“ලොකු අය වැටුනේ නැතිවත් අඬනවද අම්මා?”
“ඇයි මගේ පුතා එහෙම ඇහුවේ?”
“අම්මා ජනේලෙන් එලිය බලාගෙන අඬනවානේ .. ඉතින් අම්මා වැටුනේ නැහැනේ ”
“අම්මා ඇඬුවේ නැහැනේ පුතා.. නිකම් වැස්ස දිහා බලාගෙන හිටියානේ”
“වහින එක ගැන අම්මාට දුකද? ඒකද අම්මා අඬන්නේ? ”
“ම්ම්.. නෑ පැටියෝ..”
“අම්මා එපා කියද්දී මම තෙමෙන්න ගිය එකටද? ඔන්න මම ආයෙත් යන්නේ නැහැ! ”
“නෑ.. නෑ!”
“එහෙනම් මගේ බෝට්ටුව ගහගෙන ගිය එකටද අම්මා අඬන්නේ? අයියෝ අපි තව එකක් හදමු!”
“....!”
“එහෙනම් අර කුරුළු පැටව් තෙමෙන එකටද අම්මාට දුක? අර අපි උදේ පාන් කෑලි දුන්නේ ...”
“ඔව්.. පුතේ, අම්මට ඒකට තමයි දුක හිතුනේ ... අම්මා ආයෙත් අඬන්නේ නැහැ හොඳේ"
ලියා එව්වේ - මලිති (http://sahaspiyawara.blogspot.com.au)
පුදුම ඇත්තක්.. දරුවෝ ගොඩක් වෙලාවට හිතනවා අම්මලා තාත්තලා දුක් වෙන්නේ එයාලා කරපු වැරදි හින්දා කියලා.. මොකද පොඩි කාලෙදි එයාලගේ මුළු ලොකෙම ඉන්නේ අම්මයි තාත්තයි විතරයිනේ... එයාලා හිතං ඉන්නෙත් අම්මටයි තාත්තටයි මුළු ලෝකෙන්ම ඉන්න එයා විතරයි කියලා....
ReplyDeleteලියන්න ගොඩක් දේවල් හිතුණත් ලියාගන්න බෑ :) මේක කියෙව්වාම මොකක්දෝ අමුත්තක් හිතට දැනෙනවා :)
ReplyDelete@ සිතමින් - මොකක් ද ලියන්නේ ???
ReplyDeleteනෝ කමෙන්ට්ස් !
ReplyDeleteහ්ම්... මව් පිය සෙනහස අමුතු දෙයක්.මෙ ලිපිය වගේ
ReplyDeleteඅම්මා අඬන්නේ කුරුළු පැටව් ගැන දුක හිතිලා තමයි. ඒත් ඒ ගහේ ඉන්න එවුන් ගැන නෙමෙයි. තමන්ගේ ම ගෙදර ඉන්න වුන් ගැන. දැන් මේ ලඟ ඉඳන් ප්‍රශ්න අහන කුරුළු පැටියාත් එයින් කෙනෙක්.
ReplyDeleteහදට දැනුණ කතාවක්..
ReplyDeleteපොඩි දෙයක් උනත් ගොඩක් හිතට දැනුනා..
ReplyDeleteජය!
ස්තුතියි හැමෝටම!
ReplyDelete