Tuesday, November 9, 2010

හෙටත් වැස්සලු...

ඉස්සරම කාලේක මම වැස්සේ තෙමුනේ හරියට කල්ප කාලයකට වැහි වහින්නේ නෑ වගේ.
එතකොට ඒ වැස්සේ තෙමෙන්න මාත් එක්ක එකතු උනු තවත් කෙනෙක් හිටියා.

සීතලම සීතල දවස් වල උනත් අපි දෙන්නා අත් අල්ලගෙන පාර පුරා වචනයක්වත් නොකියා මේ වැස්සේම තෙමුණා.

සමහර දවස් වලට තෙමිලා ගෙදර ආවම බැනුම් අහගෙන උනත් මගේ කොණ්ඩේ වේලුවෙත් එයා.
හෙට වහිනවද කියල කලින් දවසේම weather report බලන්නේ පහුවෙනිදාට කුඩයක් අරන් යන්න.

දිගට තිබුණු කොණ්ඩෙත් කපලා දැම්මා තෙමුණොත් වේලන්න වෙයි කියලා.
අන්තිමට මට එපා උනේ ඔහු විතරක්ම නෙමෙයි. වැස්සත් මට එපා උනා.

අද වෙනකොට වැස්ස එක්ක මම තරහා වෙලා.

ඔන්න හෙටත් වහිනවා කියල news වලට කියනවා ඇහුණා.


හයියෝ....

ලියා එව්වේ - Il mondo di una povera pazza (http://burubabe.blogspot.com)

5 comments:

  1. ඉතාලි බාසාවෙන් පොර ටෝක් දුන්න එකෙක් දැන් වචන සීයේ කතා ලියන්නත් පටන් අරගෙන.. මරු මරු.. කවුරු හරි එකෙක් සිංහල බෑ කියල කිව්වොත් මම ඌට උගන්නන්න කලින් මේ පොස්ට් එක පෙන්නල ඉන්නවා. මොකද මේ ලියන්නේ අවුරුදු විස්සකින් සිංහල අකුරක් නොලියපු අතකින් නිසා..

    ReplyDelete
  2. අපෝ.....වැස්ස නම් මතක් කරන්න එපා....!!
    වැස්සත් එක්ක තියෙන ආදර සැමරුම් මතක් වෙනකොට,පිහියක්ම ලග තියා ගන්න ඕනි පපුවටම එක පාර ඇන ගන්න.
    නැත්තම් මැරී මැරීම උපදින්න එපයි....

    ReplyDelete
  3. මේ කියන සබ්ජෙක්ට් එකේදි වැස්ස කියන්නෙ මට අසුන්දර වගේම සුන්දර මතක ගේන දෙයක්! ඒ වුණාට සාපේක්ෂව මම වැස්සට කැමතියි.... අදත් පට්ට වැස්සෙ ඔෆිස් එකේ ඉඳන් කලිසමේ කකුල් දණිස්ස ගාවට නමාගෙන සපත්තු මේස් බෑග් එකක දාගෙන නිරුවත් දෙපයින් වතුර පාගමින් තමයි ගෙදර ආවේ... :D

    මේ.... තව ඔය අව්ව, සීතල, හිම, දාඩිය වගේ ඒව ගැනත් ඔය ඉන්න ගමන් ලියන්න හො‍ඳේ.....

    ReplyDelete
  4. මරු මරු... මරුම මරු!

    ReplyDelete
  5. හප්පා.. මෙහෙටත් වහිනවා හලෝ..!!! හැබැයි දවසක් පායනවා.. දවසක් වහිනවා සිස්ටම් එක තමයි මෙහේ යන්නේ..!

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...