Thursday, November 11, 2010

ඔයාට තෙරෙන්නෙ නෑ මගෙ හිත...

මන් හදිස්සියෙ මැරුනොත් ඔයා මොකද කරන්නෙ...?
වෙන කෙනෙක් කසාදබදිනවා..
මෝඩයා....
ඇයි..
මගෙ හිත ඔයා ගොඩාක් පෑරුවා.....
මාව අමතක කරන්න ඔයාට පුලුවන්ද...?
කවුද කිව්වෙ ඔයාව අමතක කරනවා කියලා...
කැමතිද මන් තනිවෙනවට...
ඒකට විසදුම වෙනකෙනෙක්ව බදින එකද?
වෙන මොකද්ද...
මන්දන්නෙ නෑ.... කැමත්තක්...
එහෙනම් තරහගත්තෙ.....
ඔයාට තේරෙන්නෙ නෑ....
බඳිනව උනත් එහෙම මුණට කියනවද?
මන් හිතුවෙ ඔයා වෙනුවෙන් තව අසරණ කෙනෙක්ට ජීවිතයක් දෙන්න...
බෝධිසත්වයෙක් වෙන්නද...?
නෑ... නිකමට...
කොහොමත් අපි බැන්දත් මමයි මුලින්ම මැරෙන්නෙ.....
එ ඇයි...? මටනෙ එතකොට අඩන්න වෙන්නෙ
ඔයා මැරිල ඉන්නව බලන් ඉන්න බෑ.... පොරොන්දුවෙන්න.... ඔය අත්දෙකෙන් මගෙ අවසන් කටයුතු කරනව නේද..??
කොහොමද?..... ඔයාම කියන්න...
අම්මා එනවා....? තියන්නම් පැටියො... උම්මා
බීප්... බීප්.... බීප්....

ලියා එව්වේ - මහේෂ් හශාන්ත සිල්වා

13 comments:

  1. හි හි... මං හිතුවෙ මේ මහේෂ් රත්සර මද්දුමආරච්චි කියලා... හොඳා හොඳා මල් කැඩිල්ල...

    ReplyDelete
  2. යකඩෝ මේ බඳින්නත් කලින් ද දෙවෙනියට බඳින එක ගැන කතා කරන්නා . . හික්ස්

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. @ h :
    අනේ නෑ සහෝදරයා..මම එයා තරම් දක්ෂයෙක් නම් නෙමෙයි...

    @ දුකා :
    එහෙම තාම දුකා අයියේ මේ කලේ මොඩන් ආදරේ...
    දැන් මේ තියෙන ටෙලෙෆොන් පැකේජ් වලට පින් සිද්ද වෙන්න...
    ගොඩාක් දෙනා බදින්න කලින් මීට වැඩ දේවලුත් කරනවා නොවැ...

    ඉතින් වෙලාවක් තිබ්බොත් මගේ ඇසි පිය ටත් ඇවිත් යන්නකෝ
    http://asipiyakamahima.blogspot.com/

    ReplyDelete
  5. හි,හි මම හිතුවෙ බීච් එකක හරි පාක් එකක හරි සීන් එකක් කියල.ඔක්කොමල හදන්නෙ කලින් මැරෙන්න,අපි තනියම කට්ට කන්න.......

    ReplyDelete
  6. දැන් අම්ම ආවට පස්සේ මොකද වු‍ණේ.....දෙන්නගෙන් කවුරුවත් මැරුණේ නැද්ද?

    ReplyDelete
  7. Hikz.......කෑවා නේද අම්මගෙන් කන පැලෙන්න..............
    by the way great work macho...wishes!!!

    ReplyDelete
  8. @ dinesh :
    ඒ ගැන නම් කියල වැඩක් නෑ සහෝදරයා.... උන්ට කොහෙද ඒවගේ ගානක්....

    @ මකුළුවා :
    අම්ම අවා ෆෝන් එක තිබ්බ එච්චරයි...කතාව සීරියස් උනත් මැරෙන්න තරම් දෙයක් වෙලා නැනේ...

    @ kiriya :
    මොන පිස්සුද කිරි මල්ලියේ....
    දැන් කලේ කෙල්ලෝ අම්මලාව අන්දන්නෙ අම්මලටත් නොදැනෙන්න...
    ගොඩක් පින් සහෝදරයා උබේ වචන වලට....

    ReplyDelete
  9. Amma aawe nathnam funeral ekath plan karan nathara wenne! "porondu wenna mama maloth oya thaniyen inne naha,wena kenekwa marry karannawa kiyala" ohoma minissu kiwwata eka hithenma mean karanne na kawuruwath.... :-P

    ReplyDelete
  10. හැමදාම පෝන් එකෙන් නම් ඊලග ආත්මෙ ගැනත් ප්ලෑම් නම් ගහනව
    අන්තිමට ප්ලෑනුත් නෑ මලුත් නෑ :P

    ReplyDelete
  11. @ poppy :
    ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත සහෝදරි.....
    ආදරයක් කරනකොට අපි අනික් කෙනාගේ සතුට ගැන හිතල කොච්චරනම් හිතට එකග නැති දේවල් කියනවද....?

    @ නිසල් :
    ඕක තමයි හැමෝටම වෙන්නේ...
    තාක්ෂනය වැඩිපුර සම්බන්ද වෙලා ගොඩ නැගුනු ආදරය නිකන් ක්ෂණික නුල්ඩ්ස් වගේ නේද? මොනවා කරන්නද ඒ කියල දැන් කලේ ලියුම් ලියන්න පුලුවන්ද?

    ReplyDelete
  12. ඔබ මා හමුවන මේ ඉර හඳ යට..
    කොතැනක සිටියත් මා මල දවසට...
    මගෙ ලඟ තනියට ඉනු මැනවී...
    - කරුණාරත්න දිවුල්ගනේ -

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...