Monday, January 3, 2011

කිකිළියගේ යශෝරාවය

නුඹ මා කුස රැඳුනු දින....
සියක් දහසක් සිහින මැවිනි මසිත....
මව් කිකිළියක් වෙන දින නුදුරේම මල් පළ දරාවි...
තැබුවෙමි පය පරිස්සමින්, වෙයි අනතුරක් යැයි සිතා නුඹ හට...
ඇහිඳ කෑවෙමි ඉස්තරම් පණුවන් නුඹ වෙනුවෙන් මම...

පාරම් බෑවෙමි අනිත් කිකිළියන් හා මම.....
එකියක් සිනිඳුවට හොටින්  කුස පිරි මැද කොක් හඬලති....
නුඹ පියානන් මවෙත ආදර බැළුම් හෙලයි..…
සඟවමි මම කෝල නෙතු ඔහු වෙතින්.......
නුදුරේම නුඹ මගෙ පසුපස දැවටෙනු ඇති......
ඇවිදිමි නුඹ සමග ආඩම්බරයෙන් අනිත් කිකිළියන්ටත් පෙනෙන ලෙස......
නුඹට පණුවන් ඇහිඳින හැටි කියා දෙමි.......
එනමුදු, හොත් දිනම සොරා ගොසිනි නුඹ......
කෙලෙස සිතන්නද මම.....
හාෆ් බොයිල්, බුල්ස් අයි හෝ ඔම්ලට් එකක් වෙන්න යන වග නුඹ......

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com/)

9 comments:

  1. ඇත්තටම කිකිළියට එහෙම හිතෙනවා ඇති නේද කියලා මොහොතක් මොහොතක් ගානේ හිතුනා............

    ReplyDelete
  2. හි හී... නියම සිතිවිල්ල.. හොඳ වෙලාවට අප නම් කන්නෙ පාං බිත්තර :D

    @ දිල් - කිකිලියක් සාමාන්‍යයෙන් දවසකට හරි ‍දෙකකට හරි සැරයක් බිත්තර දානවලු. දැන් එයාලට ඒක ගානක් නෑ... ;-)

    ReplyDelete
  3. සාමාන්‍යයෙන් ඔය ෆාම් වල ඉන්න කිකිළියෝ නම් දවසකට එක බිත්තරේ ගානේ දානවා. ඒවා සරු බිත්තර නෙමෙයි. ඒවයින් කුකුළු පැටව් එන්නෙ නෑ....

    මේ යශෝරාවය නගන්නෙ සාමාන්‍යය ගෙදරක ඉන්න ගම් කිකිළියෙක්... :)

    ReplyDelete
  4. අනේ බං මම ඒ වගක් දැනං හිටියෙ නෑ... අපේ එකෙක් ඉන්නවා සයිඩ් බිස්නස් එකට ෆාම් එකක් කරන. මම ‍උගෙන් නිකමට මේක ඇහුවා... ඌට අනුවනං කිකිලියෙක්ගෙ ප්‍රජනන චක්‍රය (වචනෙ සුවර් නෑ) පැය 24-25. ඒක ඉතිං උෂ්ණත්වය වගේ සාධක මත වෙනස් වෙනවලු. සාමාන්‍යයෙන් කිකිලියෙක්ගෙන් අවුරුද්දකට බිත්තර අපේක්ෂාව 230-270 වගේලු. කොහොමත් සාමාන්‍යයෙන් කිකිලියො ගම්-ෆාම් කියල බේදෙකිං තොරව ඔය චක්කරේට අනුවලු බිත්තර දාන්නෙ.

    හි හි... මොනව වුණත් ආයෙ බිත්තර නෙවෙයි කේක් දැක්කත් මේ කතාව නං මතක් වෙයි! :D

    ReplyDelete
  5. සිරාවට ඒත් ඉතිං සංසේචනයක් නොවන නිසා ඒක හරි වැඩක් කියලා නවත්තන්න බෑ.. කොහොමත් වෙන සතෙක්ට බලපෑමක් කරන එක ජරා වැඩක්.. ඒත් ඉතිං අපි ඕක කරනවානේ.. ඉතිං අපි දැන් ඒක හරි විදිහට කරන විදිහ හොයනවා..

    ReplyDelete
  6. මම කියවලා තියෙන විදිහට ෆාම් කිකිළියො ගම් කිකිලියන්ට වඩා ඉක්මනට බිත්තර දානවා. ෆාම් කිකිළියන්ව අඩු කාලෙකදි හැදෙන්නත්, අඩු කාලෙකදි බිත්තර දාන්නත් පුළුවන් විදිහට ජානමය වෙනස්කම් කරලා තමයි තියෙන්නෙ. කොහොමත් කිකිළියෙක්ට බිත්තරයක් දාන්න කුකුළෙක් ඕන වෙන්නෙ නැහැ. බිත්තරේ දාන්න කලින් කුකුලෙක් සමග සම්භන්ධ උනොත් විතරයි ඒ බිත්තරය සරු, එහෙම නැතිනම් කුකුළු පැටියෙක් හැදෙන්න පුළුවන් බිත්තරයක් වෙන්නෙ.

    ReplyDelete
  7. අහාර ජාල ලොකේ කිකිලියකගේ යශෝරාවේ. . .
    මොනා කරන්නද බන් . .
    අපිත් ජීවත් වෙන්න එපැයි . .

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. කෑදරකමින් වැහිලා තියෙන තිත්ත ඇත්ත නං:
    "For us to live, you must die "
    ඊට පස්සෙ වෙන්නෙ, වරදකාරී හැඟීම් වහගන්න හිත සාධානිකරණයට හේතු හොයන එක තමා.උපුටා ගත්තෙ කොහෙදෝ දැකපු වැම්පයර් චිත්තර පට පෝස්ටරයකින්. ඔය කිව්වට මං වෙජිටේරියන් එහෙම නෙවෙයි. පට්ට කවි කෑල්ල, ලොක්කා.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...