Monday, October 15, 2012

රේල් පීලි

රේල් පීලි දිහා හුඟ වෙලාවක් බලාගෙන හිටිය නිසා මට ඒවා පෙනුනේ බොඳ වෙලා. හරියට එකතු වෙලා වගේ. ලොකු කලබලයකින් මගේ වටේට ලෝකය කැරකුනා. කෝච්චි ආවා. ගියා. සෙනඟ ඒවාට නැග්ගා. බැස්සා. ඈත යකඩ කටකින් මොන මොනවාදෝ කිව්වා. මට කිසිම දෙයක් ඇහුනේ නැහැ. පෙනුනෙත් නැහැ. ඊට වැඩිය කලබලයක් මගේ හිත ඇතුලේ පෙරලුනා.

ඈ ආයෙත් මගේ ළඟ හිටගෙන ඉන්න බව මට ඉබේම වගේ දැනුනා. මං උන්නු බංකුව පිටිපස්සෙන්.

“ඇයි?”

මම ඔලුව නොහරවාම ඇහුවා.

“ආයෙත් සැරයක් මූණ බලන්න. අන්තිම සැරේට.” ඈ ඇහෙන නෑහෙන ගානට කිව්වා. කෝච්චියක් ඇගේ හඬ උදුරා ගත්තා.

මම රේල් පීලි දිහා බලාගෙනම හිටියා.

ඈ ටික වෙලාවකින් යන්න ගිය බව මට දැනුනා.



ලියා එව්වේ - මලිති (http://sahaspiyawara.blogspot.com.au)

5 comments:

  1. හැමදාම ලගින් හිටියත් හමුනොවෙනා....

    ReplyDelete
  2. හිත් කොහොමද ඔය තරම් නපුරු වෙන්නේ.....

    ReplyDelete
  3. අදනම් වචන හයක සේරම ටික තියෙනවා....කොයිතරම් දුකක්ද .....

    “ආයෙත් සැරයක් මූණ බලන්න. අන්තිම සැරේට.”

    ReplyDelete
  4. එච්චරටම දරුණු වෙන්න නම් ලොකු වැරද්දක් කරලා ඇති

    ReplyDelete


Related Posts Plugin for WordPress, Blogger...