගෙන හඬන තමන්ගේ කිරි අම්මාව දකින සමීර, ඊලඟ උණ්ඩය තම්න්ගේ නිකටට යටින් ඔළුව පසාරු වෙන්න තියා ගත්තා....

    ReplyDelete
  7. dume oyage kathandarayata wadeya passe karapu pahadelekereema lokui.ai ae?????????????
    hardashaaksheyata amaruda???

    dan ethen lankawta gehen loku amathyanshayaka hoda thanathurak gannath puluwan oyaata!!!

    ReplyDelete
  8. @ඇනෝ සහෝට,
    කරන්න දෙයක් නැහැ. නිර්මාණය වචන 100කට ලඝු කරපු නිසා මේකේ සැබෑ ඛේදාන්තය යට ගිහිල්ල කියලා හිතුනා. ඒකයි මම අහලා තිබුනු විස්තරය එහෙම කමෙන්ටුවක් විදිහට පල කලේ.

    කොහොමත් අමාත්‍යාංශ වල ලොකු තනතුරු වලට වඩා මගේ දක්ෂතාවය උපයෝගී කරගෙන, මම දැනට කරන රස්සාවෙන් හොඳට මට හම්බ කර ගන්න පුළුවං. ස්තූතියි යෝජනාවට.

    මට මෙතනදි එක් පැත්තකට විතරක් පහර ගහන්න ඕන උනේ නෑ. ඔබට රිදුනේ ඒක නිසා වෙන්න පුළුවං. මගේ බිරිඳගේ මාමලා දෙන්නව අරගෙන ගිහින් අතුරුදහන් කලේ ඒ දවස්වල තිබුනු ආණ්ඩුවේ බලකායන් විසින්. ඒ එක් මාමා කෙනෙක් ඒ දවස් වල ලංකාවෙ හිටිය හොඳම හිංදි ගීත ගායකයා (නුවන් ගුණවර්ධනට කලින් )

    ReplyDelete
  9. naha dumi mona dashapalana pakshayakawath samajekayak nawai mama,oyala wagama samanya kenek.

    eth dume asadaranyata weruddawa sathyaya wanuwan satan karala panthe bada nathe ratak wanuwan jewethaya pujakarapu aya gana thamai oya kathawa leyawela theyanna nada???

    ada samajyade matawath,oytawath karanna bari, sathya wanuwan nobeyawa satankerema shaktheya saha nerbethkama ae thrunenta thebba keyala hethenwa.

    ada samajya asadranyak dakkama magaarala yanna ape godadanek purduwala ennawa.eth eda hetapu tharunayo ae wanuwan katha kala,satankala,anthemata jewethaya pujakala keyalai mama hethanna.
    mata nam pudumai un gana.marai eyala.anun wanuwan thma jeethaya pujakarapu un gana tekak wemarshanathmakawa hethanna dume. obata jaya....

    ReplyDelete
  10. කතාව සිරාවට හිතට වැදුණා මචං. උඹේ කොමෙන්ටුව නැත්නම් සමීරට මාර අසාධාරණයක් වෙන්නෙ. මම ඌව හරියට දැක්කෙ කොමෙන්ටුවෙන්.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...