Monday, November 29, 2010

මාරු කාසි

“අනේ මිසී රුපියල් දහයක් මාරු කරලා දෙන්නකෝ. ‍පහේ කාසි දෙකක් ඇති”
වැඩේ නවත්තලා බැලුවේ මංගලිකාගේ කට හඬට..
“ඇයි මංගලිකා අක්කේ කාසි?”
“කෝල් එකක් ගන්න මිස් ගෙදරට”
“මෙහේ කොයින් බොක්ස්?”
“පාරේ තමයි තියෙන්නේ”
පහේ කාසි මං කාටවත් නොදෙන්නේ හේතුවක් ඇතුව.. ඒත් නෑ කියන්න බැරි නිසා ලඟ තිබුනු පහේ කාසිය දීලා දැම්මා දහය නොගෙනම.. ඒ මනුස්සයා වැඩට ඇවිත් තියෙන්නේත් අපි ඉපදෙන්නත් කලින්.
“ෆෝන් එක කැඩිලා මිසී. ආ..”
“කෝ දෙන්න බලන්න නොම්බරේ”
....
“මේ නම්බර් එක කනෙක්ට් කරලා දෙන්න”
“පර්සනල් ද?”
“නෑ ඔෆීශියල්”
...
ගොඩක් ස්තූතියි මිස්..
දුවගේ පන්ති සල්ලි දෙන්න බැරි උනා ඒකයි තියෙන තැන කිව්වේ.
සල්ලි නැතුව පන්ති යන්නත් බෑනේ දැන්

ලියා එව්වේ - මලී (http://abnormalminds.blogspot.com/)

7 comments:

  1. Wenas widihe one zero zero kathawak.nice.... :-D

    ReplyDelete
  2. “පර්සනල් ද?”
    “නෑ ඔෆීශියල්”

    දුවගේ පන්ති සල්ලි දෙන්න බැරි උනා ඒකයි තියෙන තැන කිව්වේ.
    සල්ලි නැතුව පන්ති යන්නත් බෑනේ දැන්

    ReplyDelete
  3. ෂා මලී හරි හොඳ ළමයෙක් වෙලානේ.... :D

    ReplyDelete
  4. අනේ මම පන්ති යන කාලෙ විදපු දුකක්
    කෝ කාඩ්.....
    නෙක්ස්ට් වීක්......
    කෝ කාඩ්.....
    නෙක්ස්ට් වීක්.....
    කෝ කාඩ්.....
    නෙක්ස්ට් වීක්.....
    නියම දෙබස
    ජය වේවා

    ReplyDelete
  5. පොපී කියපු දේ නම් ඇත්ත තමයි...
    ආදරණිය දෙමවුපියන්ගේ වෙහෙසට පින් සිද්ද වෙන්න මට නම් අමතක උනොත් ඇරෙන්න ඔය වගේ ඔහොම සිද්දි වෙලා නෑ[පන්ති වලට සල්ලි අඩු පාඩු]....
    එත් ඒ වගේ අයත් අපි අතරේ හිටපු බව අමතක නෑ...පුළුවන් විදිහට ඒ අයට උදවු කලා...ඒවා මතක් උනා මේ කතාව කියෙවුවහම...

    ReplyDelete
  6. ස්තූතියි අදහස් දැක්වූ සැමට..!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...