Wednesday, November 10, 2010

සන්තර්පන..

"සිරිසේන අයියට ඇත්තමයි බුදුබව අත්වෙන්න ඕනෙ" දහස්වර පෙරලූ සියක් පිටු අතරවූ මනස පැතූ අපමණ පැතුම් ගොන්න හමුවේ එයත් එකම එක් පැතුමක් විතරමයි.

"කෙල්ලෙක්ට හරියන්නෙ රතුපාට යට ඇඳුම් තමයි, කොච්චරවත් නිකම්ම ඉන්නවට වඩා නූල්පොටක් හරි ඇඟේ තියනවනම් තමයි ඒකේ කුතුහලයක් තියෙන්නෙ" ගිනිගන්න මද්දහනෙන් අනාථ වෙච්ච වැලිපොලව හරියට අවතැන් වෙච්ච කිසා ගෝතමී හූල්ලනව වගේ ඔහේ අහස දිහා බලාන ඉන්නවා.

නානාවිද වර්ණයන්ගෙන් පරිපූර්ණවූ පිටු පුරා රැඳි රාගික විප්ලවයේ නියමුවන්, පිරිපුන් ලැම දෝතින් ගෙන නග්න සිරුරු යොමා සිටි අයුරු දැකි මා වමතින් තණ්හා, රතී හා රගා ප්‍රහීණය කරත්ම,

"ආ.. පොඩිනම... බරටම කෙලෙස් නසනව වගේ... උඹලට ඕවද පිරිවෙණේ කියල දෙන්නෙ"

තාප්පෙට කෙලිය... මෙන්න ලොකු හාමුදුරුවො..!


ලියා එව්වේ - Dilan Dadevil (http://dilandadevil-poems.blogspot.com/)

17 comments:

  1. කටුක යතාර්ථ
    ඉස්තරම් මචන්

    ReplyDelete
  2. බොහෝමත්ම ස්තූතියි සහෝදරයා....

    ReplyDelete
  3. බරටම කෙලෙස් නසනව වගේ hik...hik..!
    Superb

    ReplyDelete
  4. maxa . . .
    niyaami . .
    siraawatama liayla tiyenawaa . ..
    patta

    ReplyDelete
  5. කෙලින්ම නිවනට යනවට වඩා....
    කෙලෙස් සේරම නසාගෙන යන එක....
    මොන තරම් නම් අමාරු වැඩක්ද කියල
    ලොකු හාමුදුරුවොත් දන්නවා ඇතිනේ

    ReplyDelete
  6. ධනංජය කියන චරිතය මම දැනගන්නෙ මේ වචන සීයෙන්... හාමුදුරුවොත් මිනිස්සු කියන එක දැන් හාමුදුරුවන්ටත් අමතක වෙලා.. පරිවාර පාලිය කවුරුහරි කියෙව්වොත් ඒකෙ මේකට කරන ප්‍රායෝගික වැඩ වගයක් බුදුහාමුදුරුවෝ කියලා තිබුනාලු. දැන් තියෙන්නේ මහාවීරගේ වගේ ව්‍රත රකින නිකායක් මිසක් බුද්ධ ධර්මය නෙමෙයි නියම වචන සීයක් ධනා..

    ReplyDelete
  7. නියම වචන සීයක් ලොක්කා!

    ReplyDelete
  8. මේක තමයි අර පෙන්නන ඇත්තට යටින් තියෙන යථාර්තය සමහර වෙලාවට

    ReplyDelete
  9. දස බිම්බරමාර සෙනග......
    තන්හා රති රගා සමග......
    පළවා හල වීතරාගි බුදුන් වඩිනවා.....

    ReplyDelete
  10. මේක මට හිතුන විදිහට නම් නොනිමි සසරේ ඉම සොයා පියමන් කරන්නට සැරසුණු චීවරයෙන් ලෞකිකත්වය වසාගත් මිනිසුන්ගේ ප්‍රසිද්ධියේ නොකියවෙන පුද්ගලික කථාවක්.....
    සහයෝගයට බොහෝමත්ම පින් යාලුවේ....තවත් කථාවක් සමගින් ඉක්මණින් එකතු වන්නට බලන්නම්..

    සියල්ලන්ටම ජයම වේවා...

    ReplyDelete
  11. නියමයි! මේක සාමාන්‍යයෙන් සාමාන්‍ය මනුස්සයෙක්ට නොපෙනෙන, එහෙම නැත්තං දකින්න අකමැති පැත්තක්නේ... ඒ වුණාට සරලවම මේක සාමාන්‍ය දෙයක්... ඒක ගොනු කරල තියෙන විධිය නම් සුපිරි! ලොකු හාමුදුරුවො එකපාර ලොකු වුණ කෙනෙක් වෙන්න ඇති අපේ ගොඩක් වැඩිහිටියො වගේම! ;-)

    ReplyDelete
  12. කෙලියා නේද පාත්තරේට? ඉතිං මොකේදෑ දං වලඳන්නෙ?

    හී..හී..නියමෙට ලියලා තියනවා.

    ReplyDelete
  13. නියමයි!!!!!!!
    දිගටම ලියන්න.

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...