Sunday, November 14, 2010

විපරීතය

මට සමාවෙන්න..
මට ඔයා ගැන feeling එකක් නෑ, නිසල..

එතකොට, ඔයා මෙච්චර කලක් බොරුවටද මට ආදරේ කරේ උත්තරා??
බොරුවට ආදරේ කරන්නේ කොහොමද?

ඔයාට feelings තියෙන කවුරු හරි හම්බ උනොත් එහෙම??
මං එයාත් එක්ක ඉන්නවා. ඒකේ තියෙන වැරැද්ද මොකද්ද?

ඔහ්.. ඔයා එයාටත් ආදරේ වෙනවද?
නෑ… මට තේරෙන විධියට ආදරේ කියන්නේ කියාගන්න බැරි තරමටම, ලොකූ..ම, ලොකූම ලොකු එකක්.

හොද Personality එකකුයි, Attraction එකකුයි තියෙනවා නම් Sexual relationship එකකට යන්න පුළුවනි.
ඒත් ආදරේ කියන්නේ, එහෙම Simple දෙයක් නෙමෙයි.

ඒත්, එතකොට ඔයා කරන මේ හැමදේම, මම ඉවසන් ඉන්න ඕනේද?
හ්ම්ම්..

ඒ මොකද?
මම වෙන එවුන් එක්ක Sex කරනවා විතරයිනේ, මේ තරමට ආදරේ නෑනේ…

හ්ම්ම්ම්..

ලියා එව්වේ - පිස්සාගේ ලෝකය (http://pissa-pissublog.blogspot.com/)

6 comments:

  1. තැන්කිව් වේවා, අපේ ඔක්කෝන්ටම මේක පල කරාට..

    ජය!!

    ReplyDelete
  2. ප්‍රීතියි ප්‍රීතියි ප්‍රීතියි . .. . අම්බානක ප්‍රීතියි . . . අපේ දයාබර පිස්සා මළවුන්ගෙන් නැඟිටලා . . . . හුරේ . . . කියන්න වදන් නැත . . . රොම්බ හැපී

    ReplyDelete
  3. අඩෝ දුකෝ...

    මේ දවස් වල වැඩ බං.. ඇත්තටම මැරිලා වගේ තමයි..
    මගේ ස්කොලර්ශිප් එක ඉවරයි. දැන් හම්බ කරන් කන්නේ බොන්නේ...ඒකයි වෙලාව නැත්තේ..
    උඹට මේල් එකක්වත් දාන්න බැරි උනාට සමාවෙයන්..
    ටච් එකේ ඉමු..

    ReplyDelete
  4. ඊමේල් ඕන නෑ බන් . . උඹ හොඳින් ඉන්නවා නම් එච්චරයි . .
    මේ පෝස්ට් එක ගැන හිතෙන දේ කියන්න නම් තව දෙතුන් පාරක් කියවලාම ඉන්න ඕනි . .
    උඹේ හැමදේම හොඳින් විසඳේවා කියලා පතන්නම් මචෝ . .

    ReplyDelete
  5. මචන් . . .
    මේ ආදර කතාවේ හැටියට

    නිසලගේ ආදරේ හරිම සාමාණ්‍ය ලිංගික සම්බන්ධකමින් නිමාවෙන අයිතිකර ගැනීමේ ආදරයක් . . .

    ඒක කවදා හරි දවසක නැති වෙන්න පුලුවන් . .

    උත්තරාගේ නිසල බලාපොරොත්තු වුනු කොලිටීස් . . රූපය . . එහෙම නැතිනම් පොඩි හරි වෙනසක් . . මේ ඕනෑම දෙයක් හා මීට වඩා වෙනස්ම හේතුවක් නිසා හරි ඒක ඕනෑම වෙලාවක නැති වෙන්න පුලුවන්

    ඒත් උත්තරාගේ නිසලට තියෙන ආදරේ

    කවදාවත් මොනම හේතුවක් නිසාවත් නිමානොවන සමහර විට අපි සාංසාරික බැඳීම් කියලා කියන ජාතියේ එකක් . . .
    නිසල උත්තරාට නොසැලකුවත් . . . වෙනස් කමක් කලත් . . නිසල ජරාම ජරා සතෙක් වුනොත් හැර වෙනස් නොවන ආදරයක් . .
    හරියට නන්දක්කා කියන ජාතියේ සඳ එළිය සේ අචින්ත්‍ය එකක් . . .

    උඹත් වෙන කවුරුත් කියයි එහෙම ඒවා මේ ලොකේ නෑ . . තියෙනවනම් ඌට හෝ ඒකිට පිස්සු කියලා . . .

    ඒත් මම කියනවා තමන්ට කරන්න බැරි වුනු පලියට එහෙම ඒවා මේ ලෝකේ නෑ කියලා කොහොමද කියන්නේ . . .

    මේ දුක්බර ප්‍රේම කතාවේ එපිසොයිඩ් මුල ඉඳන්ම කියවන එකෙක් විදිහට උත්තරා ගැනත් නිසල ගැනත් දුක් වෙලා එයාලඟේ දුකට හඬන්න උරහිස දෙන එකෙන් එහා වෙන යමක් කරන්න බැරි එක ගැන දුකෙන් හඬනවා ඇර වෙන මොනා කරන්නද මචන් . .

    ReplyDelete
  6. අපෝ මේ ඩෘකා අයිය ඇවිත් හැම තැනම කක්කි දාල. :D

    මම නම් මේ කියන විවිධත්වය ගැන දන්නෙ නෑ... නැත්තං මට ඒ ගැන ඒ විධියෙ අත්දැකීමක් නෑ... ලිංගික උවමනාව තෘප්ත තරන ඕනම වෙලාවක ඒකට හැඟීමක් හදාගන්න පුළුවන් බව ඇත්ත. ඒකට සීමාවක් නෑ... ආදරේනම් ඉතිං අනෙකා ගැන තියෙන නොදන්නකමත් එක්ක ඇතිවෙන කුතුහලයේ ප්‍රතිඵලයක් විධියට පටන්ගන්න හැඟීමක්... නමුත් ඕක පවතින්න භෞතික ගනුදෙනුවක් ඕන කරනවා නේ... එහෙම වුණාට පස්සෙ ඔය දෙකේ වෙනසක් නෑ... අර සමා‍ජෙ රෙජිස්ටර් වෙලා තියෙන අච්චුවට හැඩගැහෙනව ඇරෙන්න ඊට පස්සෙ ඔය දෙකේ වෙනසක් දදැණෙන්නෙ නෑ....

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...