"බ්‍රේකින් නිව්ස් ඇහුවෙ නැද්ද ? අන්න ප්ලේන් එකක් කඩං වැටිලලු"
රොහාන්... නිහඬය.
මා සිත ගැහෙන්නට පටං ගත්තේය. පාලක කුළුනේ සිටින සොයුරාට ඇමතුවෙමි.
"අද උදේ එයාබෝන් ගිය එක තමා නංගි බය වෙන්න එපා රොහාන්ට කරදරයක් නැතුව ඇති. මං හොයල බලන්නම්."
රොහාන්... දුරකතනයත් නිහඬය.
"මීට සුළු මොහොතකට පෙර සිදු වූ ගුවන් අනතුරින් යානයේ සිටි සියළුම හමුදා නිලධාරීන් ජීවිතක්ෂයට පත් වී ඇති බව.... "
මා අවට ලෝකයම මා වටා භ්‍රමණය වේ. මම මහ හඬින් කෑ ගැසුවෙමි.
"රොහාන්........"
සියොළඟම සීතලය. දහඩියෙන් පෙඟී ඇත. වෙවුලන දෑතින් ගැහෙමින් දුරකතනය ගෙන මා ඔහු ඇමතීමි.
"රොහාන්......"
"ඇයි රත්තරන් මේ...? පාන්දර දෙකයි. ඔයා නරක හීනයක් දැක්කද මගෙ සුදූ මැණික????"
ලියා එව්වේ - සංජු (http://sanjuishere.blogspot.com/)
අපේ රටේ බිරින්දෑවරු කී දෙනෙක්, මවුවරු කී දෙනෙක් මේ දුක් ගින්න විඳින්න ඇත්ද?
ReplyDeleteඉස්සර ඉතිං තාත්තා වැඩට ගිහින් එනකං, අපි ඉස්කෝලේ ගිහින් එනකම් මේ වගේ තමා....
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්..
ReplyDeleteහොද වෙලාවට හීනයක් උනේ
ReplyDeleteආදරේ වැඩි කමට
ReplyDeleteහිත හදා ගන්න ලියපු ලියමනක්. අනේ මෙහෙම උනා නම්...! රොහාන් ඇත්තටම ආපහු ආවෙ සීල් කරපු පෙට්ටියක. ඒ හීනයක් නොවුනු ඇත්ත කතාව.
ReplyDeleteස්තූතියි කමෙන්ට්ස් වලට