විභාග ශාලාවෙන් පිටත එකම කසුකුසුවකි. තම තමන් ලියු පිළිතුරු සසඳමින්, ප්‍රතිථල අනුමාන කරමින් මිතුරු මිතුරියන් කතාබහේ යෙදෙද්දී හුදෙකලා මම තනිවම පඩිපෙල නැග ප්‍රධාන මාර්ගයට පිවිසුනෙමි. බස් නැවතුම කෙලවරක කසාවතින් සැරසුණු පැවිදි කෙනෙකි. මට පිටුපා සිටියේ මෙහෙනියක් බව හඳුනා ගැනීමට හැකිවිය.
සිතට දැනුනේ කවරාකාර හැඟිමක් දැයි සිහිකරන්නට වෙහෙසෙන නමුත් තවමත් පැහැදිලි නැත. ඇය හා කතා කාරීමේ බලවත් උවමනාවකින් දැවීගියෙමි. නමුත් මින් පෙර කිසිදාක මෙහෙනියක් හා කතා කොට නොමැත්තෙමි.
“ඔබ තුමින් විබාගෙට වාඩි උනාද?“
“ඔව්.. ඔයත් විභාගෙටද ආවේ“
“එහෙමයි“
“ලේසිද?“
“එහෙමයි, අමාරුම නැහැ පාස් වෙයි“
“ඊලඟ දවසේ ඉංග්‍රීසි මොනා කරන්නද මන්දා.. අනික්වා නම් ගොඩයයි කඩ්ඩ තමා චාටර්ම“
ඇය කියද්දි අමාරුවෙන් සිනාවක් මවාගතිමි!
ලියා එව්වේ - සුදු හංසි (http://kaveej.blogspot.com/)
:)
ReplyDeleteඅපි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්නේ ඕක :)
මහන උනාට තරුණ වචන සෙට් එක අතහරින්න බැරුව ඇති.බණ එහෙම කියද්දී කොහොමද දන්නේ නැහැ.
ReplyDeletehaffoi, man nam hariyata karanna beri nam kisima deyak karanne ne. Mahanadam rakinna ona. Bri nisai thawamath gihiyek wela inne.
ReplyDeleteMak korannada dan rata wenas wela.
හත්ඉලව්වයි
ReplyDeleteමේක කතාවක් විධියට මැවෙන්න හේතුව මෙහෙණියට කඩ්ඩ අමාරු වීමටත් වඩා ඇය ඒක කියපු විධිය වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ. මොකද අපි එහෙම කෙනෙක්ගෙන් බලාපොරොත්තු නොවෙන වාග් විලාසයක් නිසා. ඒක අවුලක් නෙවෙයි වුණාට අපි හිතන්නෙ ඒකෙ අවුලක් තියෙනව කියල...
ReplyDeleteඅපේ කාර්යාලය යටතේ හිටපු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් විශ්‍රාම ගත්තයින් පස්සෙ මහණ වුණා. අන්තිම කාලෙ එයා ඔය අත්හැරීම, තන්හාව නැති කිරීම වගේ ඒව ගැන සෑහෙන්න කියෙව්වා....
අවුරුද්දකට විතර පස්සෙ ඊයෙ පෙරේද ආවා පළවෙනි පන්තියෙ පත්වීම හදාගන්න. සිවුරත් ඇඳගෙන. ඒක එයාගෙ ගිහි කාලෙ අයිතියක් තමයි. නමුත් අපට ඒකට හිනා ගියා...
කඩ්ඩ බැරි උනොත් කන්න වෙන කට්ට කොහොමද නේද ?
ReplyDelete:)
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....
ReplyDelete