Friday, November 12, 2010

පූර්ව ජන්මයේ අපූර්වය සොයා ගැනීම

ගොඩාක් කාලෙකට ඉස්සර.
මම ඒ රටේ නායකයා.
මට විරුද්දව ලියන්නෝ ඔක්කෝම මැරෙව්වා.
මගේ නගරේ ලියන්නෝ බිහිවෙන්න දුන්නේම නෑ.

හොයල හොයල අන්තිමට උත්තරේ හම්බුනා.
සුනේත්‍රාගේ පූර්ව ජන්ම අපූර්වයේයි කර්ම අත්පොතේයි තමයි තිබුනේ.

මුලින්ම නමය වසරෙදි.
නවකතාවක්.
පෙම් කතාවක්.
අහුවුනේ නංගීට.
නෝන්ඩි කෝටියයි.
ලිවීම නැවැත්තුවා.

දෙවෙනියට එකොළහ වසරින් පස්සේ.
නිසඳැස්, කෙටි කතා.
අහුවුනේ යාලුවන්ට.
චා මැක්ස් කලා.
කින්ඩි පිට කින්ඩි.
ලිවීම නැවැත්තුවා.

ඊලඟට ඔෆිස් එකේදි.
ඒත් පොඩි කතා.
ඒකත් යාලුවන්ට.
ආයේ පාරක් නැවැත්තුවා.

අන්තිමට බ්ලොග් එක.
අන්වර්ත නමකින්.
ෆිට්ම උන්ට කිව්වා.
පස්සේ මම්ම කිව්වා.
බොක්කෙන්ම ලිව්වා.
හිතේ හිරවෙලා තිබුනු ඒවා එලියට ගියාම පුදුම සනීපයක්.
මේ පාර නෝන්ඩි සමඟ වලි.
මම ලිවීම නැවැත්තුවා.

ලියා එව්වේ - දුකා (http://dukaa.blogspot.com/)

19 comments:

  1. මට අර බූරුවයි තාත්තාගෙයි පුතාගෙයි කථාව මතක් උනා බන්........

    ReplyDelete
  2. උඹට මොකක් නමුත් වලිගේ පෑගීමක් වෙලා කියලානං මටත් හිතෙනවා..
    කව්ද උඹට වලි සහ නොන්ඩි දැම්මෙ..?
    පිස්සු කෙළින්නේ නැතිව ලියපන්...

    මෙ මොන මගුලක්ද..?

    ReplyDelete
  3. කවුද කවුද උඹට වලි දාන්නේ? :-D

    ReplyDelete
  4. මේකනම් ඒතරම් හොඳවැඩක් නෙවෙයි..!

    ReplyDelete
  5. ඇඩෝව්...කවුද ඩෝ කිංඩි දාන එකා...? කඩනවා අඩු..!!

    ReplyDelete
  6. @ ම,
    එයාට වලිදාන්න අපිට බෑනෙ ම.
    කවුරු උනත් එයාට සමීප පිරිසක්.
    හිතේ තියෙන දෙයක් එලියට දාලා නිදහස්වෙන මිනිහෙකුට වඩා, හැම දේම මර්දනය කරගෙන විඳවන සහ ගල්උනු මිනිහෙකුට කැමති පිරිසක්.
    Sorry දුකා. උඹ ඔයිට වඩා වටින මිනිහෙක්.

    ReplyDelete
  7. මේක මේ කතාවක් විතරයි නේද ඩෘකා? මොනව වුණත් ලියන මිනිස්සු සම්බන්ධයෙන් කතාව ඇත්ත... ඔය හේතු මත නොලියා ඉන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා... ලිවීම තමන්ට විතරක් සීමා කරගෙන ඉන්න කට්ටියත් ඉන්නවනේ... සමහරක් විට ඒක හොඳ වෙන්නත් පුළුවන්....

