Friday, November 19, 2010

ප්‍රතිවාදියා

මම හිටියෙ පිටපිටම දොලොස් දෙනෙක්වම දාම් පිටියෙන් පරද්දවල. ජයග්‍රහණයේ සංකේතයක් හැටියට සිගරට්ටුවකුත් මගේ මුවග දැල්වුනා.
තව එකෙක් ඉදගත්තා.
“මේක ඉහලින් ආපු අණක්”
තරගය නරඹන්නො පිරිස අතර හිටි එකෙක් අහක බලාගෙන කිවුවා. නිකන් ඕනෑවට එපාවට වගේ.
මම කලු ඉත්තෙක්ව ඉස්සරහට ඇදල උගුලක් ඇටෙවුව.
“ඉහලින් ආපු අණක්”.
ආපහු පිරිස අතරින් කසුකුසුවක්.
ප්‍රතිවාදියගෙ සුද්දෙක් පිම්මක් පැනල මගේ උගුල කඩා දැම්මා.
මම හයියෙන් දුම් උගුරු තුනක් ඇද්දා. තත්ත්වෙ භයානකයි.
“ඉහලින් ආපු අණක්”
ආපහු අර මල විකාර කසුකුසුව.
සිගරට්ටුව මගේ අතින් ගිලිහුණා. ඒත් එක්කම සුද්දෙක් රජඋනා.
මම පලවෙනි පාරට පරාජිතව ප්‍රතිවාදියාගේ මූණ දිහා බැලුවා.
බුදු නෙතක් වගේ කරුණාවන්ත දෑසක්.
සිගරට්ටුව තාම බිම.
“නිවිද්දෙන්”
මම හිතුව.

ලියා එව්වේ - Raven (http://www.sihinasewanali.blogspot.com/)

9 comments:

  1. සැබෑ ප්‍රතිවාදියා කියන්නේ එකෙක්.. ඒත් සැබෑ ප්‍රතිවාදියා කියන්නේ එහා පැත්තේ ඉන්න එකාද..? ඉන්දියා පකිස්ථානු යුද්ධෙ ගැන මෙහෙම කතාවක් මම චිත්‍රපටියක දැක්කා.. ඉන්දියාවේ ජනාතාවට ඉන්දියානු භටයෝ දේශප්‍රේමියෝ වෙනවා වගේම පකිස්ථානයේ ජනතාවට පකිස්ථානයේ සෙබළු දේශප්‍රේමීන් වෙනවා.. මේකෙ අනික් පැත්තත් එහෙමයි.. ප්‍රතිවාදියා යනු සතුරා ද? නියම සටහන..

    ReplyDelete
  2. ඉහලින් ආපු අණක්

    ReplyDelete
  3. මට තේරුනේ නැහැනේ................

    ReplyDelete
  4. මේකෙදි ප්‍රතිවාදියා ඇත්තටම ඉදිරියෙ ඉන්න කෙනා නෙවෙයි. ප්‍රතිවාදියට ඉහලින් ලැබෙන අණ තමයි ප්‍රතිවාදියා මෙහෙයවන්නේ... ඒක මම කියන පුද්ගලයට දැනීමත් එක්කයි ඔහුට තරගයේ ගැම්ම දැණෙන්නේ. ඔහුට වරින්වර "ඒක ඉහලින් ආපු අණක්..." විධියට ඇහෙන්නෙ ප්‍රතිවාදියට ඔහුගෙ තියෙන බිය. ඔහු තරග කරල තියෙන්නෙ ඔහුව පරාජය කිරීම පිළිබඳව ආඩම්බරවත් නොවෙන මනුස්සයෙක් එක්ක. අවසානෙදි "මම" ට සැනසීම ගේන්නෙත් ඒ තරගකරුවමයි....

    සිරාම තමයි!!

    ReplyDelete
  5. නිවිද්දෙන් කියන්නේ මොකක්ද?

    ReplyDelete
  6. පිට පිට ගොඩක් දේවල් ලැබෙද්දි අපිට තව තව දේවල් ඕන වෙනවා.. ඒත් එක සැරේ වෙන පුංචි සිදුවීමක් ඇති අපි ඉන්නේ මායාවක කියලා දැනෙන්න.. මෙච්චර කල් මං මේ මොනවද කරේ කියලා හිතෙන්න.. ‍අර ප්‍රතිවාදියාගේ නිවුනු ඇස් දෙකත් ඒ වගේ මායාවකින් ගලවපු එක ටර්නින් පොයින්ට් එකක් වෙන්න ඇති.

    ReplyDelete
  7. ස්තූතියි හැමෝටම.
    මේකෙ ප්‍රතිවාදියා=මරණය කියල අරගත්තොත් තවත් විදිහකට කියවන්න පුලුවන් වේවි. ;)

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...