Sunday, January 9, 2011

"ස්වාධීන අපි"

"මොනවද ඔය කරන්නෙ.... නිදාගන්න යන්නෙ නැද්ද...? වැඩක් නැත්නම් ගිහින් නිදාගන්න"


මට ඕනෙ විදියට වැඩ කරන දවසක්...

කවදාවත් ඒ දවස උදා වෙන එකක් නෑ කියලයි මට හිතෙන්නෙ...

මොකද අපිට කොච්චර නිදහස කියනදේ ලැබුනත් අපි වැඩ කරන්නෙ අනෙක් අයට ඕනෙ විදියට නිසයි.
ජීවිතේ ඉපදුනු දවසෙ ඉදන්ම අනෙක් අයට ඕනෙ විදියට වැඩ කරනව නම් ඇත්තටම අපි ගෙවන ජීවිතේ අපේද වෙනත් කෙනෙකුගෙද?

රහතන් වහන්සේල හරි බුදු හාමුදුරුවොන්ට හරි විතරක් වෙන්න ඇති එහෙම නැතුව ජීවත් වෙන්න ලැබුණේ...

කොල්ලන්ට කෙල්ලන්ට බල්ලන්ට ඕනෙ විදියට ජීවත් වෙලා මට නම් ඇති වෙලා තියෙන්නෙ.


"මේ... තවම නිදි නැද්දදදද...?"


අපොයි!... මම යනව නිදාගන්න...

හෙට උදේ සිටවත් 'මම' , "මම"ම වෙන්න පතමින්....


ලියා එව්වේ - සහෝදරයා (http://sahodaraya.blogspot.com)

5 comments:

  1. ඒක නම් ඇත්ත කතාව

    ReplyDelete
  2. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපි ජීවත්වෙන්නෙ සම්පූර්ණයෙන්ම අපට ඕන විධියට නෙවෙයි. එහෙම වෙන්නත් බෑ කාටවත්. අපි හරියට නොදන්න අතීත පරමාදර්ශ එහෙම ජීවත් වුණා කියල අපි හිතුවට ඒකත් ෂුවර් නෑ...

    ඔන්න ඔහේ ජීවත් වෙමු! අන්තිමේ ඒක කරන්න වෙනවනේ.... :D

    ReplyDelete
  3. වැඩේ කියන්නේ ඔය මම කියන කෙනා කවුද කියලා හරියට කවුරුත් දන්නෙ නෑ. ජීවිත කාලෙම ගියත් ඒක හොයා ගන්න හම්බවෙන්නේ නෑ. හැමදාම අපි ඉන්නේ මම කවුද කියන අරගලයේ.. ඕක කවදාවත් විසඳෙන එකක් නෙමෙයි..

    ReplyDelete
  4. කාටවත් ඕන විදියට දේවල් කරනවාට වඩා හොඳ නැද්ද අත පය දිග හැරලා එක දිගට නින්දක් දැම්ම නම්...
    අනිත් අය මම දිහා බලල දිග පලල මනිණ හැම වෙලේකම මම නම් කරන්නේ වැය දහයකට එහා නින්දකට අවතීර්න වෙන එක තමයි. එතකොට මම කියන කෙනා ටිකක් හරි එලියට ඇවිත් නේ..

    ReplyDelete
  5. උඹ ලෝකෙට අනුවද ජීවත් වෙන්නෙ.. ස්වාධීන වෙන්න ඔච්චර අමාරු නෑ මලයා.. අනුන්ගෙ පදේට නටන එක නවත්තල බෙරේ ගහන්න පටන් ගන්න.. මිනිස්සු කියයි උඹ මහ self centred මිනිහෙක් කියල ඒත් අඩුම තරමේ උන් හින්ද උඹට විඳවන්න වෙන්නෙ නෑ නොවැ..

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...