මටත් ඉන්නවනේ යාලුවෝ..
පුතේ මේක මෙතනින් නවත්වන්න..
උන් තිරිසන්නු, මොනවයින් මොනවද නොකරන්නේ
එතකොට පාඩුවේ පාරේ යද්දී
කතා කරල බිම දාගෙන ගහපුවාම
හරිද?
මම වරදක් කරල තියනවද උන්ට?
මේක මාර ලෝකයක්නේ.... හෙන ගහන අසාධාරනයක්නේ..
නොනවතින අම්මාගේ කියවිල්ල නොඇසෙන්නට රූපවාහිනියේ හඬ උපරිම කලෙමි.
"1994 රුවන්ඩා මානව සංහාරයදී
ඝාතනය වූ 800000ක් ගෝත්‍රික වැසියන්ගෙන්,
300000 වයස අවුරුදු 12ට අඩු අහිංසක කුඩා දරුවන්ය.
එය වැළැක්වීමට එරට පාලනය කළ බෙල්ජියම රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත්හ. තවද.........."
අම්මාගේ නොනවතින කථාවේ අවසන් වාක්‍යද සමගාමීව විකාශනය වනු මට හොඳින් කන වැකුනි.
ලෝකේ හරිම අසාධාරනයි තමයි පුතේ... වරෙන් ඔය මූනේ තැල්ම පොඩ්ඩක් උනු වතුරෙන් තවන්න.
ලියා එව්වේ - නිසල (http://nisalanirmana.blogspot.
හොඳ අදහසක්, හැමදාම වෙන්නෙ කැලෑ නීතිය රජ වෙන එක තමා වෙන්නෙ...
ReplyDeleteලෝකෙ අනිත් මිනිස්සු වගේ නෙමෙයි
ReplyDeleteලංකාවෙ මිනිස්සු හරි වෙනස්
ගහනව විතරයි මරන්නෑ
වචන ලක්ෂයක කතාවක් මෙතන තියෙනවනෙ.... අපූරුයි
ReplyDeleteඅම්බානක කාලා වගේ
ReplyDeleteලෝකෙ ඒ තරම්ම අප්සෙටුත් නෑ අම්මල හින්දා... නැත්තං මිනිස්සු සෑහෙන්න ගානක් ගහගෙනම වඳවෙලා ගිහින්...
ReplyDeleteනියමයි, සහතික ඇත්ත කතාවක්,,
ReplyDelete