Saturday, November 27, 2010

දාර්ශනිකයාගේ ප්‍රේමයට පසු!

එතකොට ආදරේ වචනයක් විතරයි ඈ...
අවුරුද්දකට කලින්නම් මොනවද කිව්වේ?
ජීවිත කාලෙම ආදරේ කරන්නම්... මැරෙණකල් ආදරෙන් ඉන්නම්... කිසිම දුකක් දැණෙන්න නොදී බලාගන්නම්...
ෂික්... මෙහෙමත් පිරිමි!


මාගේ දාර්ශනිකයාගේ ප්‍රේමය නම් සටහන කියවා ඇය පුපුරා ගොස් ඇත. මම ඇය අස්වැසීමට නෙක ආයිත්තම් ගෙනහැර පාමි.

ළමයො ඒක කතාවක් විතරයි... ආදරේ කියන්නෙත් වචනයක් නෙවෙයිද ඉතිං? වැදගත් වෙන්නෙ වචන නෙවෙයිනේ...

හුහ්! ඒ පාර තව කතාවක් කියනව... ම‍ට ඔයාගෙ බයිල ‍තේරෙන්නෑ අනේ... අන්තිමේ මම රැවටෙන එක විතරයි!

ඇය ඉවත බලාගත්තාය.

ඒකෙ තියෙන්නෙ දාර්ශනිකයෙක්ට හිතෙන හැටිනේ පැටියෝ...

ඒ වුණාට ඔයානෙ ලියල තියෙන්නේ...

ඉස්සර හාමුදුරුවොත් ගෑණු ගැන ලිව්වේ...?
මටත් දාර්ශනිකයෙක් ගැන ලියන්න පුළුවන්නේ...
කොහොමත් ඉතිං මම දාර්ශනිකයෙක් නෙවෙයිනෙ සුදු...


ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

7 comments:

  1. මේක නම් ඔය ඉතින් අපි හැමෝටම නිතර ඇහෙන කතාව නේ.
    හොඳ වැඩේ දාර්ශණිකයෝ ප්‍රේමවන්තයෝ කරගන්නවට....

    ReplyDelete
  2. ඔව් ඉතිං ලියලා තියෙන්නේ ඔයා නම් ඔයා හිතන්නේත් එහෙමයි කියලා උපකල්පනය කරන එකත් වැරදි නෑ නේ? අර බුරු බබා කිව්ව දේතමයි හරි.. හොද වැඩේ දාර්ශණිකයන්ට ආදරේ කරන්න යනවාට..!

    මේ එක නෙවෙයි මේහෙම දෙබසක් ඇති වීමේ අවස්ථාසම්බන්දය ගැන දැනගන්න කැමතියි..!

    ReplyDelete
  3. හි හී... නෑ නෑ මේක අර කලින් එක පලවෙන්නත් කලින් ලියපු එකක්... ඒ නිසා කිසිම අවස්ථා සම්බන්ධයක් නෑ... සිතීම සහ පැවතීම කියන එක සහමුලින්ම දෙකක් වෙනවා සමහර වෙලාවලදි.. ඒකයි! අනික යමක් ගැන ලියන්න ඒක ගැන ‍හොඳටම දැ‍නගෙනම ඉන්න ඕන නෑ තියලත් කියවෙනවා... නේ...

    ReplyDelete
  4. ඔය විදියට නම් දාර්ශනිකයෙකුට ලව් කරන්න අමාරුයි, සමහර දාර්ශනිකයන්ට මොලේ දාර්ශනික කම වැඩි හින්දම කෙළ වෙනව, ඊට පස්සෙ උන් කරපු ලව්වකුත් නෑ, අනුන්ගෙ ලව් දිහා බල බල හූල්ල හූල්ල විරහ ගී ලියනව. පට්ට දාර්ශනික කම (හික්ස්), හැබැයි මේ දාර්ශනිකයගෙ ආදරෙ උතුරල යනව, නියම දෙබස,ජය වේවා

    ReplyDelete
  5. හපොයි....h ට වෙලා තියෙන්නෙ අර ඉඳුරුවේ ආචාරියාගෙන් කැත්ත හදාගන්න ගිය එකාට වෙච්ච දේ නේද?
    'එකක් කඩතොලු හදා ගන්නට ගොහින් මට වූ කාරියා
    දෙකක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා'...!

    ReplyDelete
  6. හපොයි.... h ට වෙලා තියෙන්නෙ අර ඉඳුරුවේ ආචාරියාගෙන් කැත්ත හදාගන්න ගිය එකාට වෙච්ච දේ නේද?
    'එකක් කඩතොලු මකා ගන්නට ගොහින් මට වූ කාරියා
    දෙකක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා'...!

    ReplyDelete
  7. දාර්ශනිකයෙකු පෙම්වෙතෙකු වූ කල ඒක්කෝ ඈ ද
    දාර්ශනිකයක විය යුතුය
    නැතිනම් ඉතා ඉවසිලි වන්තියක විය යුතුය !

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...