Friday, November 5, 2010

පාපය

පාර අයිනෙ ඌ වැටිල හිටිය...
බඩෙන් පහල කොටස වාහනේකට යට වෙලා... ඇඟේ කොටස් එලියට ඇවිත්... පාරෙ පස් වලට උරාගත්තු නිල් රතු මිශ්‍ර රුධිරය එක්ක සෙවෙල් සහිත දියරය වටේ විසිරිල තිබුණ.
මගෙ මුළු ඇඟම විදුලියකින් හිරිවට්ටපු වේදනාවකින් දඟලමින් ඌ හිටියෙ.
මූට තවත් වේදනා විඳින්න දෙනවද?
නැත්තං මරල දානවද?
මූ මැරුවොත් මම මොනතරම් පාපතරයෙක් වෙයිද?
නිර්වාණයේ ධවල දොරටුව මගේ දකුණු පැත්තෙන් බැබලුණා...
යක්ෂයා වම් පැත්තෙ තිබුණ අපායේ දොර ගාව කට කොණින් හිනා වුණා...
පෝය දවස්වලට කන් පුරා ඇහෙන බුදු බණත් ඉරිදට පල්ලියෙදි කණට වක් කරන දෙව් බණත් මගේ කන් දෙක පුරා ගෝරනාඩු කලා.

ගෙම්බා අමාරුවෙන් කට අරිමින් හුස්ම ගත්තා.
අපායටම පල!
“චිරිස්”
ලියා එව්වේ - h (http://living.hartstuff.com/)

14 comments:

  1. පව්කාරයා!!!!!

    ReplyDelete
  2. උඹ කරගත්තේ පිනක් හරේ..! දුක් විඳින ඒ සතාව ඒ දුකින් මිදෙව්වට..!

    ReplyDelete
  3. බේරගන්න විදිහක් ඇත්තෙම නැත්නම්...
    අවසාන අපරාදකාරයා කියන වගකීම එක්ක ඒ අත්මයට ක්ෂණික මරණයක් ලබා දීමට හැකි වීම. අපේ ආත්මයට මොන තරම් නම් නිවනක්ද....??

    ReplyDelete
  4. කරපු දේට මාත් එකගයි.

    ReplyDelete
  5. කදිම ලිවීමක්.

    ReplyDelete
  6. යමෙක් දුක් විදිනව දැකල එ් ගැන කම්පාවීම උඔගෙ හොද ගුණයක් මචෝ.

    maahasayta.blogspot.com

    ReplyDelete
  7. අනුන්ගෙ ජිවිත වලට ''තිරන ගන්න අයිතියක් නැ''බොට'''??

    ReplyDelete
  8. නියමයි හරේ . . සුපර්බ් . . .මැක්සා . ..

    මේ වගේ ලිපි නම් අර ඊමේල් එකේ ඔටෝ රිප්ලයි එකට දාලා තියෙන දේ කියන්න පුලුවන් . .

    වචන දාහකින් කියන්න ඕන දේ වචන සීයකින් කියපු උඹට අම්බානක ස්තූතියි

    ReplyDelete
  9. ගින්දර වගේ ලියල තියේනවා එත් ගෙම්බා මැරුව එකට දුකයී...
    එත් ඌ පණ අදිනවා බලන් ඉන්න බැරි එකත් දුකයී තමයි

    ReplyDelete
  10. ගොඩක් දුකයි...
    ජීවිතෙ කලකිරෙනව... ඇත්තටම පුදුමාකාර Post එකක්...
    දිගටම ලියන්න මචන්...

    ReplyDelete
  11. ‍කට්ටියටම ස්තූතියි අදහසක් දැක්කුවට!

    මේක ඇත්තටම කරපු දේ හරි හෝ වැරදියි කීම තරම් සරල නෑ එක අතකට... මෙතනදි වෙන්නෙ ජීවිත කාලෙ පුරාම අපි ඉගෙන ගන්න මානව හිතවාදී ඉගැන්වීම් එකිනෙකට පරස්පර වීමක්... ඒ වගේ වෙලාවක අපි ගන්න තීරණයට බලපාන්නෙ මොන ඉගැන්වීමද කියන එක තීරණය කරගද්දි මූණ දෙන්න වෙන තත්ත්වය ගැනයි මේ කියවෙන්නේ...

    ගෙම්බාව පෑගීම මගේ පුද්ගලික තීරණයක්... ඒ ඇත්තටම පින් හෝ පව් ගැන මගේ පිලිගැනීමක් නැති නිසා... නමුත් වෙන කෙනෙක් තමන්ට සිද්ධවෙන මහා පාපකර්මය ගැන බියෙන් ගෙම්බාට වේදනා විඳින්න දීල එතනින් යන්න පුළුවන්....

    මට නං හිතෙන්නෙ ඔය දෙන්නම හරි! මොකද දෙන්නම ඒ දේ කරන්නෙ හොඳ චේතනාවෙන්!

    ReplyDelete
  12. සාපේක්ෂයි.. මං අපේ බල්ලාගේ ඇගේ ඉන්න මැක්කෝ මරණවා වගේ.. මැක්කා උනත් ජිවියෙක් ඌ පව්.. බල්ලත් පව්..! අනතිමේ මාත් පව්!

    ReplyDelete
  13. ඔබ හරි .. ඔබට ඒ ශක්තිය ලැබුනෙ වාසනාවට කියල හිතන්න .. ඒ දේ මම දැක්කනම් ඒ සතාගෙ දුක නැති කරන්න මමත් කරන්න හිතන්නෙ ඒකයි ..නමුත් කරන්නෙ එතනින් යන එකයි.. ඒ ඒ දේට හිතේ හයිය නැති නිසයි

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...