    දැන් එතකොට ඕකට හේතුව පෙර කල අකුසලකර්මෙ තමා නේ...... ;-)

    ReplyDelete
  8. මට නම් යටි‍ පෙළ හිතාගතහැකි.. දුකාට වලි දාන්න ඉතිං හැමෝටම බැහැනේ.. නිසි බළදාරියෙකුට හැර.. එහෙම අය ගොඩකුත් නැහැනේ.. පහුගිය ටිකේ බ්ලොග් එකේ පැවැත්ම බලද්දි ඇත්ත නැත්ත හිතාගන්න පුළුවන් වගේ..
    ඕක තමයි මම හැමවෙලේම නිර්නාමිකව ලියන අයට නිර්නාමිකවම ඉන්න කියන්නේ..
    කොටින්ම මම ලියන දේවල් මගේ අම්මා අප්පාවත් දන්නේ නෑ..! දැනගත්ත දාට මටත් ලියන්න වෙන්නේ මේ පෝස්ට් එක වගේම එකක් නිසා..!

    ReplyDelete
  9. දුකාගේ මේ තීරණය ගැන මම තරම් කම්පාවෙන එකෙක් නැහැ. මගේ බ්ලොග් එකේ තිඹිරිගෙය බිහි උනේ දුකාගේ බ්ලොග් එක හරහා. ඌ ලියපු පෝස්ට් එකක් දෙකක් කියෙව්වහම තේරෙයි දුකා කියන්නෙ කොච්චර සොඳුරු අව්‍යාජ මිනිහෙක්ද කිය්ලා. සැබෑ ජීවිතේදි ඌ එහෙමයි. මම ඌව ආශ්‍රය කරපු මාස හයේදි මට ඒක හොඳට තේරුනා. දුකා මිනිස්සුන්ගේ ආදරයට පාත්‍ර උනේ උගේ බ්ලොග් එක නිසා. මම ඇත්තටම හිතන්නෙ නැහැ, දුකාට බ්ලොග් එක ලියන්නෙ නැතිව ජීවත් වෙන්න පුළුවං වෙයි කියලා. මාළුවෙක්ට ජීවත් වෙන්න වතුර අනිවා ඕනෙනෙ !!

    සමහර වෙලාවට අපි දුකාගේ බ්ලොග් එකට දාපු සමහරක් කමෙන්ට් නිසාත් මේ තත්වයට මග පාදන්න ඇති කියලා මටනම් හිතෙනවා. කොහොම උනත් මේ තත්වය ඉක්මනටම විසඳේවා කියලා තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නෙ.

    අද තියෙන ගොඩක් නිසරු කියවන්න නොහිතෙන බ්ලොග් අතරේ නිල් දියමන්තියක් වගේ වටින දුකාගේ බ්ලොග් එක නැවතුනෝතින් මුළු සිංහල බ්ලොග් අවකාශයම නියගයට අහුවෙච්ච පරඬැලක් වගේ වේලිලා යයි . . . !

    ReplyDelete
  10. මේ පෝස්ට් එකට මගේ බලවත් විරෝධය...
    තමන්ගේ දුක සැප බෙදාගන්න ඉන්න කෙනා නිසා තමන්ගේ බ්ලොග් එක නවත්තන්න සිදුවුනි කියා ලොවට හඬගා කීමකි මේ...
    මේ බලාපොරොත්තුවෙන්නේ කාගේ අනුකම්පාවද..?
    දුකා ලෙඩ වූ විට කොත්තමල්ලී කෝප්පය දෙන්නේ ඈ පමණි...
    මේ කොමෙන්ට් දමනා අප නොවේ...!
    පවුල් ජීවිතෙයේ අභිවෘධිය වෙනුවෙනුත් දරුවන් වෙනුවෙනුත් සියලු කැපකිරීම් කිරීමට මා පුරුදු වුනේ මාගේ දෙමව්පියන්ගෙනි...
    එය අපේ සමාජ ප්‍රගමනයටම හේතු වේයයි මම බලවත්ව විස්වාස කරමි...!
    වෙනත් රටක වෙනත් සමාජ සාරධර්ම වලට අනුගත වූ පසු නම් කමම් නැත... එහෙත් එතෙක්... " එදා දුටු සඳ නොවූවත් ඔබ මගේ සඳමය..."

    ReplyDelete
  11. මිනිහෙක් කැපකිරීම් කිරීමේ මට්ටම මේක නෙවෙයි නම් උඹ ලියන එක නවත්තපන් නැත්නම් මේක සීමාව ඉක්මවා යාමක් කියලා හිතෙනවානම් ලියපන්..

