Thursday, November 25, 2010

බාලේ බැඳි ආලේ

එවිට මට යන්තම් අවුරුදු දාහතරයි, ඇයත් මගේ වයසේමයි.
අපි මුනගැසුනේ පංසලේ පවත්වපු උපකාරක පන්තියේදි.
ඇය අපිට ඉංග්‍රීසි සහ සිංහල උගන්වපු සර්ගේ දුව.
ආදරය මෙන්න මෙහෙමයි.
මට කියල දුන්නෙ ඇය.
පන්තියේදි අපි ඇස්වලින් කතා කලා.
සඳක් වගේ ලස්සන ඇගේ මුහුනේ මැවෙන්නෙ ලස්සන හිනාවක්.
පහුගිය මාසයෙම ඇය පන්ති ආවෙ නැහැ.
ඇයි එයා පන්ති ආවෙ නැත්තෙ.
අන්තිමටම ආපු දවසෙ ඇය මට ආපහු එන්නෙ නෑ කියලා ගියේ නැහැ.
බැරිම තැන ඇයගේ හොඳම මිතුරියගෙන් ඇහුවා.
“ඇයි එයා පන්ති එන්නෙ නැත්තෙ..?”
එයා හිනාවෙනවා.
මම ආයෙත් ඇහුවා. “ඇයි එයා එන්නෙ නැත්තෙ..?”
"එයා ලොකු වෙලා"
"මොකක්..?"
"එයා ලොකු වෙලා"
"මොකක්ද මචන් ලොකු වෙනවා කියන්නෙ..?"
මම මගේ යාළුවාගෙන් ඇහුවා.

ලියා එව්වේ - දුමී (http://dhumee.blogspot.com)

15 comments:

  1. ප්‍රශ්නයට පිළිතුර යාළුවාගෙන ලැබෙන්නට ඇතැයි සිතමි :-D

    ReplyDelete
  2. මරු :-D

    යාලුවා : ඒකි බං ජම්බුගහෙන් වැටිලානේ :P

    ReplyDelete
  3. අලි ලොකු වැඩක් නොවැ දුමී අයියේ වෙලා තියෙන්නේ....
    ඉතින් පටන් ගත්තු විදිහට ඔහොම ඉවර කරන එක හරිද මං අහන්නේ...
    මේ කතාවේ ඉතිරි ටිකත් කියන්නකෝ....මොකද උනේ කියල...?
    කට කහන පැත්තෙවත් දැම්මොත් හොදා විස්තර ඇතිව...

    ReplyDelete
  4. මේක දැන් ඉන්න අවුරුදු 8-9 එවුනුත් දන්නවා. ඒත් අවුරුදුගානකට උඩදි මේ ගැන දැනුම ලැබෙන්න අවුරුදු බර ගාණක් ගියා කොල්ලෙක්ට... ලව් කියල කියන්නෙ කුණුහරපයක් නෙවෙයි කියල මට තේරෙද්දිත් අවුරුදු 12 ක් විතර ඇති. ඒ වෙනකල් හිතුවෙ ඒක මහ ජරා වැඩක් කියලා...

    මේ වැඩෙත් හෙනම සිම්පල් කේස් එකක් කියල තේරෙන්න ගතවෙන කාලෙ එන්න එන්නම අඩු වෙනවා

    ReplyDelete
  5. සමහර දේවල් අපි නොදන්න තරමට හොඳයි කියලා මට නම් හිතෙනවා...
    පොඩි කාලේ නම් ඔය වගේ එකි මෙකී දේවල් හෙව්වත් මේ වෙද්දි නම් නොදන්න තරමට හොඳයි .... 8වොලට් එකේ කීයක් හරි ඉතුරු වෙනවා නේ...)

    අනික ඉතින් ඔය ලොකු වෙනවා කිව්වේ එයා ලොකු සයිස් වෙලා වෙන්න ඕනේ නේද දුමී?

    ReplyDelete
  6. ම,
    ඒ කාලේ ඔය වගේ දේවල් ගැන කතා කරන්න හිටියේ යාළුවො විතරනේ. අපේ වගේ සම්ප්‍රධායාණුකූල සමාජයක මේවගේ කරුණු කෙලින්ම දෙමව්පියන්, ගුරුවරු එහෙමත් නැතිනම් වැඩිහිටියන් එක්ක කතා කරන්න පුළුවන්කමක් තිබුනේ නැහැනේ. හරි හෝ වැරදි හෝ ලිංගික දැනුම විකාශය වෙන්නෙත් සාකච්චා කරන්න පුළුවන්කම තිබුනෙත් යාළුවෝ අතරේ තමයි.

    ReplyDelete
  7. @බනී මලේ,
    එතකොට එහෙම එකක්වත් දැන්නෙ නැහැ බං . . . !

    @mhasantha,
    ඒකනං ඉතින් වචන සීයකින් ඉවර කොරන්න පුළුවන් කෙලියක් නෙමෙයි . . . !

