Thursday, January 20, 2011

ඇය වෙත සෙනෙහසින්..

දුටිමි නුඹ පළමු දින පාසල කරා යන මගක
රුසිරු රුව, කමල වත සුලාලිත පියවර තඹර
නුවන් නුව රද ගැටී සලිත විමි සිත් පවුර
නාදළුද පැරදවූ තොල් යුවල මතු කල සිරිය
දිනෙන් දින හිරි වැටී නුඹ සෙනෙහෙ සොයන සිත
ඔද වැටී සළිත විය නුඹේ සෙනෙහෙ දිනූ දින
හදට හද තුරුළු වී විහඟ යුවලක් ලෙසට
සොඳුරු පෙම් මාවතේ නිම් තෙරට ඉගිල ගිය
මගෙම සොඳුරිය වෙලා මසතු විය එදින
නිරතුරුවම රැදෙයි වී සිසිල් සෙවනැල්ල
නුඹ රුසිරු දිය කෙරූ ස්නේහෙ කිරි කඳුළු කැට
පොවමින්ද රකින සඳ මගේ දරු දැරියන් නිතින
නුඹ සුරත මට හිමිවු දිනය සමරන මෙදින
පතනෙමිය මගෙම වී මට ලැබෙනු මතු සසර..


ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com/)

11 comments:

  1. ආයිශ්අම්මා ගුන්ඩූ..
    අයියා හාමිනෙත් එක්ක සංසාරේ පුරා සින්දු කිය කිය ඉන්ඩයි කම්පනාව නේද ? :D

    ReplyDelete
  2. නියමායි....
    සුභ පැතුම් අයියා!
    ඤාව්!!!

    -බ්ලොග් ගඩොල්-

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සුභ පැතුම් දුමී අයියා...
    සසර වසන තුරා එන හැම භවයකම දෙන්නාටම එකතු වෙන්න පුලුවන් වේවා කියල පතනවා...

    ReplyDelete
  5. හැපි ඇනිවසරි එකක් වේවා
    වලි අඩු ජොලි වැඩි
    අනාගතයක් උදා වේවා

    ReplyDelete
  6. @Anonymous,
    @blog gadol,
    @Dilan,
    @දුකා,

    ගොඩක් ස්තූතියි සුභ පැතුම් වලට..!

    ReplyDelete
  7. දුමී අයියා ...

    ජය වේවා !!

    ReplyDelete
  8. සුබ පැතුම් දුමි අයියා....

    ReplyDelete
  9. සුබ පැතුම් දුමී.. චිරාත් කාලයක් වැජඹේවා..

    ReplyDelete
  10. සුබම සුබ පැතුම් ලොක්කා!

    ReplyDelete
  11. @සඳරු,
    @පුතා,
    @ආගන්තුකයා,
    @මුචලින්ද,

    හැමෝටම බොහොම ස්තූතියි.....!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...