Wednesday, October 31, 2012

ලෝකේ හරිම අසාධාරනයි

බෑ අම්මේ ඕකව නම් අතාරින්නෙ නෑ
මටත් ඉන්නවනේ යාලුවෝ..

පුතේ මේක මෙතනින් නවත්වන්න..
උන් තිරිසන්නු, මොනවයින් මොනවද නොකරන්නේ

එතකොට පාඩුවේ පාරේ යද්දී
කතා කරල බිම දාගෙන ගහපුවාම
හරිද?

මම වරදක් කරල තියනවද උන්ට?
මේක මාර ලෝකයක්නේ.... හෙන ගහන අසාධාරනයක්නේ..

නොනවතින අම්මාගේ කියවිල්ල නොඇසෙන්නට රූපවාහිනියේ හඬ උපරිම කලෙමි.
"1994 රුවන්ඩා මානව සංහාරයදී
ඝාතනය වූ 800000ක් ගෝත්‍රික වැසියන්ගෙන්,
300000 වයස අවුරුදු 12ට අඩු අහිංසක කුඩා දරුවන්ය.
එය වැළැක්වීමට එරට පාලනය කළ බෙල්ජියම රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත්හ. තවද.........."
අම්මාගේ නොනවතින කථාවේ අවසන් වාක්‍යද සමගාමීව විකාශනය වනු මට හොඳින් කන වැකුනි.
ලෝකේ හරිම අසාධාරනයි තමයි පුතේ... වරෙන් ඔය මූනේ තැල්ම පොඩ්ඩක් උනු වතුරෙන් තවන්න.

ලියා එව්වේ - නිසල (http://nisalanirmana.blogspot.com)

6 comments:

  1. සටපික්වළයාOctober 31, 2012 at 8:12 AM

    හොඳ අදහසක්, හැමදාම වෙන්නෙ කැලෑ නීතිය රජ වෙන එක තමා වෙන්නෙ...

    ReplyDelete
  2. ලෝකෙ අනිත් මිනිස්සු වගේ නෙමෙයි
    ලංකාවෙ මිනිස්සු හරි වෙනස්
    ගහනව විතරයි මරන්නෑ

    ReplyDelete
  3. වචන ලක්ෂයක කතාවක් මෙතන තියෙනවනෙ.... අපූරුයි

    ReplyDelete
  4. අම්බානක කාලා වගේ

    ReplyDelete
  5. ලෝකෙ ඒ තරම්ම අප්සෙටුත් නෑ අම්මල හින්දා... නැත්තං මිනිස්සු සෑහෙන්න ගානක් ගහගෙනම වඳවෙලා ගිහින්...

    ReplyDelete
  6. නියමයි, සහතික ඇත්ත කතාවක්,,

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...