Friday, February 4, 2011

ප්‍රේමයක් නිමා වූ සඳ..

මගෙ  හොඳම යාලුව ගෝතමී, යාලු වෙලා හිටියෙ  රොෂාන් එක්ක, ඒක රාමා සීතා වගෙ ප්‍රේම කතාවක්,
ඒ ලෙවල් කරද්දි මම ඕස්ට්‍රෙලියාවට ගියා,  පස්සෙ යාලුවො ගැන මොනවත් ආරංචියක් නැති උනා,
ලංකාවට ආවම මම කලේ මුලිම්ම ගෝතමී ඉන්න තැන හොයපු එක,
පස්සෙ ඔන්න ආරංචියක් ආවා,
මම ගෙදර හොයාගෙන ගියා, ගෝතමී දොර ඇරියා,
"අජන්තා"  
එයා මාව බදාගෙන ඇඬුවා,
"මොකද ලමයෝ,උනේ"  
මම ඇගේ දෑසට එබිලා ඇහුවා
"ඔයා දන්නවනෙ රොෂානුයි මමයි කොච්චර ආදරෙන්ද හිටියෙ කියල? අපි දෙන්නම කැම්පස් ගිහිල්ල අවුට් වෙනකනුත්  පුදුම සන්තෝසෙකින් හිටියා "
"ඉතිං?" 
මම ඇහුවා,
"ඊට පස්සෙ අපි දෙන්න බැන්දා,"
මොනවද කියන්නෙ කියල හිතාගන්ඩ බැරිව, මම ඇඟේ කඳුලු පිරි දෑස දිහා බලං හිටියා,

ලියා එව්වේ - රවී වීරසිංහ

20 comments:

  1. පාඨකයා වෙන මාර්ගෙක යන්න හනකොටම ආයෙත් හරි මාර්ගෙට දාලා.. මේක නම් මරු...

    ජය වේවා...!!

    ReplyDelete
  2. හෙ හේ... සිරා... මේ ගෝතමී මාර විහිළුකාරයෙක්නේ...

    ReplyDelete
  3. ආදරයේ නිමාව විවාහය නම් ?

    ReplyDelete
  4. අඬන්න ඕනෙ ගෝතමි නෙමෙයිනෙ... ගෝතමීගෙ හස්බන්ඩනෙ...!

    ReplyDelete
  5. මේකෙන් තේරෙන්නේ බැන්ඳට පස්සේ ඒ දෙන්නාගේ ආදරේ ඉවර වුනා කියලද? නැත්නම් අඬන්නේ ආදරේ වැඩි කමටද?

    ReplyDelete
  6. Bandata passe Gothamita pissu hadila. Nathnam mona ehekata adanawada? Ehema nathnam e welawe kussiye loonu sudda kara kara idala thiyenne.

    Thawa hethu kiyanna balanna.

    ReplyDelete
  7. ආදරය ඉවර වෙලා...
    ඕක තමයි කියන්නේ බදින්න කලින් ආදරේ කරන්න එපා කියල.

    ReplyDelete
  8. මටනම් හිතෙන්නේ ආදරය උතුරලා සතුට වැඩිකමට අඬනවා කියලා... හරිද මන්දා...

    ReplyDelete
  9. රවී වීරසිංහFebruary 4, 2011 at 11:30 PM

    මේකෙ සීයට ව‍ඩා වචන තිබිලා ඇඩ්මින්ල ඒව අයින් කරලා... මේ තියෙන්නෙ ඉතිරි ටික.

    "ඇයි ලමයො ඉතිං අඬන්නෙ? මං හිතුවා එකපාර අඬනකොට මොකක් හරි කරදරයක් වෙලා කියල"

    මම අන්තිමේදි ඇහුව

    "අඬන්නෙ නැතිව මොනව කරන්නද? දැන් රොෂාන් යනව වෙන ගෑනු පස්සේ. ගෙදර එන්නෙත් හොඳටම බීගෙන. මාව දැන් එයාට ගාණක්වත් නෑ. ඔයා දැක්කගමන් අතීතය මතක් වුනා. ඒකයි එකපාර ඇඬුම් ආවෙ"

    ගෝතමී අතරින් පතර ඉකි ගහමින් කිව්ව.

    "අයියෝ... ඕකද? ඔයා දුක් වෙන්න එපා ළමයො. ඔස්ට්‍රේලියාවෙ ඉන්නව ඕන තරම් ලස්සන සුදු කොල්ලො. ඔයා යං මාත් එක්ක ඔස්ට්‍රේලියාවට. අපි හෙටම ලෝයර් කෙනෙක් හමබ වෙල ඩිවෝස් කේස් එකක් ෆයිල් කරමු"

    මම ගෝතමීගෙ ඇස් වල කඳුළු පිහිදමමින් කිව්ව.

    කඳුළු අතරින් ගෝතමීගෙ මූනෙ හිනා මතු වුනා.

    ReplyDelete
  10. @ සෝරෝ,

    ස්තූතියි,

    ReplyDelete
  11. @ h,

    හෙහ්, හෙහ්,

    ReplyDelete
  12. @ සහෝධරයා,

    පිළිතුර තියෙන්නෙත් අපේ ලඟම තමයි,

    ReplyDelete
  13. @ දුමී,

    අනිවාර්යයෙන්ම, රොෂානුත් අඬනව ගෝතමී තරමටම,

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. @ Podi Kumarihami,

    මාතෘකාව ඇවිල්ලා ප්‍රේමයක් නිමා වූ සඳ...

    ReplyDelete
  16. @ සොඳුරු සිත,

    ඒකත් හේතුවක් වෙන්න ඇති සමහර විට,

    ReplyDelete
  17. @ Anonymous,

    ඔව්, එහෙම වෙන්නත් පුලුවනි තමයි,

    ReplyDelete
  18. @ Lahiru,

    ඒ අදහසත් නරකම නැහැ,

    ReplyDelete
  19. @ රවි වීරසිංහ,

    ඔව්, ඒ ඌණ පූරණයත් වැරැද්දක් නැහැ, සරලයි, පහසුයි,

    ReplyDelete
  20. ara comment eke tiyana tika kathawata awanam kathawen wadak na

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...