Tuesday, January 4, 2011

ආදරය

ඔයා තාමත් හර්ෂිට ආදරේද?
අවුරුදු 2කට කිට්ටුවෙන්න පැල් බැඳගෙන ආදරේ කරලා අන්තිමට දෙමාපියෝ හින්දා අපි ඒ සම්බන්දේ නතර කරලා දැම්මා. හැමදේම අමතක කරන්න පිටරට ආවත්, ලංකාවට ආපුවෙලේ හිත අරියාදු කරපු නිසාම විනාඩි ගණනකට හරි ඇයව මුණගැහෙන්න අමතක කළේ නැහැ.
“ම්ම්ම්....
එතකොට මට?
උරහිසට බර දීලා, අරක්කු ගඳත් ඉවසගෙන, ඇස් ලොකු කරලා කටින් පිටවුණු වචන ටික ඇහුණහම, ඇඟේම තිබ්බ ඔක්කොම මත බැස්සුණා.
“ආදරෙයි!
එතනින් එහාට කථා කරන්න මගේ හිත ඉඩ දුන්නෑ. මගේ ආදරෙත් පාරක් නොදන්න කළාමැදිරි එළි වගේ කියලා දැනුණා. ඒත් මට පිච්චෙන්න ඕනි නැහැ.
“කමක් නෑ අයියේ, මට තේරෙනවා!
තේරෙනවා ඇති, ඒත් මොන විදියටද කියලා මම අදටත් තේරුමක් හොයනවා.

ලියා එව්වේ - අංජන ජයවීර (http://www.anjana-j.com)

11 comments:

  1. ධුඛ ථමයි අංජනී! කවදාවත් උඹට ඕක හොයාගන්න වෙන්නෙ නෑ... එක්කො පිච්චියං නැත්තං ඒත් පිච්චියං!

    ReplyDelete
  2. අපි ජීවිතේ තවත් අය වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරනවාද ඒත් එහෙම කරන්නේ ඇයි.. ඔය ප්‍රශ්නෙ හැමදාම ඉතුරුයි.. සමහර විට දෛවය කියලා එකක් තියෙනවා කියලා විස්වාස කරගෙන හිටියොත් ගොඩ යන්න පුළුවන්...

    ReplyDelete
  3. කවුරු මොනවා කිව්වත් එක දවසක් හරි ආදරය කරපු කෙනෙකුට ඒ ආදරය විවාහයකින් කෙලවර උනත් නැතත් ජීවිතේටම ඒ මතකයන් සහ ඒ ආදර සැමරුම් නැති වෙන්නෙ නෑ. මොකක් හරි මොහොතක කවුරුත් නොහිතන වෙලාවට ඒ මතකයන් දෝරෙ ගලන්න ගන්නවා. හිතේ කොහේ හරි ඒවා ගලේ කෙටුවා වගේ රැඳිලා තියෙනවා....

    ReplyDelete
  4. දුමීගෙ කතාවට සම්පූර්ණයෙන්ම එකඟයි

    ReplyDelete
  5. සම්පූර්ණ ඇත්ත දුමී

    ReplyDelete
  6. එක පාරක් කරපු ආදරේ තව පාරක් ඒ විදිහට කරන්න බෑ. ඊට වඩා හොඳයි ඒ දුකත් එක්කම ජීවත්වෙලා මැරිල යන එක කියල මමත් හිත හදන් ඉවරයි. වෙන දෙයක් වෙද්දෙන් කියල ඔහේ බලන් ඉන්නව ඇරෙන්න මුකුත්ම දැන් ඉතුරුවෙලා නෑ.

    අලුතෙන් කට්ටිය ලියනව දැක්කම හරි සතුටුයි. දිගටම ලියන්න ජය පතනවා.

    ReplyDelete
  7. adare gena oya kunu serama thiyenne lankawe thamai. wena ratawala ehema ne. mama inne uk. wena eu ratawal keepayakath idala thiyenawa. mehe loversla harima open. eka love+sex mixed relationship ekak. lankawe love athule thiyenne mental case godak welawata. sex scene serama tahanam wela. eka cultural deyak thamai. itin love eka kadunamath ewa karaganna wune ne kiyala tawena eka thamai wenne. mehe loversla dennek wen wenne e denna athare sambandhaya nawaththala dala. ewa aye patan gannawanam patan ganne aluthin. eka wenas wena than athi. namuth 80%k withara ehemai. adare karana kaledi hariyata adare kalanam, adare athule eka hariyata katha karanam, SWOT analysis :P karanam love break wunama ohoma wenne ne.

    ReplyDelete
  8. මේවා වලට උත්තර ලියන්න ගියෝතින් එහෙම.....

    ReplyDelete
  9. ආදරය කරපු දෙන්නෙක්ට මොකක් හරි හේතුවක් නිසා එකතු වෙන්න බැරි උනාට උන් දෙන්න වෛරක්කාරයෝ වෙන්න ඕන කියලා අපේ සමාජය පලි ගහන්නේ ඇයි කියලා මට නම් තාම හිතා ගන්න බෑ.

    ReplyDelete
  10. @දුකා
    ඒ සමාජයෙන් ඇති කරපු එකක් නෙමේ දුකා අයිය ... එක එක හේතු නිසා තමන් සතු කරගන්නට තැත්කල වස්තුවක් අන් අයෙකු සතුකරගන්නවාට තියන තරහයි, ඊරිසියාවයි නිසයි

    ඕක මොන පණ්ඩිතයට උනත් ඔය කියන අපරාදෙ කියන හැගීම ,ඊරිසියාව ඇති වෙනව ඇති මම හිතන්නෙ ... කොටින්ම කි‍ව්වොත් මටත් ඇති වෙලා තියනව අපරාදෙ නේද කියන හැගීම... හැබැයි ඒ තරහව නෙමෙයි

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...