ඈ නව විලාසිතා වලට බොහෝ සේ ඇලුම් කල තරුණියකි. දිනක් හිතවතෙකුගේ උපන්දින සාදයකට ඇරයුම් ලැබූ ඈ වේලකල් ඇතිවම ඒ සඳහා සූදානම් වූයේ ඉතා උවමනාවකිනි.. නියමිත දිනය උදාවූ කල ඈ වෙනස්ම මාදිලියේ කලු පැහැති ඇඳුමකින් සැරසී අත් සහ පයටද කලු පැහැති නිය ආලේපන ගැල්වුවාය.. වැඩි අලංකාරය පිණිස පයෙහි කලු පැහැති පටියක්ද ගැට ගැසුවාය.. පා නොවැසෙන සේ පාවහන් පැලඳූ ඈ හුන් සෙනඟ මැදින් ගමන් කර කකුලක් පිට කකුලක් දමා උජාරුවෙන් හිඳගන්නී.
"නංගී" අවටින් ඇසුන සුපුරුදු කටහඬකට ඈ සවන් යොමුවාය..
"නියපොතු කුණු වෙලා හින්දද කකුලට බාරයක් ගැටගහන් ඉන්නේ?? "
තරමක කලබලයකට පත්වූ ඈ වටපිට බැලුවාය..
වටින් පිටින් තදකර නොහැකිව පිපිරූ සිනා හඬවල් ඇසෙන්නට විය..
ලියා එව්වේ - ඉෂ්වි තෙහාරා
නියමයි
ReplyDeleteඉෂ්විට වුණ දෙයක්
ReplyDeleteඉන්ටර්නෙට් ලැබුනත් මකන්න බැරි ගොඩේ ගොන්පාට් වල අඬහැරය
ReplyDeleteආ මේ සිම්පල් කේස් එකක්... පස්සෙ කට්ටියම ඔයා අද මාරයි කියල කියන්න ඇති!
ReplyDeleteහික්ස්
ReplyDeleteහි හි.... මදැයි කොලා...
ReplyDeleteIssita una vedak needa :D huh huh haaaaaaa
ReplyDelete