    ReplyDelete
  12. තිස්ස සමග මුලු හදවතින්ම එකඟ වෙමි,

    ජීවිතයේ ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමකටදැයි තීරණය කල යුත්තේ අපිමය,

    දුකා තීරණයක් ගෙන ඇත, එයට අපි ගරුකල යුතු වෙමු,

    එහෙත් මෙම පෝස්ටයෙන් දුකා අදහස් කලේ කුමක්ද යන්න මට තවම නොතේරේ,

    ReplyDelete
  13. රාහුල හාමුදුරුවෝ ස්ත්‍රී වර්ණනා හා සම්භෝග වර්ණනා සිය කාව්‍යයන්හි යොදා ඇති අයුරු දුටු රජු 'මෙවා කරලා වෙන්න ඇති ඉගෙන ගත්තේ' තෙරණුවන් විචාළහ. මදක් ඔබ්බෙන් අසූචි ගොඩක් තිබෙනු දුටු රාහුල හෙරණුන් වහන්සේ මළ කෑ කඩුවක් ගෙන්නවා කඩු මුණ එහි අන්නවා තැබ්බවූහ.මඳ වෙලාවකට පසු අසූචි ගොඩෙන් ඉවත් කළ කඩුමුණෙහි මළකඩ ඉවත් වී තිබෙනු රජුට පෙන්වූ තෙරණුවෝ 'ඒ මන්දැයි' විචාලහ. 'අසුචි ඇඹුල් නෙව සාමිනි එක නෙවැ මළ ඉවත් වූයේ' රජු කීවේය.'ගූ කාලා වෙන්න ඇති ඉගෙනගත්තේ?" හිමි විමසූ විට රජු නිරුත්තර විය.

    ReplyDelete
  14. හෂිත කියන පරිදි මෙය හුදු නිර්මාණයක්ම පමණක් නම් මම දුකා ගෙන් සමාව ඉල්ලමි...

    ReplyDelete
  15. හුදු නිර්මාණයක් ලෙස හෝ සත්‍ය හෝ සත්‍යයෙන් අඩක් ඇති වාර්ථාවක් ලෙස හෝ පැහැදිලි කිරීමක් හෝ හිත හදා ගැනීමේ ක්‍රමවේදයක් මේ කොයි දෙයක් ලෙස හෝ ලියන අයෙකුට ලිවීමේ නිදහසක් ඇතුවාක් මෙන් . . . කියවන්නෙකුට තමා කියවන ලියවිල්ල තමා කැමති ආකාරයේ රාමුවක් එයට ඔබ්බවා තමාට ඇවැසි ලෙස කියවිය හැකි මෙන්ම ඒ රාමුවට අනුව තමාට එය අරුචි නම් තමාගේ අරුචිය ප්‍රකාශ කිරීමේ නිදහසත් ඇත.

    ඒ අතරම එය කමෙන්ට් හිඟා කෑමක් හෝ අනුකම්පාව හිඟා කෑමේ වෑයමක් ලෙස වුවත් පෙනී යා හැක. හිඟාගත් කමෙන්ටුවකින් හෝ අනුකම්පාවකින් කල හැකි කිසිවක් ඇත්දැයි දන්නේ එසේ කල එකෙක්ද විය හැකියි . . . (සමාවෙන්න )

    තවද තමා කියවූ රාමුවට අනුව වැරදිකාරිය ලියූ එකාගේ ගෑනි ලෙස පෙනී ලියූ එකාගේ මිතුරෙක් ලියූ එකා හෝ උගේ ගෑනි සමඟ තරහා වී තරහා පිරිමහන්න හදයි නම් එවන් යාලුවෙක්ගෙන් ලියූ එකාට හෝ ගෑනිට වැඩක් වේදයි කියාත් සිතිය හැකියි නොවේද . . . .

    සටහන පිලිබඳ අදහස් පල කල සැමට ස්තූතියි

    ReplyDelete
  16. අනුකම්පාව ගැන කීයේ මා නිසා දුකාගේ අවසන් කොමෙන්ටුවට පිලිතුරු දෙන්නම්... (කස කරුවෙකුත් ආ නිසා..!)

    1. පලමු ඡේදයෙන් පෙනෙන පරිදි ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ලිවිය හැකි අතර, කොමෙන්ටු දාන අයටද ඕනෑම දෙයක් ලිවිය හැක... එසේනම් කිසිම ප්‍රස්නයක් නැත... එසේ සිතන්නේ නම් ඒ එක් එක් කාරණයට උත්තර ලිවීම අනවශ්‍යය... නමුත් මම එහෙම නොසිතමි... එනිසා දුකාට උත්තරයක් ලියමි...

