Friday, November 26, 2010

තැලෙන යකඩෙට දෙපාරක් වද දෙන්න ඕනිද

කොලුවෝ……………
ඇයි බාසුන්නැහේ.....
මෙන්න මෙහෙ වරෙන් ඇවිත් ඔය මයින හම ඇඳපං.........
ඇයි ඔය යකඩේ රත් කරන්නේ
තලාගන්න ලේසිනේ බොල... රතුපාට වෙනකංම රත් කරාම තලාගන්න ලේසියි කියල බොට මං කියල තියනව නේද?.. කටවහගෙන ඕක ඇදපිය
ආහ්.. දැන් ඒක ගිනියම් වෙලා.. රතු පාටයි... ලේ වගේ වෙලා
හරි දැන් විගහට ගිහින් අඩුව ඇන්න වරෙන්………..
දැන් අල්ලපං ඕක අඩුවෙන්……….
මාමේ..
ඇයි බං.. වද දෙන්නේ ඕක හයියෙන් අල්ලං හිටපිය..
ඔය තරන් හයියෙන් යකඩෙට ගහන්න ඕනිද මාමේ...
නැතුව කොහොමද බං මේ යකඩේ තලා ගන්නේ…….
ඔය තරන් හයියෙන් ගහනවා නන් මාමේ ඇයි යකඩේ රත් කරේ
තැලෙන යකඩෙට දෙපාරක් වද දෙන්න ඕනිද මාමේ………………
කටවහගෙන කියන මං දේ කොරපිය…………..

ලියා එව්වේ - මගේ සඳ (http://magesanda.blogspot.com/)

7 comments:

  1. එක එක අය ලියලා එවන ඒවද දාන්නේ එකත් එල වැඩක්

    ReplyDelete
  2. ඔව්.. ඇත්තටම ඕනිම කෙනෙක්ට තමන්ගේ නිර්මාණයක් එවන්න පුළුවන්.. අපි ලෑස්තියි පලකරන්න...

    ReplyDelete
  3. දෙපාරක්නං මදෑ... ඕක තැළුණට පස්සෙ ආයෙ වතුරෙ දාලත් වල දෙනවනේ... කොහොමත් යකඩෙ තැළෙණව කියල තේරෙද්දි උඩ පැන පැන තලන එකයි සාමාන්‍ය ක්‍රමේ නේ... :D

    ReplyDelete
  4. නියමයි...!! අළුත් පැත්තකින් අළුත් විදියට ලියලා තියනවා!
    සමාජේ පැත්තෙන් ගත්තත් ගොඩක් වෙලාවට ඔහොම දේවල් තමයිනේ ඉතිං වෙන්නේ..!

    ඒත් ඉතිං යකඩ රත් නොකර නොතලා බැහැනේ නේ???

    ReplyDelete
  5. "තැලෙන යකඩෙට දෙපාරක් වද දෙන්න ඕනිද" නියමයි ජය වේවා

    ReplyDelete
  6. නම්ම ගන්න නම්, තලන්න කලින් රත් කර ගත්තම ලේසියි. ඒකයි බොල. :D

    ReplyDelete
  7. එකපාරින් තැලෙනවනං ඒ යකඩෙං වැඩක් තියේද?

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...