Wednesday, November 24, 2010

කඩඉමෙන් එහා

ඉගිලෙන්නට හිතයි
පියාපත් විහිදා
මේ ප්ලාස්ටික් සිහින වලින්
තව ටිකක් ඔබ්බට
මෝහයේ නිද්‍රාව
ගත වෙලා ගන්නට කලින්
එකම එක සැරයක්
ඔය දෑස් හැර බලන්න
රුදු වස්සානයෙන් සේදී ගිය
ඒ වසන්තය දිහා
තැලී පොඩිවී මියැදුනු
සමනල පියාපත් වල ගීතය
ඔහේ දෝංකාර දෙන හැටි
ගොම්මනේ විලාපයටත් උඩින්
මොකද මේක අපේ කථාවයි
සිතිජයෙන් එහා තනිවුණ
නූපන් ආත්ම වල
සිනහවෙන් වැසී ගිය
කඳුලු වල අඳෝනාවයි
නිම් නැති නිමේශයක
කළුම කළු යථාර්තය
නෙතින් නික්මී
පලා යන්නටත් මත්තෙන්
ගිම්හාන කටු ඇනුණු හදවතක
ඇදුම් කන පැතුම් පොදි
නෙක සුසුම්හී රැඳී
වියැකී යන්නටත් කලියෙන්
පුළුවන් නම් අහන් ඉන්න
එකම එක් වතාවක්
මොකද අපේ තනියට
අද නෑ තරු අහසවත්

ලියා එව්වේ - Dilan Dhananjaya (http://dilandadevil-poems.blogspot.com/ )

6 comments:

  1. ඈත රටවල තනිවෙලා ඉන්න කාට කාටත් දැනෙන දෙයක් කියන්න ඕනෙ කියලා හිතුනා..මටනම් කාත් කවුරුත් නෑ කියන එක මෙහෙ ඉන්න හැම දවසකම දැනෙන දෙයක්...ඒ තනිකමත් උහුලගෙන ජීවත්වෙන එක හැරෙන්න වෙන කිසි දෙයක් නෑ.....බොහොම ස්තූතියි පල කලාට...

    ReplyDelete
  2. එක නම් ඇත්ත යාලුවේ...
    මාත් කාලයක් දුර රටකට වෙල හිටපු නිසා ඒ අත්දැකීම මටත් තියෙනව...ජීවිතේ අරමුණු ඉටු කර ගන්න ඔනි නිසා අමරුවෙන් හිත හදාගෙන මෙහේ දාල ගිය අය මතක් වෙනකොට.......

    ඇත්ත අපිට, අපි ලග,අපි ගැන හොයලා බලන්න කවුරුවත් නෑ කියල හිතුනු වාර නම් අනන්තයි....

    ReplyDelete
  3. මට මතක් වුනා රත්න ශ්‍රී මේ වගේ වෙලාවක කියුබාවෙ බෝ ගහක් දැකලා ලියලා තිබුනු කවියක් .. සිරා කවිය මචං...

    ReplyDelete
  4. මටනං මේකෙ තනිකම ගැන හැඟීමටත් වඩා දැණුනෙ යථාව ගැන අදහසක්. අපි ඉන්න හීන ලෝකෙන් ගැලවිල අවදිවෙන්න කරන ආරාධනයක්... එක අතකට ඒ දේවල් ගැන හිතෙන්න තනිවෙලා ඉන්න එකත් ටිකක් අවශ්‍ය සාධකයක්!

    ReplyDelete
  5. සහෝදර h, ඔබ හිතුව විදිහත් එක්තරා විදියකට හරි. ඒ මොකද මේ නිර්මාණය ඇතුළු මගේ ගොඩක් නිර්මාණ ඇතුලත් වෙන්නේ Abstract Art කියන නිර්මාණ ගණයට. ඒ කියන්නෙ රසිකයගෙ නිර්මාණශීලී චින්තනයට මේවායෙන් විශාල ප්‍රමාණයක ඉඩක් ලබා දෙනවා. මේක රස වින්දනය කරල අවසානයේ රසිකයට දැනෙන්නේ මොකක්ද අන්න ඒක තමයි කථාවෙන් කියන්න හදල තියෙන්නෙ. ඒවගෙ නිර්මාණයකට හොඳම උදාහරනය තමයි ඔබලා විසඳන්න හැදුව 'ගල් පිළිමය' කථාව. ඒ කථාවේ paradox එකක් තිබ්බා ඒකයි කට්ටියම රචකයා විසඳනකම් හිටියෙ. ඒක තමයි සැණකෙලියක තිබෙන්නාවූ අංගයන් වලින් ආදරයක අවසානයක් පිලිබිඹු වෙයි කියල අපේ මනස හිතන්නෙ නැති එක. ළමයි ටික හිනා ගස්සන්න හැදුවා යැයි කීමෙන් රචකයා තව තවත් කථාවේ අදහස බොඳ කරන්වා. මට හිතුන විදිහට ඒක හොඳ දෙයක් නෙවි.

    ReplyDelete
  6. ටිකක් සංකීර්ණ ඒත් සුන්දර නිර්මාණයක්!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...