    2. දෙවෙනි ඡේදයට හා හෂිතත් ලියා ඇති පරිදි, අනුකම්පාව හිඟා කෑමේ වෑයමක් ලෙස පෙනී යාමට එසේ කල එකෙක්ම විය යුතුම නොවේ... දුකා සිතන්නේ පලමු ඡේදයෙන් දක්වා ඇති ආකාරයට නිසා සමාව ඉල්ලීමක්ද අනවශ්‍යය....

    3. තුන්වෙනි ඡේදය නම් ප්‍රස්නකාරීමය... තරහා වීමක් හෝ තරහා පිරිමහ ගැනීමක් ගැන සඳහන් වූයේ කොහේද...? මා පෝස්ටයට විරෝධය පෑම නිසාද මෙහෙම හිතන්නේ...?

    මම පළමු කොමෙන්ටුව් දැමූයේ දුකාගේ බ්ලොගයත් ඉහත ඇති මලී ගේ කොමෙන්ටුවත් කියවා ඇතිවූ හැඟීම මතම පමණක් බවත් සඳහන් කරණු කැමැත්තෙමි...

    ReplyDelete
  17. අදහස් පල කල සැමට ස්තූතියි

    ReplyDelete
  18. @කා...

    මම මෙ පෝස්ට් එක දිහා මුල ඉඳලම බලාගෙන හිටියේ..
    මම සමහර දේවල් ගැන හුගාක් හිතුවත් ඒ හැම එකක්ම කියන්න යන්නේ නැත්තේ ඒ තුළින් නැති ප්‍රශ්න ඇති කරගන්න අකමැති හින්දයි.

    මෙ බ්ලොග් අවකාශෙට ආ දවසේ ඉඳලා දැන අදුනගත්තු මනුස්සයින් අතර උඹත් එකෙක්..ඒ හින්දා මම උඔ ගැන උනන්දුයි.

    මොනවා නමුත් ප්‍රශ්නයක් තියෙනවා කියලා මට අමුතුවෙන් හිතන්න ඔන නැහැ.

    නමුත් ඒ ඇයි කියන එක මම දන්නේ නැහැ.

    මොනවා උනත් උඹ දැන් නොලියන බව මම දන්නවා.
    මට ඒකට බලපෑමක් කරන්න අයිතියක් නැහැ.
    නමුත් මම හැමදාමත් කැමති උඹ ලියනවට..

    උඹ දන්නවනේ මම ඔය ඉඳලා හිටලා ලියන දේශපාලන ලිපි වගේම උඹත් ඉඳලා හිටලා ලියන දේශපාලන ලියුං ගැන අපි දෙන්නා දෙවිදියක අදහස් දරනවා කියලා..ඒ හැර අනිත් කිසිම තැනකදී අපි වෙනස් විදියට හිතන එවුන් නෙවෙයි..

    ඒත් මෙ හැම දේකටම යටින් නොකියඋන මොකක් හරි තියෙනවා කියලා මට හිතෙනවා..

    ඒ මොකක්ද කියලා දන්නේ උඹ විතරයිනේ..
    කැමතිනං ඒ මොකක්ද කියලා කෙළින්ම කියපං...නැත්තං එක එක්කෙනා තම තමන්ට ඔන විදියට හිතා ගන්නවා.
    ඒකට අපිට වැරැද්දක් කියන්න බැහැ.

    මොන මගුල උනත් කමක් නැහැ..ආයෙත් ලියන්න පටන් ගනින්...
    කියන්න දේවල් තව හුගක් තිබුනත් ඔවා කියන්න ගියහම අපි කාගෙත් හිත් රිදෙනවා..ඒ හින්දා අලල්ලා දාමු.

    @තිස්ස අයියා...

    මෙ අපේ දුකා බං අයියේ...

    ReplyDelete
  19. ඔව් බං ඔව් මාරයෝ... මේ අපේ බ්ලොග් ලියන දුකා තමා........ඒකනේන්නම් මෙහෙම් කොමෙන්ට් වලින් ලියන්නේ... පුද්ගලික දෙයක් නම් කෝල් එකක් දාල කියනවානේ බං...!!!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...