    ReplyDelete
  8. @h,
    ඒ දැනුවත් වීම හොඳ එකක් වෙයි එය හරියටම නිවැරදිව ඉගෙන ගත්තනම්. අපි සාමාන්‍ය පෙළ කරන කාලේ අර ප්‍රජනනය කියලා 10 වසරේදි පොඩියට විද්‍යාව පොතේ දාල තිබුනට ඒකෙන් හරිම ලිංගික අධ්යාපනයක් ලැබුනද කියලානම් සැකයි. ඒකෙන් උනේ තියෙන ප්‍රශ්න වලට තව ප්‍රශ්න ටිකක් එක්කාසු වීම සහ විද්‍යාව උගන්වපු සමහර ටියුෂන් කඩ කාරයන්ට මාකට් කරන්න හොඳ සබ්ජෙක්ට් එකක් හම්බවෙච්ච එක විතරයි.

    ReplyDelete
  9. @ Il mondo di una povera pazza,
    මට ඇත්තටම කියන්න ඕනෙ උනේ බාල කාලෙදි බැඳෙන ආදරය කොච්චර සුන්දර උනත් අපි ඒ කාලේ කොච්චරනම් 'නොදැනුවත්ද' කියන එකයි.

    ReplyDelete
  10. ඉතිං ඇත්තටම ලොකු වෙලා තිබුනද බන් . .. .

    හික් හික් හික් . .

    දැන් මේක කියෙව්වාම තෝ මාව අල්ලගන්නව හෙම නෙමෙයි හෙට හවසට සෙට් වුනාම . . .

    ReplyDelete
  11. මේ ලොකු වෙන කතා කියවපු වෙලේ තව පරන කතාවක් මතක් වුනා.

    මහින්දගේ ආගිය කතා පොතේද කොහේද මේකත් තිබුනේ.

    එක ලොකු මහත්තයෙක්ගේ ඔෆිසියල් ඩ්‍රැයිවර් මාර ආසයිලු මිනිහට හොඳට ඉංග්‍රීසි පුලුවන් කියලා ඔෆිස් එකේ අනිත් අයට පෙන්නන්න.

    මිනිහ පුලු පුලුවන් හම වෙලාවෙම ඉංගිරිසි කෑලි දාලලු කතා බහ.

    දවසක් අර ලොකු මහත්තයා ඔෆිස් එකේ මීටින් එකක ඉන්න වෙලාවේ මහත්තයාගේ ෆෝන් එක සයිලන්ස් මෝඩ් දාලා නිසා නෝනා ඩ්‍රැයිවර්ට කෝල් කරලා කියලා දුව ලොකු ළමයෙක් වුනා කියලා මහත්තයට පනිවිඩේ දෙන්න කියලා.

    මිනිහට හෙන චූන්ලු අනිත් අය ඉස්සරහා ඉංගිරිසියෙන් කෑල්ලක් දෙකක් දාලා පනිවිඩේ දෙන්න ඇහක් කියලා හිතිලා.

    මිනිහා මීටින් රූම් එකේ දොර ලඟට ගිහින් දොරට තට්ටුවක් දාලා දොර පොඩ්ඩක් ඇරලා ලොකු මහත්තයට පනිවිඩේ කියන්න ගත්තලු.

    "සර් මැඩම් කෝල් කලා ඉමර්ජන්සි කියලා"

    "මොකද්ද මොකද්ද " ලොක්ක බය වෙලාලු

    "නෑ සර් මේ ඩෝටර් ගැන"

    "අයි දුවට මොකෝ" ලොක්ක පුටුවෙන් නැගිට්ටලු

    "බය වෙන්න දෙයක් නෙමේ සර් . . සර් ගේ ඩෝටර් එන්ලාජ් වෙලාලු"

    ReplyDelete
  12. @දුකා,
    හිටහන්කො තෝව අල්ලගෙන පොඩි කරන්න හෙට . . .

    ReplyDelete
  13. @දුකා,
    මෙහෙම හරි කමෙන්ට් එකක් විදිහට හරි උඹෙන් පෝස්ට් එකක් ලැබෙන එක ලොකු දෙයක් බං. කතාව නම් සිරා. මටත් මතකයි මේක අහල තියෙනවා වගේ . . . !

    ReplyDelete
  14. මුලින්ම කියෙව්වමත් ලොකුවට හිනාවක් ගියා.. ‍කමෙන්ට්ස් වලින් කතාව ආයෙමත් සීරියස් කරලා..!
    නියමයි..!!!
    දුකා අයියගේ කතාවත් මරු ඈ..,!!

    ReplyDelete
  15. හෙහෙ ...ඔය ජම්බු ගහෙන් කතාව ඒ කාලෙ තිබුනෙ නැතුව ඇති නේද දුමී අයිය
    ඉංග්‍රීසි සර්ගෙ දුව නිසා දුකා අයිය කිව්ව වගේ සර්ගෙ දුව එන්ලාජ් උනාද කියල අහන්න තිබ්බෙ ...අපරාදෙ.. හිහි :D

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...