Wednesday, January 19, 2011

"මගේ වාරය එනතුරා......"

"උදේ ඉදන් හවස් වෙන තුරා
මේ පීලි මතින්
දුවන යකඩ ගොඩට වඩා
මගේ මල්ලියා
කොච්චර බරද......

මහ පාරෙ මේකව
වඩන්
තැනින් තැනට
අත පපා යන කොට
"අනේ පව් අසරණී"
එකෙකුගෙ
මුවින් බිනෙන විට
"පල යන්න අහකට"
සියයක් මුවින් බිනෙයි.....

යන්තම් වේල
ගැටගහගත්තට
මල්ලිට ඇන්කර්, නෙස්ප්‍රේ
අරන් දෙන්න
මට සල්ලි නෑ
ඒ අසරණය ඒව දැකල
නැති නිසා ඉල්ලලා
වද දෙන්නෙත් නෑ

යන්තම් මාසයක් දෙකක්
අම්මගෙ දෙතනෙන්
කිරි බීපු ඒකට
අධිපෝසනේද
මන්දපෝසනේද
මම දන් නෑ

මේ පීලි මත දුවන
යකඩ ගොඩේ උදව්වෙන්
පීලි මතම මියැදෙන
දහසක් උන් අතර
මමද මගේ වාරය
එන තූරා
බලා සිටින්නෙමි
දෑස් අයා

ඒත් උඹවත් අරන්
යන්නේ කෝම......?"


ලියා එව්වේ - සොඳුරු මිනිසා (http://sonduruminisa.blogspot.com/)

6 comments:

  1. ඇඬෙනවා...... මම මෙහෙම පොඩි දරුවෙක් දන්නවා...

    ReplyDelete
  2. හරිම දුකයි කියනවා ඇරෙන්න වෙන මොනව කරන්නද?

    ReplyDelete
  3. නියමයි, බොක්කටම වැදුනා...!

    ReplyDelete
  4. මෙහෙම අය දැකපු අවස්ථා ගොඩක් මතකයට ආවා... ඇත්තටම මෙහෙම අසරණ වුණ අය අතරෙ මේක බිස්නස් කරගෙනත් කට්ටියක් ඉන්නවා... ඒත් ඉතිං කොහොමින් හරි අසරණකමට පිහිටක් වෙන්න පුළුවන් නම් හොඳයි. ඒ අය වෙනුවෙන් ලෝකය හැදෙනකල් ඒ අයට ඉන්න බෑනේ...

    නියම සටහන සොමි...

    ReplyDelete
  5. හැමෝටම ස්තූතියි

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...