පිරිමි දහසයක්ද ගැහැණු තුනහමාරක්ද සහභාගි වූ රැස්වීම අවසන් වූයේ මඳ වැස්සක් වැටෙමින් තිබියදීය.
වැස්ස. කොළඹ නවාතැන්හල් තෙමමින් ඇද හැළුණි.
අපි. පිටත මහ වැසි වසිද්දී, බත්තරමුල්ලෙහි හතර හය ප්‍රමාණයේ නාන කාමරයකින් දහදිය සෝදා හලෙමු.
“ආ...!“
මේසය මත තිබූ මාලය ගත් ඈ එය මා වෙත දිගු කලාය. කොණ්ඩ කටුවක් දත් අතර තිබියදීම.
“මොකටද....?“
“අරන් යන්න ...!“
“කොහාටද....?“
“යන හැමතැනම. පරෙස්සමට. හැබැයි මට ආපහු දෙන්න.“
“කවද්ද...?“
“ඊලඟ දවසෙ....!“
***********************************************
ඊලඟ දවස. තවත් මාස තුනයි තුන්කාලකට පසුව එළඹුණි.
මාලය. මම යලි ඇය වෙත පෑවෙමි.
ඇය. වහා පැන මාලය ගත්තාය. ආදරයෙන්. ආශාවෙන්. උනන්දුවෙන්.
“දැන් මට පුළුවනි මෙයාගෙන් අහගන්න ඔයා මං නැති අතරෙ මොකද කලේ කියල.....!“
ලියා එව්වේ - අනිල් (http://wasnthayeaga.blogspot.
අම්මෝ...මාරයිනෙ ..කොහොමද මෙහෙම සිතුවිලි ගලන්නෙ සිතකට ඈ....
ReplyDeleteඒ කියන්නෙ මාලය යවල තියෙන්නෙ මෙයා වෙන කා ලගටද යන්නෙ කියල බලන්න?....
අගෙයි! :)
ReplyDeleteමරු! නිමක් නැති සැකය, ගෑණුන්ගේ!
ReplyDeleteහුටා :D
ReplyDeleteඒකත් හොඳ අදහස..:)
ReplyDeleteනියමයි..., වෙනස් අදහසක් එත් සරලයි ගැඹුරුයි,
ReplyDeleteමාරයි.....
ReplyDeleteගැහැණියට ඔයිට වඩා මොළම කල් පනා කරන්න තිබ්බා..
ReplyDeleteඒ කිව්වෙ?...
Delete